රනිල් ගොඩ මෛත්‍රී යට

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    රනිල් ගොඩ මෛත්‍රී යට

    රනිල් ගොඩ මෛත්‍රී යට

    විජේදාස ඇමතිකම්වලින් ඉවත් කරලා. ඉවත් කෙරුණේ මෛත්‍රිපාල විසින් ජනාධිපති ලෙස. මෛත්‍රිපාලට විජේදාස ඉවත් කිරීමට අවශ්‍ය වුණා ද? විජේදාසට බුද්ධ ශාසන ඇමතිකමත් නැහැ. විජේදාස ඉවත් කරන්න ඕන වුණෙ අධිකරණ ඇමතිකමෙන් විතරයි. ඒත් එහෙම කළා නම් එ ජා ප අවශ්‍යතාව හෙළිදරවු වෙනවා. ඒ නිසා බුද්ධ ශාසන ඇමතිකමෙනුත් ඉවත් කෙරුණා. මා කැමති නැහැ හාමුදුරුවරුන් විජේදාස වෙනුවෙන් දැක් වූ උනන්දුව ගැන කිසිවක් කියන්න. ඒත් සිංහල බෞද්ධයාගේ තත්වය නම් එන්න එන්න පිරිහෙනවා. ඒ විජේදාස බුද්ධ ශාසන ඇමතිකමෙන් ඉවත් කළ නිසා නො වෙයි. කලකට පෙර විජේදාසට මේ රට සිංහල බෞද්ධ රටක් වුණේ නැහැ. විජේදාස සංධානයට එරෙහිව එ ජා පෙරමුණෙන් තරග වැදුණා. ඔහු අදටත් එ ජා ප සාමාජිකයෙක්. එ ජා ප සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක්. ඩී එස් සේනානායක ඒ පක්‍ෂය පිහිටෙව්වෙ සිංහල බෞද්ධ විරෝධී ඊනියා එක්සත් වූ ජාතික පක්‍ෂයක් ලෙස. ඒ නමේ ම සංධීය (ෆෙඩරල්) ගතියක් තියෙනවා. ඩී එසේ ගොවි ජනපද පිහිටුවපු බව ඇත්ත. ඒත් ඒ සිංහල පක්‍ෂපාතීත්වයකින් නො වෙයි. ජනපද පිහිටුවීමෙන් දෙමළ ජාතිවාදීන්ට රජ රටෙන් මෙහාට එන්න බැරි වුණයි කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් පසු කාලයක ඉරණමඩු ජනපද සඳහාවත් දෙමළ ජනයා අයදුම් කෙළේ නැහැ. ඔවුන්ට ඉරණමඩුවත් ආගන්තුකයි. ඩී එස්ගේ රජරට ජනපද පිහිටුවීම අවසානයේ දී සිංහලයන්ට යහපත් ප්‍රතිඵල ගෙන දුන් බව ඇත්තයි. එහෙත් ජනපද පිහිටුවීමේ අරමුණ සිංහල පක්‍ෂපාතීත්වයක් සමග බැඳී නැහැ.

    විජේදාස ඉවත් කිරීමට එ ජා ප මෙතරම් උනන්දුවක් දැක්වූයේ ඇයි? ඔහු අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කැඩූ නිසා ද? ඔහු අමාත්‍ය මණ්ඩල තීරණ විවේචනය කළ නිසා ද? එසේ නම් ඒ සාමූහික වගකීම කඩන වෙනත් ඇමතිවරු නැද්ද? එසේත් නැත්නම් මහින්දලාට විරුද්ධව පරීක්‍ෂණ ඉක්මන් නොකළාට ද? මේ හේතු අප රැවටීම සඳහා ගෙනෙන ඒවා පමණයි. අපත් බලා ගෙන ඉන්නෙ රැවටෙන්න. විජේදාස ඉවත් කෙරුණෙ රනිල් මලික් අර්ජුන මහේන්ද්‍රන් බේරා ගන්න. ඒ සමග අර පාද සටහන් කල්ලියටත් හැංගෙන්න පුළුවන්.

    විජේදාස එ ජා ප සාමාජිකයකු වුණත් මෛත්‍රිපාල සමග සම්බන්ධකමක් තිබූ බව පැහැදිලියි. විජේදාස බැඳුම්කර මගඩිය පිළිබඳ රනිල් සමග අමනාපයක් තිබූ බවත් පැහැදිලියි. මේ ඊනියා ජාතික ආණ්ඩුව අද දෙදරලා. නීතිගරුක බව පෙන්වමින් නීති විරෝධි වැඩ කරන වෙනත් ආණ්ඩුවක් තිබිලා නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නිසා ආණ්ඩුව පවත්වා ගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මෛත්‍රිපාල හා රනිල් අතර බල අරගලයක් තියෙනවා. මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් තිබුණත් ඔහුට ඒ සඳහා ශක්තියක් නැහැ. ඒ අවශ්‍ය ශක්තිය ඒකාබද්ධ විපක්‍ෂෙන් ලැබෙන්නෙත් නැහැ. මෛත්‍රිපාල රනිල්ට වඩා මහින්දට විරුද්ධයි. මහින්ද රනිල්ට වඩා මෛත්‍රිපාලට විරුද්ධයි. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. ඒ ගැටය ලෙහෙසියෙන් ලිහන්න බැහැ. රනිල් පවතින්නේ මේ විරසකය නිසයි. චන්ද්‍රිකා හා ඇගේ ඇමතිවරු මේ විරසකය වර්ධනය කිරීමට හැකි සියල්ල කරනවා.

    බැඳුම්කර මගඩියට මෛත්‍රිපාල හා ඔහුගේ ඇමතිවරු විරුද්ධයි. මෛත්‍රිපාල බැඳුම්කරය ගැන විමර්ශනය කිරීමට කොමිසමක් පත් කළා. එය යහපත් දෙයක්. එයට දඬුවම් පැමිණවීමේ බලතල නැති වුවත් විමර්ශනය කෙරී ගෙන ගියා. එහි දී නීතිපතිට යම් ස්වාධීනත්යක් ලැබුණා. ජනාධිපති කොමිසමක් වීමත් විජේදාස මේ ප්‍රශ්නයේ දී මෛත්‍රිපාල සමග සිටීමත් නිසා නීතිපතිට බලපෑම් කිරීමට මෛත්‍රිපාලටවත් විජේදාසටවත් අවශ්‍ය වුණේ නැහැ. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය රනිල්ට හා සෙසු එ ජා පාක්‍ෂිකයන්ට දිරවා ගන්න බැරි වුණා.

    අපත් මුල දී සිතා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව යම් රඟපෑමක යෙදෙනවා කියා. රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිරීම නිසා ප්‍රශ්නය ටිකක් පැහැදිලි වුණා. රවි ඉවත් කිරීම අලවංගුව විසි කිරීමක් ලෙස අප දුටුවා. ප්‍රශ්නය අලවංගුව ගෙට ගන්නේ කෙසේ ද යන්නයි. අකුණු සැර නැවතිලා නැහැ. ඒ එන්න එන්න වැඩි වුණා. නීතිපති දෙපාර්තමේන්තුවට මෛත්‍රිපාලගෙන් හා විජේදාසගෙන් ස්වාධීනත්වයක් ලැබී තියෙන්න ඇති. ඒ ස්වාධීනත්වය නැති කිරීමේ අවශ්‍යතාව මතු වුණා. තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ ස්වාධීනත්වයෙන් කටයුතු කළහොත් රනිල්,මලික්, අර්ජුන්ට අත්වන ඉරණම පැහැදිලි වුණා. රනිල් ඉවත් කරන්න පෙර මෛත්‍රිපාලත් විජේදාසත් ඉවත් කිරීමට එ ජා ප නායකත්වයට අවශ්‍ය වුණා. මෛත්‍රිපාල ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි. එය තරමක සංකීර්ණ ක්‍රියාවලියක්. එහෙත් බැරි දෙයක් නො වෙයි. විජේදාස ඉවත් කිරීම ඊට වඩා පහසුයි. එහෙත් එයට මෛත්‍රිපාල කැමති විය යුතුයි. මෛත්‍රිපාලට ශක්තියක් නැති නිසා රනිල්ට යට වුණා.

    විජේදාසට විරුද්ධව මහා ප්‍රහාරයක් ඇරඹුණා. සාමූහික වගකීම මෙන් ම මහින්දලාට විරුද්ධව ඉක්මන් පියවර නොගැනීමත් ඔහුට විරුද්ධ චෝදනා ලෙස ඉදිරිපත් කෙරුණා. මහින්දලාට ඉක්මණින් දඬුවම් කිරීමට මෛත්‍රිපාලටත් අවශ්‍යයි. ඒ ඉක්මන් නොකෙරුණේ විජේදාස විසින් නොවන බව මෛත්‍රිපාල දන්නවා. එහෙත් මෛත්‍රිපාල වගකිව යුතු කවුරුන් ද කියා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒ වරදත් විජේදාස පිටින් ම යවන්න එකඟත්වයක් ඇති වුණා. විජේදාස දැන් ස්වාධීන වෙලා. ඔහුට හා රතන හිමියන්ට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මන්ත්‍රීකම් දරන්න පුළුවන් වේවි. 2020 පොදු අපේක්‍ෂක කතා එ ජා ප කතන්දර පමණයි.

    විජේදාස රඳවා ගෙන බැඳුම්කර කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සියලු සහාය ලබා දීමට මෛත්‍රිපාලට අවශ්‍ය වෙන්න ඇති. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තිය දෙන්නේ කවු ද? දුමින්ද දිසානායක සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනකු ඉන්නේ චන්ද්‍රිකාගේ පැත්තේ. ඔවුන්ගෙන් මෛත්‍රිපාලට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. මහින්දත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ නැහැ. මෛත්‍රිපාලට අධිකරණ ඇමති ධුරය ඔහුගේ ඇමතිවරයකුට හෝ ඒකාබද්ධ විපක්‍ෂයේ අයකුට හෝ දී නීිතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය ස්වාධීනත්වය ලබා දිය හැකි ද? විජේදාස එ ජා ප සාමාජිකයකු යන පදනමේ සිට රනිල් තමාට පක්‍ෂපාති එ ජා පාක්‍ෂිකයකු අධිකරණ ඇමති ධුරයට පත් කිරීමට බල කරාවි. යථා කාලයේ දී අලවංගුව ගෙට ගනීවි. රනිල් බලය තහවුරු කර ගනීවි. මෛත්‍රිපාල රනිල්ට හා චන්ද්‍රිකාට අවශ්‍ය දේ කරාවි. එසේ නොකළොත් දෝෂාභියෝගයකින් ගෙදර යන්න වේවි. ඊනියා ජාතික ආණ්ඩුව තවත් අවුරුදු තුනක් පවත්වාගෙන යෑමට රනිල් හා මෛත්‍රිපාල තීරණය කරලා. එය පක්‍ෂවල සාකච්ඡා වුණා ද? සාකච්ඡා නැතිවත් රනිල් මෛත්‍රිපාල එකඟතාව පක්‍ෂවල අනුමත කර ගන්නා ආකාරය මා අමුතුවෙන් කිව යුතු නැහැ.
    nalin de silva
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තමා උනේ මහ බැකු වචාවට වද රනිලව අහු වෙන එක නවත්ත ගන්ඩයි විජේදාසව අයින් කරේ... :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    21074043_10207821081123822_453073313_n.png
     
    • Like
    Reactions: nirmalawaththuhewa

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නලින්ද සිල්වා කියන්නේ මොන අපතයෙක් ද බන්. රටටත් වැඩක් නැති හිස් නිකන්ම නිකන් හිස් චරිතයක්. ඕක තමයි නලින් ද සිල්වා ගැන දෙන්න පුළුවන් එකම නිර්වචනය
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔක තමා උනේ මහ බැකු වචාවට වද රනිලව අහු වෙන එක නවත්ත ගන්ඩයි විජේදාසව අයින් කරේ... :yes:
    හරි මහින්ද ආවොත් බැඳුම්කර හොරුන්ව අල්ලලා එ වෙච්ච පාඩුව පියවනවා කියලා කාට හරි සහතික වෙන්න පුළුවන්ද ? එහෙම උනොත් දෙශපාලනික පක්ෂයකට අයිති නොවෙන මන් අනිවා මහින්දගෙ පැත්තට කඩෙ යනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මහින්ද ආවොත් බැඳුම්කර හොරුන්ව අල්ලලා එ වෙච්ච පාඩුව පියවනවා කියලා කාට හරි සහතික වෙන්න පුළුවන්ද ? එහෙම උනොත් දෙශපාලනික පක්ෂයකට අයිති නොවෙන මන් අනිවා මහින්දගෙ පැත්තට කඩෙ යනවා
    හොරුන්ට අනිව දඩුවම් දෙනව..ඒත් ලකාවෙන් පිටට ඇද්ද සල්ලි නම් ආයෙ ගන්ඩ පිලුවන් වෙයි කියන්ඩ අමාරුයි..ඒ සල්ලි වලින් ලකාව ඇතුලෙ මිලට ගත්ත දේපොල නම් රාජ්සන්තක කරන්ඩ පුලුවන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no:

    මම නම් හිතන්නේ නැ my3 එච්චර මෝඩයෙක් කියලා පොර (2020) ආය මහින්දටවත් රනිල් වත් chance දෙන්නේ නැ sure ඊලගට පොරගේ කාට හරි තමා chance එක:lol:

    2020 මහින්ද කොහොමත් ඉල්ලන්නෙ නැ..රනිල් ඉල්ලුවත් කරපු මහ බැකු හොරකම නිසා දිනන්ඩත් බැ..සිරිසේන ඉල්ලුවත් වෙන කෙනෙක් දැම්මත් සිරිසේනට දිනන්ඩත් බැ...මොකද සිරා නිවටය කියල ඔප්පු වෙලා ඉවරයි...එන්නෙ අලුත් චරිතයක්....:cool::cool:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    2020 මහින්ද කොහොමත් ඉල්ලන්නෙ නැ..රනිල් ඉල්ලුවත් කරපු මහ බැකු හොරකම නිසා දිනන්ඩත් බැ..සිරිසේන ඉල්ලුවත් වෙන කෙනෙක් දැම්මත් සිරිසේනට දිනන්ඩත් බැ...මොකද සිරා නිවටය කියල ඔප්පු වෙලා ඉවරයි...එන්නෙ අලුත් චරිතයක්....:cool::cool:

    :yes::yes::yes::yes::yes::yes:
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    නලින්ද සිල්වා කියන්නේ මොන අපතයෙක් ද බන්. රටටත් වැඩක් නැති හිස් නිකන්ම නිකන් හිස් චරිතයක්. ඕක තමයි නලින් ද සිල්වා ගැන දෙන්න පුළුවන් එකම නිර්වචනය

    නම් වැඩක් නෑ බන් කතාව ඇත්ත නෙ .:baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ වැඩ පටන් ඇරන් තියෙන්නේ... :lol:

    බැඳුම්කර කොමිසමට බාරදුන් හඬපටවල වැදගත්ම හඬපට කීපයක් අතුරුදන් !

    බැඳුම්කර කොමිසමේ නියෝගයකට අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කොමිසමට බාරදුන් දුරකථන හඬපට ලැයිස්තුවේ විමර්ශනවලට වැදගත්ම හඬපට කිහිපයක් අතුරුදන් වී ඇති බව බැඳුම්කර කොමිසමේදී අනාවරණය වී තිබේ.

    බැඳුම්කර කොමිසම ඊයේ (25) රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇති බව සඳහන් වෙයි.

    බැඳුම්කර කොමිසම නියෝග කරනු ලැබුවේ එම දත්ත ලබාදීමට අපොහොසත් නම් අදාළ පද්ධතිය නිර්මාණය කරන ලද පෞද්ගලික සමාගමේ ඉංජිනේරුවෙක් හරහා එම සියලු දත්ත ලබාගැනීමට පද්ධතියේ රහස් කේතය කොමිසමට බාරදෙන ලෙසයි.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු කාමරයේ සිට ගනු ලැබූ සියලුම දුරකථන ඇමතුම්වල හඩපට කොමිසමට බාරදෙන ලෙස බැදුම්කර කොමිසම එම සමාගමට පසුගියදා නියෝග කළේය.

    එසේ වුවද ඔවුන් කොමිසමට බාරදුන් හඬපටවල දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ අංකය සහ ඇමතුම ලබන පුද්ගලයාගේ අංකය මෙන්ම ඇමතුම ලැබුණු වේලාවද සටහන් වී නොතිබූ බව පැවසීය.

    කොමිසමේ කටයුතු ආරම්භ වූ මොහොතේ 2015 පෙබරවාරි 27 වන දින බැඳුම්කර වෙන්දේසියේදී මිලදී ගත් බැදුම්කරවලින් බිලියන 02ක වටිනාකමකින් යුත් බැදුම්කර ද්විතීය වෙලඳපොලේදී සේවක අර්ථසාධක අරමුදලට අළෙවි කිරීමට අදාළ හඬපට සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් ප‍්‍රධාන විධායක කසුන් පලිසේන මහතාගෙන් ප‍්‍රශ්න කළේය.

    එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට පෙන්වාදුන්නේ එම ගනුදෙනුවලට අදාළ වැදගත්ම දුරකථන සංවාද 04ක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කොමිසමට ලබාදුන් හඬපට ලැයිස්තුවෙන් අස්ථානගත වී ඇති බවයි.

    එම දුරකථන සංවාදවල හඩපටවලට කිසියම් පුද්ගලයෙකු හානි කර ඇත්දැයි කොමිසම සිදුකල විමසීමේදී පලිසේන මහතා පැවසුවේ කිසිවෙකු එලෙස හානි සිදුකර නොමැති අතර සියළුම දුරකථන සංවාද තමන් කොමිසමට භාරදුන් බවයි.

    කෙසේ වෙතත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඔවුන්ගේ දුරකථන පටිගත කිරීමේ පද්ධතිය මිලදී ගත් පෞද්ගලික සමාගම කොමිසමට පවසා ඇත්තේ “වොයිස් ලොගර්” යනුවෙන් හැඳින්වෙන අදාළ පද්ධතිය දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයාගේ අංකය සහ ඇමතුම ලබන පුද්ගලයාගේ අංකය මෙන්ම ඇමතුම ලැබුණු වේලාවද සටහන් කරගත හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇති බවයි.

    එසේ එම දත්ත ලබාදීමට අපොහොසත් නම් අදාළ පද්ධතිය නිර්මාණය කරන ලද පෞද්ගලික සමාගමේ ඉංජිනේරුවරයෙකු හරහා සියලු දත්ත ලබාගැනීමට පද්ධතියේ පරිශීලක නාමය සහ රහස් කේතය කොමිසමට බාරදෙන ලෙස ද කොමිසම නියෝග කරනු ලැබීය.
     
    :eek::eek::angry::angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368

    :yes: