රනිල් මේ පාර දින්නොත් ⚠️⁉️

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පොහොට්ටුවට ඕනේ මේ පාර සජියට දිනන්න දීලා නාමල්ට විපක්ශ නායක කම සෙකියු කරලා දෙන්න..

    රනිල් කොහොමත් දිනන්නේ නෑ. පොහොට්ටුවෙං ධම්මිකව දැම්මත් උටත් දිනන්න බෑ මොන බයිලා ගැහුවත්..

    පොටෙන්ශල් එකක් තියෙන්නේ සජියා හෝ NPP එකනේ. (NPP එකත් දිනයි කියලා නං හිතන්න බෑ මොන රැල්ල ආවත්. මේ සිරි ලංකාවනේ)

    සජියා එන එක පොහොට්ටුවට (ඇත්තටම කිව්වොත් නමල් බේබිගේ අනාගතයට) වාසියි. ඒ නිසා පොහොට්ටුවෙං NPP එකට වැටෙන්න ගහයි ඉස්සරහට..

    මේ පාර නාමල්ට විපක්ශ නායක වෙන්න දීලා, 2029 දී සජියාගෙං (හෝ වෙන පත් වෙන කෙනෙක්ගෙං) රට බේරගන්න නාමල් බේබිව ජනාධීපති කරන්න කියලා එවන එක තමා පොහොට්ටුවේ ප්ලෑන...

    මොකද මේ පාර විපක්ශනායක කම සෙකියු කරගන්න බැරි උනොත් පොහොට්ටුවට ආයෙ ගොඩ ඒමක් නෑ හැඳි ගෑවිලාම යනවා කියලා එයාලා දන්නවා..

    සමහරවිට ඉස්සරහට බෝම්බ එහෙම පත්තු වෙන්න ඉඩ තියනවා. දැං නැතත් 2029 කිට්ටු වෙද්දී. මොකද එතකොට එයාලට බේරගන්න රටක් තියනවනේ..

    - මේ මගේ මතේ හොඳේ කොල්ලනි.. වෙන මත බොහොම ගවුරවයෙං පිළිගන්නවා
    Future 3% pohottu bn kohomada vipaksha nayaka kama ganne.
     
    • Like
    Reactions: sahan50