මං හිතන්නේ දින 100කින් විධායක ජනපති ධුරය අයින් කරලා පාලිමේන්තුවට වගකියන විධායක අගමැති ධුරයක් ඇතිකරයි. හැබැයි ඒකට විධායක ජනපති ධුරය වගේ ඒකාධිපති පාලනයක් ගෙනියන්න පුළුවන් බලතල නැතිවෙයි. මේක බොහෝදුරට විවිධ දේශපාලන පක්ෂ එකතුවෙලා හදන ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් වෙයි.
එහෙමවුනොත් දැන් කට්ටිය කියන විදිහට රනිල් තමයි අනාගත ආණ්ඩුවේ වි.අගමැති වෙන්නේ. මාත් කැමති රනිල් අගමැති වෙනවට. රනිල්ගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එත් රනිල් රට ගැන හිතන්නේ නෑ කියලා මතවාදය හැදුවේ ITN සහ රුපවාහිනී වගේ මාධ්‍ය එකතුවෙලා.එහෙම රට ගැන හිතන්නේ නැතුව වැඩ කරන්න රනිල්ට තියන උවමනාව මොකද්ද?
රනිල් එපා කියලා මහින්දට ඡන්දේ දෙනවා කියන්නේ මහින්දගේ ජරා වැඩ අනුමත කරනවා කියන එක නෙමෙයිද?. රනිල් මොනවා වුනත් අවංකයි මහින්දට වැඩිය. රනිල් ඇරෙන්න වෙන විකල්ප නායකයෙක් ඉන්නවද මචන් රටේ නායකයා වෙන්න පුළුවන්?