රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    August 9, 2020 at 10:00 am | lanka C news

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.


    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ.


    ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවයි.


    කෙසේ නමුත් නව නායකයෙකු එක්සත් ජාතික පක්ෂ සඳහා පත් කර ගන්නා තෙක් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වයේ රැඳී සිටින ලෙස ද එහිදී ඔවුන් එකඟතාවයකට පැමිණ ඇත.
    ------ Post added on Aug 29, 2022 at 11:44 PM