රනිල්-ෆොන්සේකා-පූජිත්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිල්-ෆොන්සේකා-පූජිත්

    ෆොන්සේකා නාලකට කෝල් කරනවා ඒ නිසා ඝාතන කුමන්ත්‍රණය කළේ එයායි රනිලුයි - නාමල් කුමාර

    collage.png


    ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයේ මහ මොළකරුවන් වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත්, පොලිස්පති පූජිත් ජයසුන්දරත් යැයි ඊයේ (05දා) අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් නාමල් කුමාර පවසා තිබේ. මෙම කාරනාව සනාථ කිරීමට නාලක කුමාර යොදා ගන්නේ නාලකට නිතර ෆොන්සේකා දුරකථන පණිවිඩ දෙන බව ඔහු දුර සිට අසාසිටීම පමණක් වීම විශේෂත්වයකි.
    ඔහු එහිදී මෙසේ කියා සිටියේය.

    "මේ අවුරුද්දේ අගෝස්තු 16 වැනිදා වගේ දවසක මම පොලිස්පතිතුමා හමුවන්නට යනවා. එතුමා මට කියනවා කොහොමද නාමල් සතුටුද මේ මගේ කොල්ලෙක් කියලා. නාලක සිල්වා එතනට එනවා සිවිල් ඇඳුමින්. එතුමා මට කියනවා ඔයාට තෑග්ගක් තියෙනවා කියලා. එයා චෙක් දෙකක් අතට ගන්නවා. "ඒ චෙක් දෙකේම ලක්ෂ දෙකහමාරක මුදලක් සටහන් කරලා තියෙනවා. පොලිස්පතිතුමායි ඒ ලියුම මගේ අතට දෙන්නේ. මාධ්‍යවේදීනුත් ඒ ෆොටෝ ගස්නවා. චෙක්පත් දෙක නැවත ඒ මොහොතේන්ම ඇදලා ගන්නවා මගෙන් පොලිස්පතිතුමා. පොලිස්පතිතුමා මට කියනවා ඊට පස්සේ උඹ කරන්නට සිතාගෙන සිටි දේවල් සියල්ල නවත්තපන් කියලා. නැත්නම් මම නරක මිනිහා කරගන්ඩ එපා කියලා එතුමා මට කියනවා, මම එතකොට හිනා වුණා මිසක් මුකුත් කියවී නැහැ. මොකද එයා නරක මිනිහාද නැද්ද කියලා මම දන්නවා."

    "ඒ කරපු දේ තමයි මට ලැබුණු ලොකුම සතුට. මොකද මම එදා දැනගන්නවා රටේ පොලිස්පතිතුමාත් මේ ක්‍රියාදාමයේ සිටින බවට. පොලිස්පති මට කිව්වේ උඹව භාරදීලා තියෙන්නේ නාලක සිල්වාට. වෙන පොලිස් නිලධාරීන් එක්ක උඹට සබඳකම් පවත්වන්නට බැහැයි කියලා. උඹේ ෆේස්බුක් ගිණුවල උඹ ප්‍රචාරය කරන්න
    දේවල් වහාම නවත්තන්නට කියලාත් කියනවා. එහෙම කළොත් ඉදිරියේදින් උඹට සල්ලි ලැබෙයි කියලා."

    "ඊට පස්සේ නැවත අර චෙක්පත් දෙක මට ලබාදෙමින් පොලිස්පති කියනවා ඔය චෙක් දෙක තියෙන්නේ නාලක සිල්වාගේ නමට එයාගෙන් සල්ලි ගන්නෙ කියලා. මම ඒ හෙළිදරව්ව කරලා පැය 24ක් යන්නටත් මත්තෙන් පොලිස්පතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා මේ මම හෙළි කළ තොරතුරුවල හඬ පට සැකසහිතයි කියලා. එතුමා මොකද කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නෙවෙයි මේ විමර්ශන කරන්නට භාර දෙන්නේ. වෙනත් ඒකකයකට." මේවායි ප්‍රශ්න.
    "මේ සිද්ධිය යටගහන්න දේශපාලකයෝ

    විවිධ උපක්‍රම යොදනවා. සරත් ෆොන්ස්කාත් කෑ ගහනවා. රනිලුත් ගහනවා."

    "මම අවුරුද්දක් තිස්සේ මේ දේවල් නාලක සිල්වා එක්ක කතා කරලා තිබෙනවා. මට නාලක සිල්වා මහත්තයා කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියක් තියනවාලු ජනාධිපති ධුරය හිඩැස් වුණත් ඒ තනතුරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්නලා කෙනෙක්ව නම් කරන්න පුළුවන් කියලා. කවුද ඒ තැන ගන්න පුළුවන්
    කෙනා රනිල් වික්‍රමසිංහ. ඒ නිසා අපි මේ ගේම් එක ගැහුවොත් ගොඩ කියලා. "මම කිව්වා කෝ මේකට සැලසුමක්. නාලක සිල්වා කියනවා බයවෙන්න එපා අපි ළඟ බඩු ඉන්නවා කියලා. මම අහනවා කවුද S.F. ද කියලා. ඇයි මම එහෙම අහන්නේ? මහනුවර තෙල්දෙණියේ එදා ගැටුම් ඇති වුණු වෙලාවත් මම නාලක සිල්වගේ එහා පැත්තේ ඉදගෙන ඉන්නේ, පොලිස් රථයේ. මේ වෙලාවෙත් සරත් ෆොන්ස්කා නාලක සිල්වත් එක්ක දුරකථනයෙන් කතා කරනවා. මම ඒ සියලු දේවල් අහගෙනයි ඉන්නේ."

    "මේ කතාකරපු බොහෝ දේවල් මගේ දුරකථනයේ ගබඩා වෙලා තිබෙනවා. ඒ අතර . තිබෙනවා ශ්‍රී ලංකා පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායකව ඒ තනතුරින් අයින් කරන කළ සැලසුම්. කොළඹ බස්නාහිර භාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කොඩිතුවක්කු, විශේෂ කාර්ය බළකාය භාර නිලධාරී ලතීෆ් හා සහකාර පොලිස් අධිකාර් ප්‍රසනේන අල්විස් යන පුද්ගලයන් ඝාතනය කරන්නට සකස් කරපු සැලසුම්වල හඬපට මම ඒත් දැන් එකතු කරගෙනයි යන්නේ."


    source - Gossiplankanews
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    "උඹ දැන් සෑහෙන ඒවා මේ රටට හෙලි කලානේ.... නරකද අම්මගෙන් ඇහුවොත් තාත්තා කව්ද කියලා?"

    ded:lol::lol::lol: