රනිල් වික්‍රමසිංහ මහතාගේ IMF සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113

    ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකියි - ජනාධිපති​

    March 21, 2023 12:09 pm



    ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
    ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා - IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.
    "ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්න දියුණුවෙන්න අද ආනයන සීමා ක්‍රමාණූකූලව ඉවත් කරන්න යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරයට වගේ වූවමනා භාණ්ඩ ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳලා ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකඟතායට අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකඟතාවය ලබාගන්න ක්‍රියාකරපු රටවල් සියල්ලටම, IMF, ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න. මේ ගැන සම්පූර්ණ ප්‍රකාශයක් මම හෙට පාර්ලිමේන්තුවේදි කරනවා. ඒ වගේම ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා."

     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,271
    9,172
    113
    11JPG.JPG
     
    • Haha
    Reactions: Smartm and dilann

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    අනුමත උනා තමයි ඒත් සල්ලී වත් තවම ලැබෙන්නේ නැතුව දැන් අපි බංකොලොත් නෙමෙයිලු... :rolleyes::rofl:

    ඕකට තමයි කියන්නේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහනව කියලා
     
    • Like
    Reactions: EnIgma001

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    අනුමත උනා තමයි ඒත් සල්ලී වත් තවම ලැබෙන්නේ නැතුව දැන් අපි බංකොලොත් නෙමෙයිලු... :rolleyes::rofl:

    ඕකට තමයි කියන්නේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහනව කියලා
    අනුමත උනා කියන්න .... දෙනව කියල තමා පොන්නයො...... මදැයි තොපේ අනුරය්යා ජාත්යන්තරේට ගිහින් කැටේ හොල්ලලා ඩොලර් එකතු කරන්න හිටියා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,962
    113
    canada
    සතුටුදායක දවසක්.

    වැදගත්ම දේ හරියට ආර්ථික ප්‍රතිසස්කරණ ඉදිරියට ගෙනයාම
     
    • Haha
    Reactions: kasun_kbp