රනිල් වැඩ්ඩා

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ලංකාව බංකොලොත් වෙලා ඉද්දී ලපයා පැනලා දුවද්දී රනිල් ගහපු ගේම විස්මිතයි නේද? ඔව් ඔව් මහ බැංකුව කැඩුවා
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Capture.jpg
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    තෙල් පෝලිං ගෑස් පෝලිං කරන්ට් කැපිලි ඩොලර් කේස් එක තනි අතින් විසදුම්. අමතක කරන්ඩ එපා මෙයාට විධායක බලතල ලැබුන පලමු වතාව. හොද දේ අගයමු
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    කවුරු උනත් වැඩේ කෙරෙනවනම් එච්චරයි

    ජය ශ්‍රී
    සතුටුදායක දවසක්.

    වැදගත්ම දේ හරියට ආර්ථික ප්‍රතිසස්කරණ ඉදිරියට ගෙනයාම

    රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -3-

    නිදහස්‌ අධ්‍යාපනයට ධවල භීෂණය එල්ල කළ ධවල පත්‍රිකාව

    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG


    davala.jpg



    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස්‌ අධ්‍යාපන පනතින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

    එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක්‌ එල්ල විය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    මෙවැනි යෝජනා රාශියකින් යුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් මෙන්ම රටේ සෑම දෙසින්ම දැඩි විරෝධතා එල්ලවන්නට වූයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කිහිපවරක්‌ම කල් දැමීමට අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවිය.

    මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළහ.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්Æසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.


    ඉතිරිය මෙතනින් කියවන්න

    http://www.divaina.com/2014/08/18/mano05.html
     
    • Haha
    Reactions: SLBlackKnight