රනිල් මුස්zසම්මිල්ව ගෙදර යවයි..!!!
පෙරේදා (17) මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කොළඹ විශ්වවිද්‍යාලයේ ඡන්දපොළ වෙත ගොස් ඇති කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ට තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුණුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය රැගෙන යාම අමතක වී තිබේ.
ජාතික හැඳුණුම්පත ඡන්දපොළ නිළධාරීන් ඉල්ලා සිටි අවස්ථාවේදී එය රැගෙන ඒමට අමතක වූ බව නොකියා 'ඇයි ළමයො අඳුරන්නැද්ද මාව ? මම කොළඹ පුරපති' යනුවෙන් පවසා තිබේ. එහෙත් ඡන්දය දීම සඳහා අනන්‍යතාවය ඔප්පු කළයුතු බව ඡන්දපොළ නිළධාරීන් මුසාට අවධාරණයෙන් පවසා ඇත.
තමා සමග පැමිණි පුද්ගලයා ඡන්දය දීමට මෙතරම් වෙලාවක් ගන්නේ ඇයිදැයි සොයා බලන ලෙස අගමැතිවරයා තමන්ගේ ආරක්ෂකයන්ට දන්වා තිබේ. ආරක්ෂකයන් සමග අගමැතිවරයා ළඟට පැමිණි නගරාධිපතිවරයා තමාට අයිඩෙන්ටිය ගෙන ඒමට අමතක වූ බවත් හැකිනම් නිළධාරීන්ට කියා වැඩේ ෂේප් කර ඡන්දය දැමීමට අවස්ථාව සළසාදෙන ලෙස නගරාධිපතිවරයා අගමැතිතුමාගෙන් ඉල්ලා ඇත.
'පිස්සු කෙලින්න හදන්න එපා, නීතිය කාටත් එකයි. මම අගමැති වුනාට, ඒ මිනිස්සු මගේ අයිඩෙන්ටියත් බැලුවා. තව වෙලාව තියෙනව නේ. ගෙදර ගිහින් අයිඩෙන්ටිය අරන් එන්න.' කියමින් අගමැතිවරයා පුරපතිවරයාව ගෙදර යවා තිබේ. රනිල්ගෙයි මහින්දගෙයි වෙනස එයයි.
මුසා මහින්දගෙන් මේ ඉල්ලීම ඉල්ලුවේ නම් 'අඩෝ... උඹව අඳුරන්නෙ නැද්ද මේ කොළඹ එවුන් ? මොකාද උඹෙන් අයිඩෙන්ටිය ඉල්ලුවෙ ? දැම්මම යවපං ඕකව ගෙදර' කියා ගෙදර යවන්නේ අයිඩෙන්ටිය ඉල්ලූ නිළධාරියාය.
රනිල්ගේ ආදර්ශමත් ක්‍රියාව යහපාලනයට පරමාදර්ශයකි. පටන් ගතයුත්තේ පුංචි පුංචි දේවලින් ය.

Code:
http://sinhala.lankanewsweb.net/news/item/471-2015-08-19-07-26-59