රනිල් අගමැති වෙන්න ගහපු ගැටේ මොළකරු

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
රනිල් අගමැති වෙන්න ගහපු ගැටේ මොළකරු

Source http://www.lankagossipgirlnewslk.com/2015/01/bogollagamas-help-for-ranil.html gossip lanka


ජනපතිවරණය නිමා වී ප්‍රතිඵල නිකුත්වී අවසන් වූ ඉකුත් ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරසේන මහතාට ජනපති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස දිවුරුම්දීමේ හැකියාවක් නොවුනි.

ඒ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අගමැති දි.මු. ජයරත්න ඒ වන විට ඉල්ලා අස්වී නොතිබුණ නිසාය.

කෙසේවවුද අලුත් ජනපතිවරයෙක් පත්වූ විට අදාල ධූරයට තමා කැමැති අයෙකු පත් කිරීමට හැකියාවක් ව්‍යාස්ථාවේ වේ.

එහෙත් ඊට පෙර ඉන්නා අගමැති ඉවත් කළයුතුය.

මෙවැනි තත්ත්වයක් තිබියදී හිටපු විදෙස් අමාත්‍යවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා සොයා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටුම සගයෙක් වන සරත් අමරකෝන් මහතා ඔහුගේ නිවසට ගොස් තිබේ.

රනිල්, සිය කිට්ටුවන්තම සගයෙක් බෝගොල්ලාගම හමුවීමට යවන්නේ රාජපක්ෂ පරාජය කිරීමේ වෑයමේ ඔහුත් නිහඞ හවුල් කරුවෙකු නිසාය.

එසේ පැමිණෙන අමරකෝන් රෝහිතට කියා සිටින්නේ දිමූ ඉවත් වනවාද නැද්ද යන්න දැනගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසා රනිල්ට අගමැති ලෙස දිවුරුම්දීමට නොහැකිවී ඇති බවයි.

මේ කතාවත් සමඟ දුර බැහැරකට ගොස් සිටි දිමූ රෝහිත විසින් දුරකථනයෙන් සම්බන්ධ කර ගනී.

කෙසේවවුද ඔහු අගමැති කමින් ඉවත්වන්නට නම් පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා ඔවුන්ගේ තීරණය දැනගත යුත් බව ඒ අවස්ථාවේ රෝහිතට පවසා තිබේ.

පසුව, රෝහිත රනිල්ගේ කිටුට්වන්තයා වන සරත්ට පවසා ඇත්තේ දැන් කළ යුත් වන්නේ ජනපතිවරයාගෙන් හිටපු අගමැති ඉවත් කිරීමේ ලිපිය හා අලුත් අගමැති පත් කිරීමේ ලිපිය ලබා ගැනීම බවයි.

ඒ උපදේසයට අනුව රනිල්, මෛත්‍රීට මේ පණිවුඩය යවා තිබේ.

එහෙත් ජනවාරි 09 වැනිදා කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී 6.21කට යෙදී තිබූ නැකතින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙන බව රනිල්ද දැන නොසිටි බව පැවසේ.

කෙසේවුවද බෝගොල්ලාගමගේ උපදේශයට අනුව ජනාධිපති ලේකම්වරයා අදාල ලිපි දෙකම සකස්කර සූදානම්කර තිබී ඇත.

ඒ අනුව රනිල් 17 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.