රනිල් ගැන කතා දෙකක්

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    රනිල් ගැන කතා දෙකක්

    ලන්කාවේ බ්ලොග් පටන් ගත්තු මුල කාලේ ටැබූ සබ්ජෙක්ට්ස් කියල බ්ලොග් එකක් පට්ට විදිහට ෆේමස් උනා උබල සමහරුන්ට මතක ඇති. පස්සේ 2012 කාලෙ විතර හෙන සිද්දියක් වෙල මේ බ්ලොග් එක බෑන් උනා. මේ තියෙන්නෙ ඒකෙ රනිල් ගැන ලියපු ලිපියක් 2009 මැයි මාසේ

    (මම මොහුගේ සමහර මත වලට එකග වනවා වගේම සමහර මතවලට එකග නොවෙමි. මෙය හුදෙක් කියවීම සදහා රීපොස්ට් කලා පමනය.)

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    රනිල්ගේ ගැටවරාදරය ලුහුබැඳීම | Chasing Ranil’s boy love

    Posted by Taboo on March 20, 2009

    සදාකාලික නොවන ලෝකයේ සදාකාලික එකම ප්‍රපංචය රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය පමණක් විය හැකිය. මා කලින් පෙන්නා දුන් පරිදි මීට ඔහුගේ ගැටවරාදරය (boy love) ඓන්ද්‍රීයව සම්බන්ධය. මේ වන විට, පෙරේදාත් ඇතුළුව, විසි තිස් වතාවක් රනිල් පක්ෂ නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කොට ඇත. ඔහු මේ තීරණය ක්‍රියාත්මක නොකරන්නේ හේතුවක් ඇතිවය. වැහැරී ගිය, තට්ටය පෑදෙන්නට ඉතා ආසන්න, බඩ නෙරා ආ, තම මහළු ශරීර කූඩුවට හැඩකාර ගැටවුන් ආකර්ශනය කරගත හැකි එකම සාධකය ‘බලය’ පමණක් බව ඔහු දනී. ඒ එකම තුරුම්පුව නැති කර ගැනීමට ඔහු සූදානම් නැත. මේ නිසා ‘ගැට ලව’ ශ්‍රී ලංකා දේශපාලනයෙහි තීරණාත්මක ෆිනෝමිනාවක් වන්නේය.

    මේ ගැඹුරු විශ්ලේෂණයක් නොවේ. අතුරු ඕපාදූප කතාවකි. ගොසිපයට අකැමැත්තෝ කමත්වා! නොකියවත්වා!

    වසර හය හතකට ඉහතදී, මේ බ්ලොග් කරුගේ විෂය පථයට (එවකට රටේ අග්‍රාමාත්‍යවරයා වූ) රනිල් වික්‍රමසිංහ අවතීර්ණ වන්නේ අහම්බෙනි. එසේම දේශපාලනික නොවන හේතුවක් නිසාය. මෙහි පුදුමයකුත් නැත. රටේ දේශපාලනයෙහි කෙසේ වෙතත් සරසවි දේශපාලනයෙහි යූ. එන්. පිය සමසමාජ කොමියුනිස්ට් ධාරා සේම අවැදගත් සාධකයකි. සරසවියේදී ‘අලයකු’ වන ලේඛකයාගේ පොදු සතුරා එජාපය නොව ජෙප්පන්ය. මේ නිසා රනිල් ඔහුට දේශපාලනිකව විෂය නොවීමේ අරුමයක් නොවෙයි.

    එක් දේශපාලන සත්වයකුට තවත් දේශපාලන සත්වයකු අදේශපාලනිකව විෂය වීමේ දුර්ලභ හා දීර්ඝ කතාවේ සාරාංශය මේය.

    බ්ලොග්කරුගේ කිට්ටු බැචෙක් සමරිසියෙකි. (gay) ඔහු තමන්ට වසර දහයක් පමණ වයසින් වැඩි, ගුවන් සේවයක CSD කෙනකු පිළිබඳව සිත් පහළ කරගෙන සිටී. Cabin Service Director හෙවත් CSD යනු ඒ පරිසරයෙහි ඉහළ මට්ටමේ පදවියකි. මෙවැන්නන් නාඹර ගැටවුන්, විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුන්, දැළේ දාගන්නේ දීර්ඝකාලීන බලාපොරොත්තු ඇතිව නොවේ. තාවකාලික සොමියටය. කොළඹට සේම සමරිසි සම්බන්ධතා වලටද අළුත් මා බැචා මේ සම්බන්ධය සිරාවට ගනී. ඔහුට එය ඉතාම ගැඹුරු, පෙම්කවි ලියැවෙන මට්ටමේ ආදරයකි. දිවගොස් ඇත්තේ මිරිඟුවක් පසුපස යැයි වටහා ගන්නා විට ඔහු ප්‍රමාද වී වැඩිය. කඳුළු වලින් සෝදාහළ නොහැකි තරමේ දැඩි වේදනාව ඊළඟට පරිවර්තනය වන්නේ වෛරයටය. ඒ තම පැරණි මිතුරා පමණක් නොව ඔහු දන්නා කියන හැම දෙනාම සුන්නද්දූලි කර දමන තරමේ වෛරයකටය. රනිල්ගේ කරුමයකට මේ CSD ඔහුගේ මිතුරෙකි; අඩු තරමින් CSD එසේ කියා ඇත. තමාට ආදරය අහිමි වූයේ රනිල් නිසාය යන මෝඩ අතාර්කික නිගමනයට මා බැචා පොළඹවන්නේ සමහරවිට කිසිදා නොතියෙන්නටත් හොඳටම ඉඩ ඇති මේ සම්බන්ධකම ගැන ඇසූ සඳහනය.

    සරසවි ශිෂ්‍යයකුට රටේ අගමැතිවරයාට එරෙහිව කළ හැකි කෙංගෙඩියක් නැත. එහෙත් තරුණ මදය නිහඬව පරාජය බාර ගැනීමට ඔහුට ඉඩ දෙන්නේද නැත. ඔහුගේ මානසිකත්වය තම දරුවන් උදුරා ගැනීම නිසා මුහුද සිඳන්නට ගිය ලේනියගේ මානසිකත්වයට සමාන වේ. පසුව ප්‍රයෝජනයට ගැනීමේ අදහස ඇතිව රනිල්ගේ පුද්ගලික ජීවිතය පිළිබඳ හැම කුණුකන්දලක්ම එකතු කිරීම ඔහුගේ ජීවිත අරමුණ (mission) වන අතර අතිශය සංවේදී මිතුරකුගේ දුක බෙදා ගැනීමට යන ලේඛකයාද මේ නිශ්ඵල ව්‍යායාමයේ කොටස් කරුවෙක් වන්නේය. (අනුන්ගේ දුක් බෙදා හදා ගැනීමට ඉදිරිපත් වීම මේ බ්ලොග් කරු සරසවියේ සිටිද්දී තිබුණු දුර්වල පුරුද්දකි. මේ පුරුද්ද නිසා ඔහු තමන්ට බොහෝ දේ අහිමි කරගෙන ඇත.)

    තථ්‍ය හා සයිබර් සමරිසි කව තුළ මේ තොරතුරු සොයා ගැනීමේ අපහසුවක් නැත. අවශ්‍ය වන්නේ kaputa.com බඳු චැට් රූම් වල ගත කරන්නට කාලයක් හා ඉවසීමක් තිබීමය. එකම අපහසුව කරුණු තහවුරු කරගැනීමය.

    පසුකලෙක දෙදෙනාම මේ නිරර්ථක උත්සාහය අත හරිති. එහෙත් ඒ ඇතිතරම් තොරතුරු සොයා ගත්තායින් පසුවය. මේ කිසිවක් බ්ලොග් එක තුළින් ඉදිරිපත් කරන්නට ලේඛකයාගේ අදහසක් නැත. බයට නොවේ. (රනිල්ට බය වන්නට කිසිම හේතුවක් නැත. ඔහු පුද්ගලයකු හැටියට මේ වන විට සෝමවංශ අමරසිංහටත් වඩා දුර්වලයෙකි.) වෙනත් හේතු දෙකක් නිසාය. එකක්, ඒ වැඩි හරියක් තහවුරු නොකළ ඕපාදූප වලට වඩා වැඩි වටිනාකමක් නැති දේය. අනෙක ඒ කෙනකුගේ පෞද්ගලික ජීවිතයයි. රනිල් අපේ අයිතීන් ගැන නොසිතුවත් අප රනිල්ගේ අයිතීන් වලට ගරු කළ යුතු බැව් ලේඛකයාගේ මතයයි.

    එහෙත් ඔහු එදා රනිල් ගැන ඇසූ කතා හා අද අසන කතාවල ඇති සමාන්තරතාවය පුදුම සහගතය.

    මේ ළඟදී ඇසූ කතාවකි.

    මාස කිහිපයකට පෙර වයඹ පළාත් මැතිවරණ සමයෙහි ජොන්ස්ටන් ප්‍රනාන්දු කුරුණෑගල නගර මධ්‍යයෙහි මහා රැලියක් සංවිධානය කරයි. ප්‍රධාන කථිකයා පක්ෂ නායක රනිල්ය. ඔහු වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ අතර මඟදී හවස් වරුවේය. ඉදිරි පෙළෙහි තමා දෙපස සිටින ජොන්ස්ටන් ඇතුළු නායකයන් සමඟ වචනයක් වත් හුවමාරු කර නොගන්නා ඔහුගේ ඇසට විෂය වන්නේ දෙවන පේළියේ සිටින අකිල විරාජ් කාරියවසම්ය.

    “අකීකීකීලලල, ඔයා ලන්ච් ගත්තද අනේ?” මේ රටේ ජනාධිපති වන්නට පෙරුම් පුරන නායකයකුගේ අයිසිං ස්වරයකින් පිටවන ළයාන්විත වචනය. (ඕනෑම මොහොතක ‘ගැටලව්’ මෝඩ් එකට පිවිසීමට රනිල්ට අපූරු හැකියාවක් ඇත. එහිදී ඔහුගේ සාමාන්‍ය චර්යාවන් සිතාගත නොහැකි ලෙසින් වෙනස් වීඅමුතුම සෞම්‍ය මිනිසකු උපදින්නේය.)

    “මේ හු…..ට මේක ඔර්ගනයිස් කරපු අපි ඉන්නවද මළාද නෑ, අරූ කාලද නැත්ද කියන එක තමා තමයි වැදගත්!” මේ ජොන්ස්ටන් මිතුරන්ට පසුව කීවායැයි කියන වචනය.

    අනෙක් ඕපාදූප පසුවට ඉතිරි කර ගනිමු. මොන ජංජාල කළත් මේ සම්ම ජාතියකට රනිල් පදවිය දමා නොයතැයි සිතන නිසා ඊට ඕනෑ තරම් කල් ඇත්තේය. මේ කතා බොරු නම් කමෙන්ට් දමා නිවැරදි කරන්නට ඕනෑම කෙනෙකුට අවසර ඇත.







    wlx3bs.jpg


    "පියාණෙනි, රනිල් නම් පව්කාරයාගේ පව් සමා කළ මැනව | Father, please forgive the sinner Ranil"

    Posted by Taboo on May 27, 2009


    රනිල් වික්‍රමසිංහ ගැන පහුගිය ටිකේ ලේඛකයාට සම්පූර්ණයෙන් අමතකව ගොස් තිබුණේය. රටේ වැඩි දෙනකුගේ සේම ඔහුගේද අවධානය යොමුව තිබුණේ අපේ මහ රජ්ජුරුවන් වහන්සේ හා පිරබාහරන් වෙතය. හදිසියේ රනිල් ගැන මතක් වූයේ ඔහු හොරෙන්ම සාමාන්‍ය මඟියකු සේ ගුවන්තොටට පැමිණ පෑළ දොරින් නික්ම ගිය ආරංචිය ඇසූ පසුය. ඉස්සරහ දොරින් ගියා නම් ශරීර සෞඛ්‍යයට බරපතළ හානි වන්නටද ඉඩ නොතිබුනාම නොවේ. මර්වින් සිල්වා රනිල් වෙනුවෙන් පෑලියගොඩ විශේෂ ‘පිළි ගැනීමේ උත්සවයක්’ සංවිධානය කර තිබුණු බවත් ආරංචි විය. නිර්භීතයකු වී පහර කෑමට වඩා බියසුල්ලකු සේ ඇඟ බේරා ගැනීමට කැමති රනිල් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඇත. (ඉහත දක්වා ඇති ‘කේලමා පල!’ පෝස්ටරය දුටුවේ සටහන ලිවීම පටන් ගත්තායින් පසුවය.)

    රනිල් විස්තර කිරීම සඳහා එක වචනයක් යෝජනා කරන්නැයි කිව්වොත් ලේඛකයාගේ කටට එන්නේම ‘පව්කාරයා’ (Sinner) යන්නය. ‘ගොබ්බයා’ යන්න දෙවැනි තේරීමය. මීට වඩා හොඳ වචන ඔහුගේ සන්නිවේදන උපදේශක යැයි කියනු ලබන සමන් අතාවුදහෙට්ටිට වත් සිතා ගත නොහැකි වනු ඇතැයි සිතමි.

    රනිල් මේ අවාසනවන්ත ඉරණමට ගොදුරු විය යුතු පුද්ගලයකු නොවේ. පවුල් පසුබිම දේශපාලනයට අත්‍යාවශ්‍ය සාධකයක් වන රටක ඔහු තරම් හොඳින් ඒ සුදුසුකම සම්පූර්ණ කළ අන් කිසිවකුත් නැත. රනිල්ට ඇත්තේ වෙනත් බොහෝ දේශපාලඥයින්ට, වෙනෙකක් තියා අප මහ රජ්ජුරුවන් වහන්සේට පවා ඊර්ෂ්‍යා හිතෙන ආකාරයේ බලගතු පවුල් පසුබිමකි. එබඳු පවුල් පසුබිමක් ඇතිව ශ්‍රී ලාංකීය දේශපාලනයේ ‘පොරක්’ වීමට බැරි නම් ඒ ඉතාම බෙලහීන, මෝඩ පුද්ගලයකුට විය හැකිය. රනිල් යනු එවන් මැට්ටෙකි. බලාගෙන යනකොට අනුර බණ්ඩාරනායක හොඳය.

    අද අප මහ රජ්ජුරුවන් වහන්සේ ආඩම්බරයෙන් ඔසවාගෙන යන ජාතික කොඩිය පවා අපට ලැබුණේ රනිල්ගේ සීයා වූ ඩී. ආර්. විජේවර්ධන නිසාය. ඊ. ඩබ්ලිව්. පෙරේරාට එංගලන්තයට ගොස් ‘සිංහ කොඩිය’ ලෙසින් අප දන්නා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය කොඩිය සොයා ගෙන එන්නට ගමන් වියදම් දෙන්නේද එසේ සොයාගෙන ආ සිංහ කොඩිය ඔප කරදාසියේ මුද්‍රණය කොට, කන්ද උඩරට රාජධානිය බිඳවැටී සියවසක් ගතවූ තැන තම දිනමිණ පත්‍රය සමඟ නොමිළයේ බෙදා හැර එය ජනතාව අතර ප්‍රචලිත කරන්නේද මේ ඩී. ආර්. විජේවර්ධන ‘දේශප්‍රේමියාය’. ඩී. ආර්. විජේවර්ධන ශ්‍රී ලංකාවට හිරු නොබසින අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීමට කළ මෙහෙය එතෙකින් සීමා වන්නේ නැත. පේරාදෙණිය සරසවියේ එක් ශාලාවක් ‘විජේවර්ධන ශාලාව’ ලෙස නම් කොට ඇත්තේ ඒ උදාර මෙහෙවරට කෘතගුණ පුදනු සඳහා බව දන්නෝ ටික දෙනෙකි.

    මව් පාර්ශවයෙන් එසේ වන කළ රනිල්ගේ පිය පාර්ශවයේ සීයා සුද්දන් සමඟ උරෙනුර ගැටී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පළමු සිංහල දිසාපති තැන වන්නේය. අනුරාධපුර දිසාපති හැටියට ඔහු දැයට අනුපමේය මෙහෙයක් ඉටු කරයි. දිස්ත්‍රික්කයේ කුඩා වැව් රාශියක් එළි පෙහෙළි වී ගොවීන්ට දියවර සැපයෙන්නේ සී. බී. වික්‍රමසිංහ දිසාපතිතුමන්ගේ පරිශ්‍රමයෙනි. මේ අපේ මහ රජ්ජුරුවන් වහන්සේගේ නූගත් සීයලා කුඹුරක් හේනක් කොටා ගෙන, බැද්දේගම සිළිඳුට නොවෙනස් ජීවිත ගත කරමින් ඉන්නා කාලයේමය.

    උභය කුල පාරිශුද්ධ රනිල්ගේ පියා ඔහුට හාත්පසින්ම වෙනස් චරිතයකි. මා එසේ කියන්නේ ඔහු ගැහැණු සොඬකු ලෙස චිර ප්‍රසිද්ධියක් උසුළන නිසාම නොවේ. එස්මන්ඩ් වික්‍රමසිංහ කූශාග්‍ර බුද්ධිමතෙකි. දේශපාලනය නොකර ආණ්ඩුවක් පෙරළු කපටි මොළයක උරුමක්කාරයෙකි. ලේක් හවුසිය වැනි දැවැන්ත ව්‍යාපාරයක් ලාභ උපදවමින්ම තමන්ගේ පන්තියේ දේශපාලන අවශ්‍යතා උදෙසා සූක්ෂ්ම ලෙස භාවිතා කිරීමට තරම් දක්ෂ පරිපාලකයෙකි. රනිල්ගේ මව නාලිනී වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය හා කලාව පිළිබඳ විසුරක (encyclopedia) තරම් දැනුමැති, වචනයේ පරිසමාප්තියෙන්ම සිංහල බෞද්ධ කාන්තාවකි.

    මෙවන් පරම්පරාවක, මෙවන් දෙමාපිය යුවළකට දාව රනිල් නම් අසංස්කෘතික මෝඩ සත්වයකුට උපත ලැබිය හැකි යැයි කවරකුට නම් සිතිය හැක්කේද?

    පුදුමය නම් එවැන්නකු බිහිවීමය. එසේ බිහිවූ ජීවියාගේ ඍණාත්මක ලක්ෂණ රාජකීය විද්‍යාලයේදී කෙසේවෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය තුළදී වත් අහෝසි නොවීමය. (කොළඹ විශ්වවිද්‍යාලය දුර්වලයන් ප්‍රබලයින් බවට පරිවර්තනය කරන යන්ත්‍රයක් බව මින් අදහස් නොවන්නා සේම රනිල්ගේ ප්‍රකට ලිංගික නම්නීකරණය ඔහුගේ දුර්වලතාවයක් සේද නොසැලකේ.)

    රනිල්ගේ දුර්වලතාවය ඉතාම මෝඩ ලෙස එක්තරා පංතියක්, කුලකයක් වෙනුවෙන් පෙනී සිටීමය. සියයට හැත්තෑවක් හෝ වැඩි පිරිස සිංහල බෞද්ධ වන, දියුණු වෙමින් පවත්නා ආසියාතික රටක සිංහල බෞද්ධ සංස්කෘතිය (ආධිපත්‍යය?) නොපිළිගන්නා, ධනවතුන් හා මධ්‍යම පාංතිකයන් සුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටින, දේශපාලන නායකත්වයකට පැවැත්මක් නැති බව තේරුම් ගැනීමට කිසිම දේශපාලන දැනුමක් අවශ්‍ය නොවේ. ඒ සඳහා අවශ්‍ය අංක ගණිතමය දැනුමක් පමණි. ඒ දැනුම ඇතිනම් රනිල් එක්කෝ තමන් වෙනස් විය යුතුය; නැතිනම් දේශපාලනයෙන් ඉවත් විය යුතුය. මේ දෙකින් එකක් වත් නොකිරීමෙන්ම ඔහු මේ රටේ දේශපාලන නායකත්වය දැරීමට නොසුදුස්සකු බවට පත්වේ.

    කොටින් කිව්වොත් ශ්‍රී ලංකාවේ ඇමති ධුරයක් තරම් වත් දිනා ගැනීමට බලාපොරොත්තුවන දේශපාලකයකුට වෙළක මීහරකකු සිවුරක් පොරවාගෙන සිටිනවා දැක්කත් සිරික්කිය දමා, දෙකට තුනට නැමී ඌට වැඳ “කොහොමද අපෙ හාංදුරුවනේ, බෑරක් වැඩියයි, තණකොළ වැළඳුවැයි?” යි අසන්නට පුළුවන්කම තිබිය යුතුය. (ඉස්ලාම් භක්තිකයකු වන ෆවුසි අමාත්‍ය තුමාගේ කාමරයේ පවා දිනපතා මල් පුදන බුදු කුටියක් තිබේ.) අප්‍රසිද්ධියේ මොනවා කළත්, ප්‍රසිද්ධියේ ‘පොදු හතූරා’ වන ලෝක බැංකුවට, පර සුද්දාට, සෑබෑ ලෝකයේ හමු නොවන අන්‍යාගමික මිෂනාරිවරුන්ට එරෙහිව ගිරිය කඩාගෙන කෑගසන්නට පුළුවන්කම තිබිය යුතුය. ජාතික චින්තනය ගැන පොර ටෝක් දෙන්නට පුළුවන්කම තිබිය යුතුය. පන්සල් ගානේ මල්වට්ටි ඔසවාගෙන යායුතුය. (වැඩි අමාරුවක් නැති නිසා රනිල් මෙය නම් එක්තරා දුරකට කරයි.) ඉඳහිට චණ්ඩිපාට් එකක් දාන්නට, හා අවශ්‍ය වෙතොත් ‘ජනතාව වෙනුවෙන්’ හිරේ යන්නටද පුළුවන්කම තිබිය යුතුය. මේවා නිවැරදි යැයි මින් කිසිසේත් අදහස් නොකෙරේ. එහෙත් මේවා කරන්නට බැරි කෙනකු, දේශපාලකයින්ට වඩා ආත්මාර්ථකාමී, මෝඩ, අඳබාල, ජඩ ඡන්ද දායකයින් පිරිසක් ඉන්නා අපේ රටෙ අපේ රටේ නායකත්වය නොපැතිය යුතුය. මේවා නොකර තමන් රටේ ජනාධිපති වේයැයි රනිල් සිතන්නේ නම් ඒ තරම් ගොංකමක් තවත් නැත.

    තමා නියෝජනය කරන්නේ යැයි ඔහු සිතන මෙරට ක්‍රිස්තියානි ඇංග්ලිකන් ධනපති පන්තියවත් අද රනිල් පසුපස නොවේ. ඔවුන් ඉන්නේද මහ රජ්ජුරුවන් වටාය. රනිල්ට තවමත් චන්ද වැටෙන්නේ නම් ඒ මොවුන්ගෙන් නොව ‘කැපුවත් කොළපාට’, යූ. එන්. පීයෙන් තමන්ගේ මාපියන් මැරුවත් වෙන පක්ෂයකට ඡන්දය දීමට හිත හදා ගත නොහැකි මෝඩ යූ. එන්. පී කාරයින්ගෙන්ය.

    මොළයට අමතරව රනිල්ට නැති තවත් එක් අංගයක් නම් ඉවය. ලාංකීය දේශපාලනයේ ගමන් මඟ ගැන යාන්තම් හෝ ඉවක් ඇත්තෙකු පසුගිය සතියේ එරික් සෝල්හයිම් හමුවන්නට යන්නේ නැත. එරික් සෝල්හයිම් දැන් කොලේ ඉරාගෙන ශ්‍රී ලාංකීය දේශපාලනයෙන් සම්පූර්ණව පරිබාහිරින් වෙසෙන්නා වූ චරිතයකි. ඒකාට කළ හැකි කෙංගෙඩියක්ද නැත. ඒකා හමුවුනාය කියා අඩු තරමින් දෙමළ ප්‍රජාවගෙන්වත් රනිල්ට ලකුණු වැටෙන්නේ නැත. මේ තරම් ගොං කමක් කරන්නේ නම් අපට නිගමනය කළ හැකි වන්නේ මේකාට රටේ ජනාධිපතිකම තියා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමක් වත් භාර නොදිය යුතු බවය.

    අපේ ජනතාවට අවශ්‍ය බරක් ඔබාමාලා නොව මහ රජවරුන්ය. මහ අදිකාරම්වරුන්ය. එසේ වන්නට නොහැකි වුන් දේශපාලනය කිරීම උන්ගේත් අපගේත් කාලය නාස්ති කිරීමකි.

    අද හෙටම පාක්ෂිකයන්ගෙන්ම බඩ පිරෙන්නට ගුටි කා මෙය අවබෝධ කර ගැනීමට පෙර බුද්ධිය පහළ වී දේශපාලනයෙන් ඉවත් වන්නේ නම්, එය රනිල්ගේ සේම රටේද පොදු යහපතට හේතු වනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    ජාතයේ කරැමයට පහල වුන එකෙක් තාමා...

    හා හා රනාට බනින්න එපා...
    හිරිකොතේ හිටපු නිල විදග්ධ පුක් ශෝධක ( @rangana26 )ට කේන්ති යයි.
    ------ Post added on Aug 21, 2021 at 3:48 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    උබල මේ කතාව අහල නැද්ද? රනිල්ගේ වත්තෙ කෙසෙල් කැනක් බාන්න ගහ කැපුවම කපපු එකාට බැනල ගහ කැපුවම ආයෙත් කොහොමද කැනක් හැදෙන්නෙ කියපු???. 🤣🤣🤣
     
    • Like
    Reactions: Rochel

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දෙන්නම අවුල් රනිලා සජියට වඩා පොඩ්ඩක් හොඳයි, අඩුම තරමේ වැස්සේ යද්දී අතේ තියෙන කුඩේ දිග අරින්න ඕනේ කියලා හරි තේරෙනවනේ, ඒකම මදෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    උබල මේ කතාව අහල නැද්ද? රනිල්ගේ වත්තෙ කෙසෙල් කැනක් බාන්න ගහ කැපුවම කපපු එකාට බැනල ගහ කැපුවම ආයෙත් කොහොමද කැනක් හැදෙන්නෙ කියපු???. 🤣🤣🤣
    azc6a.jpg
     
    • Haha
    Reactions: Honey Bunch