හයිවේ හදන එක වැරද්දක් නෙම. ඒ හදන්න ගිය මුදලෙන් තව හයිවේ ගහන්න තිබ්බා.. අපි ණය අරන් අපිම හැදුවා නම්.. අද චීනා දවස ගානේ එකතු කරන රුපියල පවා අපි ණය ගෙවනවා නේද ??
මචන් ඕක ලෝකේ හැමතැනම තියන දෙයක්. ඕස්ට්‍රේලියාවෙත් මට මතක විදියට හයිවේස් හදන්නෙත් චීන්නු, ඊට පස්සේ අවුරුදු 10ක් ,15ක් යනකල් එකේ ආදායම උන් ගන්නවා. ණයයි පොළියයි ගෙවෙනකම්. අපි නය අරන් අපිම හදන එකට වඩා එක හොදයි බන්. මොකද අපේ උන් ගන්න නයෙන් බාගේට බාගයක් වමට ගහනවා. (දැනුත් ගහනවා ඇති, එත් හදන්නේ චීන්නු නිසා කන්ට්‍රක්ට් එකේ වමට ගහන නැතුව ඇති) ඊට පස්සේ හයිවේ එක හදයි අවුරුදු ගානක් යනකන් කල් දදා. හයි වේ එක ඕපන් කරාට පස්සේ එකෙන් ලැබෙන ආදයමෙනුත් RDA එකේ උන් වමට ගහයි. එතකොට ගත්ත නය ගෙවන්න වෙන්නේ බාන්ඩාගාරේ සල්ලි වලින්. හයිවෙස් වලින් තමයි වමට ගහන එක අඩුම. නිකන් පාරවල් වලින් 20%ක් වත් එකේ RDA උන් වමට ගහනවා. උඩ ඉන්න අමතියෝන්ටත් කොටසක් දෙනවා ඇති. කන්ට්රක්ටර්ගේ ලාබේ 30% යි. අන්තිමට බලද්දී ලක්ෂ 50ට හදන්න තිබ්බ පාර හදන්න කෝටියක් ගිහින්. දන්න නිසා කියන්නේ මම ඉන්න ෆීල්ඩ් නිසා.
මාත් ඔය වගේ ෆැන්ටසි වල හිටිය උබේ වයසේදී එත් රස්සාවක් කරල යම්කිසි ලෙවල් එකකට ආවම රටේ ඇත්ත තත්වේ තේරෙන්න ගන්නව එදාට උබටත් එක තේරෙයි
හරිනං අපි දැන් සිංගප්පුරුව ගාවටවත් ලං වෙලා තියෙන්න ඕනෙනේ





