රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    10154200_729426790472528_8305799428519898446_n.jpg

    :rofl::rofl::rofl:

    Ookawa maruwanam thopima kaagahai yudde atharala sameta aapu minihawa marala jathiwade awissuwa kiyala,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    'ඒ වගේම තමයි රනිල් මහත්තයා කියන්නේ ලක්‍ෂයක්‌ හූ කීවත් කම්පා නොවෙන ඕනෑම දේකට ඔරොත්තු දෙන චරිතයක්‌. එතුමා කියන්න තියෙන දේ කෙළින් කියනවා. අගයන්න ඕනා පුද්ගලයව මහ ඉහළින් අගයනවා.'...

    ප්‍රෙමදාස මහතා මිය ගිය විට පාරෙ කිරිබත් උයාගෙන කාලා
    රතිඤ්ඤා පත්තු කරපු ජාතියක් උන්න රටක් මෙ රට..අද එහෙම කරපු අයම හුල්ලනවා අනෙ ප්‍රෙමදාස මෑතිතුමා උන්නා නම් නෑති බෑරි අප වෙනුවෙන් කුමක් හො කරනවා නෙද කියා..."අපෙ ජාතියට ඈත්ත තෙරුන් ගන්නෙ බොරු වලවල් සියකට විතර වෑටුනට පස්සෙ.."

    ප්‍රේම දෑසයි මහින්දයි දෙන්නම් එකයි
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    View attachment 53670රනිල් මහත්තයා වෙන අය වගෙ නෙමෙයි කතාබහ අඩුයි. ඕනෑම කෙනකුව ඇසුරු කරන්නේ සීමා සහිතවයි. මමත් එක්‌ක වුණත් හිතවත්කම තිබුණට නිතර නිතර කතාබහ කළේ නෑ. රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා එන්න ඉස්‌සර වෙල ඉඳලම මම එතුමාව දැනන් හිටියා. ඒ හිතවත්කම ගොඩනැගුනේ රනිල් මහත්තයා ඡේ. ආර්. මහත්තයා මුණගැහෙන්න නිතර නිතර පාර්ලිමේන්තුවට ආව ගිය අවස්‌ථාවල සංග්‍රහ කටයුතු කළේ මම නිසයි.

    රනිල් මහත්තයා මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ 1977 අවුරුද්දේ පැවති මහ මැතිවරණයෙන් බියගම ආසනය ජයග්‍රහණය කරලා. එදා ඉඳලා අද වෙනකම්ම නොකඩවා එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ වගේම ඡේ. ආර්. මහත්තයගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන දුරදර්ශී නුවණැති චරිතයක්‌. විද්වත් රැස්‌වීම් අමතන්න එතුමාට පරිගණක, කොළ කෑලි අවශ්‍ය නෑ. කරන්න ඕන දේශනය හරවත් අයුරින් කරන කෙනෙක්‌. මන්ත්‍රී කෙනෙක්‌ විදිහට පාර්ලිමේන්තුවට තේරීපත්වෙලා ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තු ඇමැතිවරයෙක්‌ වුණා. පාර්ලිමේන්තු සභා නායක ධූරය හෙබවුවා. විපක්‍ෂ නායක වුණා... අගමැති වුණා... අදටත් විපක්‍ෂ නායක ධුරය හොබවන්නේ රනිල් මහත්තයයි...

    පාර්ලිමේන්තු කාර්යමණ්‌ඩලයේ සෑම සුබසාධන වැඩකදීම රනිල් මහත්තයා ඉදිරිපත් වෙලා ඒ දේවල් අපට හොඳ විදිහට කරලා දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධුරය දරන කාලේ පාර්ලිමේන්තු කාර්යමණ්‌ඩලයේ වැටුප් වැඩි කර දෙන්න විශාල පරිශ්‍රමයක දැරුවා. පාර්ලිමේන්තු කාර්යමණ්‌ඩලයේ කවුරුහරි රනිල් මහත්තයගෙන් උදව්වක්‌ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ඒ දේවල් කරලා දෙන ගතියක්‌ තිබුණා. ඒත් වැඩියෙන්ම පස්‌සෙන් ගිහින් එතුමාට කරදර කළොත් රනිල් මහත්තයා ඒ පුද්ගලයන්ව මගහරිනවා. මම නම් වැඩ කළේ එතුමාගේ ගතිපැවතුම් හොඳින් අවබෝධ කරගෙනයි.

    images

    දිවයිනෙන් බැහැරව නොසිටියොත් අනිවාර්යෙන්ම රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට එනවා. යුරෝපීය ඇඳුමෙන් සැරසිලා ක්‌ලින්ටන් ලෙවල් එකෙන් තමයි එතුමා පාර්ලිමේන්තුවට එන්නේ. එතුමා කිසිම දවසක සිංහල ඇඳුමෙන් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. රනිල් මහත්තය පාර්ලිමේන්තුවේ කතා කරන සමහර අවස්‌ථාවල මම අහගෙන ඉන්නවා. කියන්න තියෙන දේ කරුණු කාරණා සහිතව බොහෝම පැහැදිලිව හොඳ අවබෝධයෙන් තමයි කතා කරන්නේ. එතුමා වගේ පාර්ලිමේන්තුවේ අවබෝධයෙන් කතා කරන තව කෙනෙක්‌ නැති තරම්.

    රනිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආපු හැම දවසකම භෝජනාගාරයට ඇවිත් පේස්ට්‍රීයක්‌ කාලා තේ එකක්‌ හරි බීලා යන පුරුද්දක්‌ තිබුණා. පාර්ලිමේන්තු භෝජනාගාරය කියන්නේ ඕනෑම කෑමක්‌ තියෙන තැනක්‌. තම රුචිය මත කියලා කෑම හදාගන්න පුළුවන් තැනක්‌. ඒත් රනිල් මහත්තය කෑම දිහා බලන්නේවත් නෑ. පෑගෙන වැලි කැට නොරිදෙන තරමට හිමීට භෝජනාගාරයට ඇවිත් මේසෙකට වාඩි වෙනවා. එතුමා භෝජනාගාරයට එනවා දකිනකොටම අපි ක්‍රියාත්මක වෙනවා. දවල් කෑමට ආවොත් එළවළු සුප් චුට්‌ටක්‌ බීලා, එළවළු චුට්‌ටක්‌ එක්‌ක පුංචි රෝස්‌ චිකන් කෑල්ලක්‌ කනවා. එයිට එහාට කෑමක්‌ ගන්නේ නෑ. අතුරුපසට පලතුරු ටිකක්‌ කනවා. ගස්‌ලබුවලට වැඩි කැමැත්තක්‌ තිබුණා. රනිල් මහත්තයා භෝජනාගාරයට ආවොත් අනිවාර්යෙන්ම දෙහි වීදුරුවක්‌ බොනවා. දෙහි බොන්න වේලාවක්‌ අවේලාවක්‌ තිබුණේ නෑ. හවස තේවලට භෝජනාගාරයට ආවොත් කෑවේ එළවළු ප්‍රේස්‌ටියක්‌ විතරයි. එකෙනුත් කන්නේ භාගෙටත් අඩුවෙන්. තේ එකක්‌ බොනවා එච්චරයි. සමහර දවස්‌වලට තේ එකක්‌ විතරක්‌ම බීලා යන අවස්‌ථාත් තියෙනවා.

    රනිල් මහත්තයත් භෝජනාගාරයේ කොනක මේසෙකට වෙලා ලියන කියන දේවල් කරන අවස්‌ථාත් තිබුණා. එතුමා පාර්ලිමේන්තුවට ආපු බොහෝ වෙලාවට ඉන්නේ පාර්ලිමේන්තු පුස්‌තකාලේ. රනිල් මහත්තයට ලැබෙන පුංචි විවේකයේදීත් එතුමා පොතක්‌ කියනවා. පුදුම විදිහට පොත පත පරිශීලනය කරන නායකයෙක්‌. ඒ වගේම තමයි නොකර ශබ්ද හිටියට රනිල් මහත්තයා භෝජනාගාරයට ආපු වේලාවට පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට වඩා විපක්‍ෂ මන්ත්‍රීවරුන් එක්‌ක මිත්‍රශීලී කතා කරන ගතියක්‌ තිබුණා. අනිත් මන්ත්‍රීවරුන් එක්‌ක කතා නොකෙරුවා නෙමෙයි. ඔය කවුරු කොහොම කිව්වත් රනිල් මහත්තයා පුංචි හිනාවත් සමග හැම කෙනා එක්‌කම වචනයක්‌ හෝ කතා කරනවා. මම මේව කියන්නේ ඇහැට දැකලා කනට ඇහිලා. හැබැයි ඒ කිසිම කෙනෙක්‌ එක්‌ක වැඩි භජනයක්‌ නෑ. ටිකයි හොඳයි. භෝජනාගාරයේ එතුමාගෙ හොඳම හිතවතා පියල්. රනිල් මහත්තයා භෝජනාගාරයට ආපු වේලාවට පියල් නොපෙනෙන්න හිටියොත් හොයල බැලුවා. පියලුත් රනිල් මහත්තයගෙ හෙවණැල්ල වගේම ඉන්නවා. විපක්‍ෂ නායක කාර්යාලට ආව ගියෙත් පියල් තමයි. රනිල් මහත්තයා භෝජනාගාරයට එන වේලාවට පියල් නැති වුණොත් තමයි අපි එතුමාට සංග්‍රහ කරන්න ඉදිරිපත් වෙන්නේ.

    එතෙක්‌ මෙතෙක්‌ පහළ වූ බොහෝ මන්ත්‍රීවරු එතුමන්ලගේ අමුත්තන්ව පාර්ලිමේන්තු භෝජනාගාරයට කැඳවගෙන ඇවිත් සංග්‍රහය කරනවා. රනිල් මහත්තයා කිසිම දවසක එතුමාගේ අමුත්තෙක්‌ව පාර්ලිමේන්තු භෝජනාගාරයට කැඳවගෙන ඇවිත් සංග්‍රහ කරලා නෑ. මම දන්න කාලෙක එතුමාගේ අමුත්තෙක්‌ව භෝජනාගාරයට ගෙනත් සංග්‍රහ කළා නම් ඒ චරිත රත්වත්තේ මහත්තයා විතරයි. වෙන කිසිම අමුත්තෙක්‌ව පාර්ලිමේන්තු භෝජනාගාරයට කැඳවගෙන ඇවිත් නෑ. ඒ වගේම රනිල් මහත්තයව කවුරු කොහොම විවේචනය කළත් රනිල් මහත්තයා කිසිම දේශපාලන චරිතයක්‌ විවේචනය කරන්නේ නෑ. අටෝප නෑ. අලංකාර නෑ. ඒකයි එතුමාගේ තියෙන සුවිශේෂී ගුණාංග. අනිත් එක තමයි රනිල් මහත්තය අතේ කිසිම වේලාවක ජංගම දුරකථනයක්‌ නෑ. එතුමාගේ ජංගම දුරකථන තියෙන්නේ වික්‍රමසිංහ ලේකම්තුමා ළඟ. අත්‍යවශ්‍යම දුරකථන ඇමැතුම් විතරයි රනිල් මහත්තය අමතන්නේ. ගොඩක්‌ම වේලාවට දුරකථන ඇමතුම්වලට සවන් දෙන්නේම නැති තරම්.

    රනිල් මහත්තය බලය අත්හරින තැනදී බොහෝම ගෞරවාන්විතව ඒ දේවල් කරනවා. 1994 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව සමබරයි. ආණ්‌ඩු පක්‍ෂයට මන්ත්‍රීවරු එකසිය දොළහයි. විපක්‍ෂයට මන්ත්‍රීවරු එකසිය දොළහයි. ඒ කාලේ රටේ අගමැති වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ අවස්‌ථාවේ සුළු පක්‍ෂවල සහාය අරගෙන එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න ගාමිණි දිසානායක මහත්තෙල උත්සාහ කළා. ගාමිණි දිසානායක මහත්තයා ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ අෂ්රොප් මහත්තයව මුණගැහෙන්න නැගෙනහිර පළාතට ගිහින් එනකොට රනිල් මහත්තයා අරලියගහ මන්දිරයෙන් පිට වෙලා තිබුණා. ඒ වගේම තමයි රනිල් මහත්තයා කියන්නේ ලක්‍ෂයක්‌ හූ කීවත් කම්පා නොවෙන ඕනෑම දේකට ඔරොත්තු දෙන චරිතයක්‌. එතුමා කියන්න තියෙන දේ කෙළින් කියනවා. අගයන්න ඕනා පුද්ගලයව මහ ඉහළින් අගයනවා. වරක්‌ මල්වතු සහ අස්‌ගිරි උභය පාර්ශ්වලින් මහින්ද රාජපක්‍ෂ මහත්තයට ශ්‍රී රෝහණ ජනරංජන පදවිය පිරිනැමුවා. ඒ අවස්‌ථාවේ මුළු රටේම මහින්ද රාජපක්‍ෂ මහත්තයව ඇගයීමට ලක්‌ කරලා උත්සව සංවිධාන කළා. ජෙයරාඡ් ප්‍රනාන්දුපුලේ ඇමැතිතුමා මූලිකත්වය ගෙන මහින්ද රාජපක්‍ෂ මහත්තයව පිළිගන්න පාර්ලිමේන්තුවෙත් උත්සවයක්‌ සංවිධානය කළා. ඒ උත්සවයේදී ආර්. සම්බන්ධන්, හකීම් මහත්තයා, රත්නසිරි මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයාව අගයමින් කතා කළා. පාර්ලිමේන්තු කාර්යමණ්‌ඩලය වෙනුවෙන් උත්සවය අමතලා කතා කළේ මමයි. විපක්‍ෂයෙන් උත්සවය ඇමතීමට ආරාධනා කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයටයි. කියන්න සතුටුයි එදා ඒ උත්සව අමතලා කතා කරපු අයගෙන් හරවත්ම කතාව කළේ රනිල් මහත්තයයි. 'ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැඩිලා බිඳිලා බිංදුවට වැටිලා ඉන්න වේලාවේ පාද යාත්‍රා පවත්වලා... ජන ඝෝෂා නංවලා නැවත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජීවය දුන්නේ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා. නැති වෙච්ච දේවල් ඇති කරන්න පුළුවන් සුවිශේෂී පුද්ගලයෙක්‌. ඒ නිසා එතුමාට මේ වගේ පදවියක්‌ ලබා දුන්න එක ගැන මම උන්වහන්සෙලාට ස්‌තූතිවන්ත වෙනවා. ඒ වගේම මමත් සතුටු වෙනවා. සම්බුද්ධ ශාසනයටත්, සංඝයා වහන්සේලාටත් විශාල උනන්නතියක්‌ ලැබෙන බව මට හොඳට විශ්වාසයි...' කියලා කතාව අහවර කළා.

    රනිල් මහත්තෙල වගේ රටේ දැවැන්ත චරිත කතා කරන උත්සවය අමතන්න අබේසේකරටත් ඉඩක්‌ ලැබුණු එක ගැන මම අදටත් සතුටු වෙනවා.

    තරංග රත්නවීර
    (ඉරිදා දිවයින)

    Bump
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    BUMP
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    'ඒ වගේම තමයි රනිල් මහත්තයා කියන්නේ ලක්‍ෂයක්‌ හූ කීවත් කම්පා නොවෙන ඕනෑම දේකට ඔරොත්තු දෙන චරිතයක්‌. එතුමා කියන්න තියෙන දේ කෙළින් කියනවා. අගයන්න ඕනා පුද්ගලයව මහ ඉහළින් අගයනවා.'...

    ප්‍රෙමදාස මහතා මිය ගිය විට පාරෙ කිරිබත් උයාගෙන කාලා
    රතිඤ්ඤා පත්තු කරපු ජාතියක් උන්න රටක් මෙ රට..අද එහෙම කරපු අයම හුල්ලනවා අනෙ ප්‍රෙමදාස මෑතිතුමා උන්නා නම් නෑති බෑරි අප වෙනුවෙන් කුමක් හො කරනවා නෙද කියා..."අපෙ ජාතියට ඈත්ත තෙරුන් ගන්නෙ බොරු වලවල් සියකට විතර වෑටුනට පස්සෙ.."

    danuth okmane ban wela tiyenne.rata beragatthu mabussyata salakapu hati dekkada.tawa tika dawasakin tereiy ranna poniluy,mongal samaraveeray ratata kelawanakota.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.
     
    මාලබේ එරෝසන්, amasin සමග එළඹි ප්‍රසිද්ධ ගිවිසුමට ගරු කර account එක වහා භාරදෙනු.
    තමන්ගේම වචනෙට ගරු නොකරන මිනිහෙක් කියන කිසිදෙයක් එළකිරිය පිළිගනීද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    :P
     
    Nov 24, 2014
    789
    64
    0
    රනිල් අකමැතිම ලමයි හදන්න. මොකද උට ලමයෙක් හදාගන්නවත් කොන පන නැති නිසා. ඕක බැන්දෙත් ජනාදිපතිවරනෙට ඉල්ලන්න විවාහකයෙක් වෙන්න ඕනෙ නිසා හැටත් පැන්නට පස්සෙ. එහෙව් නපුංසකයන්ව අගමැති කමට පත් කරගෙන ටහුකාගන්නයි වෙන්නෙ. බලං ඉදපල්ලකො ඉස්සරහට.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    Oct 30, 2014
    306
    9
    0
    -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------
    මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ සරණක් වුනේ මෛත්‍රී. රනිල් ජනතාව ප්‍රතික්ශේප වුන නායකයෙක්.රනිල් එජාපයෙන් ඉදිරිපත් වුනානම් අදටත් මහින්ද ජනාධ්පති පමණක් නොව ඉතිරි එජාප කබ්බො සියල්ලම මහින්දගේ දෑත ශක්තිමත් කිරීමට මේ වන විටත් පිල් මාරුකර අවසන්. අද මේ පිබිදීම එජාපයට ලගු කරන්න යමෙක් උත්සාහ කරනවනම් එය විහිලුවක්.මෛත්‍රීගේ ජයග්‍රහනය ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයන්,හෙල උරුමය ,ටීඑන්ඒ, වතු කම්කරු කොන්ග්‍රසය,මුස්ලිම් කොන්ග්‍රසය, සහ අනෙකුත් පක්ෂ ගනනාවකගේ එකතුවකින් ලබපු ජයග්‍රහනයක්. අප විශ්වාස කරන්නේ එජාප චන්ද පදනම තාමත් 23% මදක් වැඩි බව මිස මහ මැතිවරණයකින් ජය ගැනීමට පැහැදිලිව නොහැකි බවයි. අනුන්ගේ ජයග්‍රහන වෙනුවෙන් විසිල් බල්ටි ගසමින් නටන්නේ 20අවුරුද්දක් චන්ද 30පැරදුන එජාපයයි. රනිල් පව්.

    එජාප ඡන්ද පදනම කොහෙද මචන් 23%. ඌව පළාත් සභාවේ විතරක් 40% ගියපාර (මොනරාගල කියන ශ්‍රිලනිපෙ බලකොටුවත් ඇතුලත්ව). මහින්දට තිබ්බ යුද්ධයෙන් ලැබුණු ජනප්රියභාවයත්,මහින්දගේ රාජ්‍ය බලය අවභාවිතයත් එක්ක දිනන එක ලේසි නෑ රනිල්ට. ඒක නිසා ශ්‍රීලනිපේ ඇතුලෙන් ඡන්ද කඩන්න ඕන වුනා. හෙලුඋරුමේත් කැමති කරවගන්න ඕන වුන. අනිත් එක ජනාධිපතිදුරයේ විධායක බලතලත් ටිකක් අඩු කරනවනේ. ඒකයි මෛත්‍රීව දැම්මේ. මුස්ලිම් මිනිස්සුයි, දෙමල මිනිස්සුයි රනිල් ඉල්ලුවානම් අනිවා රනිල්ට දෙනවා. මොකද මහින්ද විමල් විරවන්ෂලාට, බොදු බලේට බුරුල දුන්න වැඩියි සහ ඒ පිරිස් කියපු කරපු වැඩ නිසා මුස්ලිම් මිනිස්සු මහින්දට අකැමතිවුනා සහ දෙමල සන්ධානේ කොහොමත් එවකට විපක්ෂ අපේක්ෂකයාට එකතු වෙන පාටක් තිබ්බ නිසා. 2005 රනිල් පැරදුනේ ඡන්ද 180000 කින් විතර. උතුරේ ඡන්දේ තිබ්බනම් ඒකත් රනිල් දිනුම් බොහෝවිට. අනික ඒ ජනපතිවරණය තිබ්බේ UNP ආණ්ඩුව ඊට කලින් මහමැතිවරණයෙන් පැරදුනාට පස්සේ. ලේසි නෑ එතකොට.

    එජාපෙට ඊළඟ මැතිවරනෙන් තනියම ඉල්ලුවොත් 113 ආසන ගන්න පුලුවන්ද කියන්න තාම කල් වැඩියි මචන්. හැබැයි ඊළඟ පාර එහෙම ගන්න බැරි වුනත් පලිමෙතුවේ වැඩිම ආසන ගාන ගන්නේ එජාපෙ. ශ්‍රීලනිපේ දෙකට කැඩිලා ඉවරයි. වැඩිම ආසන ගානක් ගන්න පක්ෂයට සුළු පක්ෂ එකතු කරගන්න ලේසියි, ඒ නිසා එජාපයට ඕනෙනම් තනියම ඉල්ලලා පස්සේ ආණ්ඩුවක් බිහිකරගන්න පුළුවන් තව කට්ටිය එකතුකරගෙන.

    මෛත්‍රීපාල මහත්තයාගේ බිම්මට්ටමේ සංවිධාන වැඩ කලේ ඔක්කොම එජාපෙ අය. අනික එජාපෙ අලුත්මුණු කට්ටියට සුජීව,හර්ෂ,එරාන්,අකිල(සජිත් පවා) වගේ කට්ටියට වැඩ කරලා පෙන්නන කාලයක් හම්බුනේ නෑ මිට කලින්. තව එජාපෙ ඉන්නවා ආසන මට්ටමෙන් ජනප්‍රිය එත් රටේ දිස්ත්‍රික්ක මට්ටමෙන් ජනප්‍රිය නැති කට්ටිය. ඒ ගොඩක් අයට ඇමති දුර හම්බුනා. ඇමති දුර ලැබිලා වැඩ කරන්න පටන්ගත්තහම මාස 3 ක් වුනත් තියෙන්නේ එජාපෙට බිම්මට්ටමෙන් මේකෙන් ලකුණු දාගන්න පුළුවන් දැවැන්ත ආයෝජන ව්‍යාපෘති පටන්ගන්න බැරිවුනාට. තව ලංකාවේ පිරිසක් ඉන්නවා පාලක පක්ෂය තියන පැත්තට ඡ්නදය දෙන. උදා : සමුර්ධි ගන්න ජනතාවගේ සමහර පිරිසක් මීට පෙර අර 5000 ගානකද කොහෙද නයෙන් ඉතුරු කොටහ ගන්න මහින්දට චන්ද දුන්න වගේ අය. ඒ ඡන්දත් එජාපෙට තමයි බොහෝදුරට ඊලඟ පාර එජාපෙ තනියම ඉල්ලුවත්.

    මෛත්‍රීගේ ජයග්‍රහණය එජාපෙට ලගුකරනවා නෙමෙයි මචන්. එහෙම කරනවානම් වැරදියි. ඒත් එජාපෙ තමයි ලොකුම බරක් ඇද්දේ. හැබැයි දින්නේ පොදු විපක්ෂය ලෙස හමොම එකතු වුන නිසා. නැත්තන් කාටවත් වෙන් වෙන් වෙලා දිනන්න අමාරුයි.
     
    Last edited: