අන්තිම ජේදයට හැර අනික් ටිකට එකගයි
රනිල්මහින්ද අයින් වුනාඅ පස්සේ එතනට එන්න ඉන්නේ ඊටත් වඩා අසාර්ථක පුද්ගලයන් .
දැනට ඉන්න දේශපාලකයෝ සියල්ලමගෙන් හා දැන් තියෙනදේශපාලන ක්‍රමයෙන් රට බේරගන්නේ නැතුව රට ගලවගන්න බෑ
එක පැත්තකින් ඔබ හරි.. දැන් රනිල් මහින්ද ඉවත්වුණා කියල වැඩි වෙනසක් සිද්දවෙන්නේ නැහැ එයාල එයාලගේ අනුගාමිකයින් විදිහට පස්සෙන් තියාගෙන ඉන්නේ එයාලට වඩා දැනුමෙන්, බුද්ධියෙන්, පරිණතභාවයෙන් අඩු පුද්ගලයින් නිසා. එයාල මේ දේශපාලනය ඒ තත්වෙට පත් කරේ එයාලගේ පැවැත්ම වෙනුවෙන්මයි. එයාලව අභිබවා යන්න පුළුවන් කෙනෙකුට දේශපාලනයේ රැඳී සිටින්න එයාල ඉඩ තිබ්බේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ මුහුණදීලා තියෙන ව්‍යසනයට රට මුහුණදීලා තියෙන්නේ. UNP එකේ පිරිසක් සජිත්ව ඉල්ලනවා.. මහින්දගේ පිරිසක් නාමල් ජනාධිපති වෙනකල් බලන් ඉන්නවා. තව පිරිසක් ගෝටා ඉල්ලනවා.. තව පිරිසක් බැසිල් ඉල්ලනවා.. ඊළඟ නායකත්වයට මිනිස්සු ඉල්ලන පුද්ගලන්ගේ අධ්‍යාපනය, දැනුම බුද්ධිය, දක්ෂතාවය දිහා බැලුවාම රටක පාලකයෙක් වෙන්න තරම් සුදුසුකමක් එකෙකුටවත් නෑ.. බලලෝභී දේශපාලකයා රට විනාසයටම අරං ගිහින් ඉවරයි. මේ තත්වයෙන් රට බේරගන්න නම් ස්වාධීන මත දරන උගත් බුද්ධිමත් මිනිස්සු රටවැසියා ඇමතිය යුතුයි.. දේශපාලනයට පැමිණිය යුතුයි.. මේ පවතින ප්‍රධාන පක්ෂ හතරම රටට ජනතාවට පෙර තමා හෝ පක්ෂය කියන මතය දරනා උදවිය නිසා ඔවුන්ගෙන් රටට වැඩදායී යමක් බලාපොරොත්තු වෙන්න බෑ..



