රනිල් වෙනුවෙන් අපි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් පන්සලේ පිං කැටේට කෙලියනම් අනිත් දේවල් ගැන කුමන කතාද..

    :yes:සාංගික දේවල් හොරා කන උන්ට ජනතාවගේ දේවල් හොරා කන එකත් කජ්ජක්ද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විශ්වාසභංගය රනිල් ඉවත් කරනතුරු සටන දිගටම - රංගේ බණ්‌ඩාර කියයි

    "එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලුවාම තනතුරු වාහන සල්ලි දීලා ප්‍රශ්නය යටගහන්න හදනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත් කරනතුරු මේ සටන ඉදිරියට ගෙන යනවා" යෑයි රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා "දිවයින"ට ඊයේ (02 දා) පැවසීය.

    රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යායුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් කණ්‌ඩායමකුත් සිටිනවා. අපි අපේ මතය කිසිසේත්ම වෙනස්‌ කරන්නේ නැහැ" යෑයිද රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී රංගේ බණ්‌ඩාර මහතා මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

    එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්වූ පක්‍ෂයක්‌ වෙලා. ඒකට වගකියන්න ඕනෙ පක්‍ෂ නායකත්වයයි.

    ඒ නිසා තමයි අපි කිව්වේ පක්‍ෂයට ප්‍රතිසංවිධානයක්‌ ඕනේ කියලා. ඒක ඉල්ලුවාම අපිව ගෙන්නලා එක එක තනතුරු, වාහන, සල්ලි දීලා සනසන්න හදනවා.

    මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට වැඩක්‌ නැහැ. අපිට ඕනේ පෞද්ගලික ප්‍රශ්න විසඳන්න නොවෙයි. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ. අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි" යනුවෙන් රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    source
     
    ඕකව එලවන්න තිබ්බේ මිට අව්රුදු ගානකට කලින්.. දැන් කොහොමත් පක්ෂේ ගොඩගන්න බෑ:no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකව එලවන්න තිබ්බේ මිට අව්රුදු ගානකට කලින්.. දැන් කොහොමත් පක්ෂේ ගොඩගන්න බෑ:no:

    අවුරුදු ගාණකට කලිනුත් එක්කෙනෙක් මූලස්ථානෙ ඉස්සරහ ගිණිතියාගෙන මැරුණ ඉවත් වෙන්න කියල... කෝ.... කණකටවත් ගත්තෙනෑ... එක එක උප්පරවැට්ටි දාල ලිස්සල ගියා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2002 යූඑන්පී ආණ්ඩුව බිඳ වැටීමත් එක්ක පක්ෂ අභ්‍යන්තර අර්බුද යළිත් හිස ඔසවන්න පටන් ගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අමාත්‍යාංශ තුනක් පවරාගෙන යූ.එන්.පී. ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමත් එක්ක ඊළඟ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම තමයි අපිට ආපු ලොකු අභියෝගය.

    ඒ මහ මැතිවරණය පරාජය වීමත් එක්ක පරාජයේ වගකීම භාරගන්න නායකත්වය අදිමදි කළා. ඔය අතරෙ පක්ෂ සභාපති විදියට කටයුතු කරපු මලික් සමරවික්‍රම එකපාරටම ඉල්ලා අස්වුණා. ඒ වෙනකොට පක්ෂ මහලේකම් විදියට වැඩ කළේ සෙනරත් කපුකොටුව, ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පක්ෂය ඇතුළෙ ඒ තරම් ප්‍රසාදයක් තිබුණේ නෑ. පක්ෂ සංවිධාන ජාලය තුළ ඔහු පිළිබඳවත් විරෝධයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මේ සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් යෝජනා කරමින් මහ මැතිවරණ පරාජයේ වගකීමෙනුත් ලිස්සලා ගියා. ඒ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී පක්ෂයේ ජනප්‍රිය චරිත කීපයකට නව තනතුරු ලැබුණා.

    මේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධවෙන කාලයේ පක්ෂයේ තිබුණු ප්‍රධාන සටන්පාඨය වෙලා තිබුණේ රනිල් ගෙදර යා යුතුයි කියන කාරණය. ඒ සටන් පාඨයත් එක්ක පක්ෂයේ බෙදීම් පටන් ගත්තා. ඒ වෙලාවෙ තිබුණෙ රනිල් පාර්ශ්වය සහ කරු ජයසූරිය පාර්ශ්වය වගේ එකක්. ඒ වෙද්දී සජිත් ප්‍රේමදාසගේ නමක් තිබුණෙ නෑ. රාජිත, නවීන්, ගාමිණී ලොකුගේ, මිලින්ද මොරගොඩ, ජී.එල්, ලක්ෂ්මන් යාපා, හේමකුමාර ඇතුළු කණ්ඩායම රනිල් විරෝධි සටනක් ගෙනිච්චා. පක්ෂය ඇතුළෙ අර්බුද සමථයකට පත්කරගෙන සියලු දෙනා සමගි විය යුතුයි කියන අදහසකුත් මේ එක්කම තව පැත්තකින් ගොඩ නැගුණා.

    මේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් පවතින කාලයේ සිරිකොතට නිතර ආව ගිය පුද්ගලයෙක් හිටියා රියන්සි කියලා. එයා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රියන්සි පක්ෂයට හිතවත් නායකයින්ට සමීප වුණු පුද්ගලයෙක්. හැබැයි රියන්සි ලොකු ධනවත් පුද්ගලයෙක් හෝ පක්ෂ සංවිධායක තනතුරක්වත් දරපු කෙනෙක් නෙවෙයි. අසීමිත ලෙස පක්ෂයට ආදරය කරපු චරිතයක්. රියන්සි සිරිකොතට ආපු වෙලාවල්වල මාවත් මුණ ගැහෙනවා. එයා මාත් එක්කත් නිතරම කිව්වේ නායකයින් අතර ගැටුම් නතර කරලා පක්ෂයේ සමගිය ඇති කරමු කියලා. අනිත් නායකයින් මුණ ගැහිලත් රියන්සි නිතර නිතර කියලා තියෙන්නේ මේ කතාවමයි. රියන්සි රනිල් වික්‍රමසිංහ එක්කත් ලොකුවට හිතවත්. රනිල්ගෙ නායකත්වය කවුරුවත් අභියෝග නොකළ යුතුයි වගේ අදහසක්
    දිගින් දිගටම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදත් උත්සන්න වුණා. සමගිය වෙනුවට වාදභේද වැඩිවෙන්න පටන් ගත්තා. එක දවසක් රියන්සි මාව හමුවෙන්න ඇවිත් කිව්වා පක්ෂය තුළ සමගියක් ඇතිවෙන්නේ නැත්නම් එයා පක්ෂයෙන් ඉවත්වෙලා දේශපාලනයෙන් පවා ඉවත් වෙනවා කියලා. රියන්සි කොටින්ම කැපුවත් කොළ ජාතියේ යූ.එන්.පී. කාරයෙක්. සුමානෙකට සැරයක්වත් නොවැරදීම සිරිකොතට එන පුරුද්දක් රියන්සිට තිබුණා.

    එක දවසක් රියන්සි රනිල් වික්‍රමසිංහගෙ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විදියට කටයුතු කරපු සුදත් චන්ද්‍රසේකරව මුණ ගැහිල කියලා තියෙනවා, පක්ෂ සමගිය ගොඩනැගෙන්නෙ නැත්නම් එයා පක්ෂෙන් අයින් වෙනවා කියලා. රියන්සි සුදත්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එයාගෙ මේ තීන්දුව ගැන කියන කතාව රෙකෝඞ් කරගන්න කියලා. ඒ කතාව සුදත් රෙකෝඞ් කළා ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ. රියන්සි කියලා තියෙනවා සුදත් එක්ක පක්ෂය සමඟි වෙන්නෙ නැත්නම් තවත් ජීවත්වෙන්නෙ නෑ. එයාගෙ මරණය නිසාවත් පක්ෂයේ නායකයින් අතර සමඟියක් ඇතිවෙන එක තමයි එයාගේ බලාපොරොත්තුව කියලා.

    සුදත්ට මේ කතාව කියලා දවසක් දෙකක් ගිහින් තමයි රියන්සි සිරිකොත ඉස්සර ගිනි තියා ගත්තේ. මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රියන්සි කෙරුවෙ. මම මේ සිදුවීම වෙද්දී ගෙදර හිටියේ. මටත් මේක කවුරු හරි හෝ කෝල් කරලා කිව්වේ. මම ඒ මොහොතෙම සිරිකොතට ආවා. සිරිකොතේ වැඩ කරපු අය ඉක්මනට ගින්න නිවලා රියන්සිව ඒ වෙනකොටත් ඉස්පිරිතාලෙට ගෙනිහින් තිබුණා. ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් ඔහුගේ සිරුරට විශාල ලෙස තුවාල සිදුවෙලා තිබුණෙ. මට නම් හිතාගන්නවත් බෑ රියන්සි පක්ෂය වෙනුවෙන් මේ කරපු දේ. කෙනෙක් මැරෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒත් ගිනි තියාගන්නවා කියන්නේ ඉතාම වේදනාකාරී දෙයක්.

    එදාම රෑ මමයි කරු ජයසූරියයි රියන්සිව බලන්න ඉස්පිරිතාලෙට ගියා. අපි යද්දිත් එයාට සිහිය තිබුණා. ඇඟ හැමතැනම පිළිස්සුම් තුවාල. ඒ වෙලාවෙත් යන්තම් වචන ගැටගහගෙන රියන්සි කරු ජයසූරිය දිහා බලාන කිව්වෙ පක්ෂය සමඟි කරවන්න කියලා. මේ සිදුවීම වෙලා දින දෙකකට හෝ තුනකට පස්සේ රියන්සි මියගියා. අපි සියලු දෙනා රියන්සිගෙ අවමඟුල් කටයුතුවලට සම්බන්ධ වුණා. ඒත් මම අදත් කනගාටුවෙනවා පක්ෂය වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් කරපු රියන්සිගේ පවුලෙ අයට පක්ෂය සාධාරණයක් ඉටු කළේ නෑ කියලා.

    මම එක වතාවක් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් මුදල් වගයක් කපලා ඒ පවුලට උදව්වක් කළා. ඒත් අදත් ඒ අය අමාරුවෙන් ජීවත්වෙන්නේ. දැන් ආණ්ඩු බලයක් තියෙද්දී එක්සත් ජාතික පක්ෂය රියන්සිගෙ පවුලෙ උදවිය අමතක නොකර පුළුවන් උපරිම සාධාරණයක් ඉටු කරනව නම් ඒක රියන්සිට කරන ගෞරවයක් වෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඕන තරම් අය ජීවිත පූජා කරලා ඇති. පක්ෂ ගැටුම්වලදී උද්ඝෝෂණ පෙළපාළිවලදී ඡන්ද ව්‍යාපාරවලදී පක්ෂය වෙනුවෙන් වැඩ කරන අය මරණයට පත්වෙලා ඇති. ඒත් පක්ෂයක සමගිය වෙනුවෙන් බලපෑම් කරන්න කියලා ගිනි තියාගෙන මියගිය පුද්ගලයෙක් විදියට මම අහලා තියෙන්නේ රියන්සි ගැන විතරයි. ඒකයි යූ.එන්.පී. එක රියන්සිට සාධාරණය ඉෂ්ට කරන්න ඕන.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    j80dPpp.jpg
    Dhiyavannave Car Pedime Tharagaya...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුරුදු ගාණකට කලිනුත් එක්කෙනෙක් මූලස්ථානෙ ඉස්සරහ ගිණිතියාගෙන මැරුණ ඉවත් වෙන්න කියල... කෝ.... කණකටවත් ගත්තෙනෑ... එක එක උප්පරවැට්ටි දාල ලිස්සල ගියා...

    වැඩක් නෑ රට පාවල දුන්න එකාට මිනිස් ජීවිතයක වටිනා කමක් දන්නේ නෑ.. දැන් නම් ලොකු පීඩනයක් එනවා පක්ෂේ ඇතුලෙන්.. යු එන් පි කාරයෝ ගොඩක් පට්ට මලෙන් ඉන්නේ :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැඩක් නෑ රට පාවල දුන්න එකාට මිනිස් ජීවිතයක වටිනා කමක් දන්නේ නෑ.. දැන් නම් ලොකු පීඩනයක් එනවා පක්ෂේ ඇතුලෙන්.. යු එන් පි කාරයෝ ගොඩක් පට්ට මලෙන් ඉන්නේ :yes:

    :yes::yes::yes::yes::yes:

    0403_01.jpg