රමණි බර්තොලමියුස් ඛේදවාචකය

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රමණි බර්තොලමියුස් ඛේදවාචකය

    කමල් අද්දරආරච්චි
    රමණි බර්තොලමියුස්ගේ මරණයට
    සැකකරුවෙකු වූ හැටි


    පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණයේ
    නොලියවුණ කතාව

    r1.jpg




    1985දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගෙන පසුව ටෙලි නාට්‍ය වලටද සම්බන්ධවූ 21 හැවිරිදි සුරූපි නිළි රමණි බර්තොලමියුස් හදිසියේ මරණයට පත්වූයේ 1987දීය.


    hqdefault.jpg



    එක්තරා රාත්‍රියක ඇයගේ නවාතැනට පැමිණි ඇයගේ පෙම්වතා බව කියූ ප්‍රකට නළු කමල් අද්දරආරච්චි ඈ සමග බහින්බස්වීමක් ඇති කරගත් බවත් පසුව කමල් කෝපයෙන් වාහනය එළවාගෙන එතැනින් පිටව යන්න හදද්දී එය වළක්වන්නට රමණී කමල්ගේ වාහනයට පැන්න බවත් වාර්තා වුණා. හිසේ ඇතිවූ තුවාලවලින් පසු ඇය දිනකට පසුව රෝහලේදී මරණයට පත්වුණා.



    මෙම මරණය සිදුවූ ආකාරය ගැන විවිධ මත ඒ කාලයේ පැතිරුණා. කමල්ගේ වාහනයට නැගීමට තැත් කිරීමේදී ඔහු ඇයව තල්ලු කර දැමූ බව සමහරු කී අතර කමල්ගේ වාහනයට නැගීමෙන් අනතුරුව බහින්බස් වීමක් නිසා ඇය රථයෙන් පැන ඇති බවත් සමහරු කිව්වා. කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේදී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව වැඩිදෙනෙකු විශ්වාස කළ අදහසයි.


    Ramani_Bartholomeusz_(1966-1987).jpg




    "මම වැඩ වගයකට ගිහින් රමණිව බලන්න එයාගේ ගෙදරට ආවා. මම එන්න හුගක් රෑ වුණා. ඒ ගැන රමණිට කේන්ති ගිහින් හිටියේ. ඒ පාර මම මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණි වාහනේ එල්ලිලා ඉන්න ඇති. එක පාරටම වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටිලා හිටියා"
    කමල් මේ ගැන කියා සිටි අදහසයි.

    ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි රමණි බර්තොලමියුස් ටෙලිනාට්‍ය වැඩ සඳහා පහසු බැවින් කොළඹ රාජගිරිය ප්‍රදේශයේ කුලියට ගත් ඇනෙක්සියක තනිවම පදිංචිවී සිටියා. ඒවන විට 21 හැවිරිදි වියේ පසු වූ රමණි පිපෙන්නට වෙර දරන මල් කැකුළක් බඳු යුවතියකි.

    images



    කාලයක් ජනප්‍රියවූ භාග්‍යා නමැති ඒකාංගික ටෙලි නාට්‍යයේ ආජු තපර ලාහිලා ගීතයට කපිරිඤ්ඤා නැටුමක් රගදැක්වූ රමණි බර්තොලමියුස් 1985 වසරේදී ලක් රූ රැජින ලෙස කිරුළු පැළඳි පසුව ලෝක රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කළා. ආචාර්ය ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස්ගේ සැලළිහිණි ගම්මානය සහ යුගාන්තය යන චිත්‍රපටවලත් හිමකුමාරි ඉරට හ~න මල් ටෙලිනාට්‍ය හා ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා වේදිකා නාට්‍යයේත් රගපෑ ඇය කමල්ගෙ පෙම්වතිය බවට පත්ව මාස ගණනාවකින් පසු මේ අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණපෑවා.

    1987 ජූනි 29 වැනි දින පාන්දර රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේ කමල්ය. හිසෙන් ලේ ගලමින් ඒ වන විට ඈ සිහිසුන් තත්ත්වයෙන් පසුවූවා. ඒ මොහොතේම ඇගේ හිස සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරු කටයුතු කළා. රමණිගේ දෙපතුල තෙක් විහිදී තිබුණු දිගු වරලස කපා ඇගේ පෙම්වතාගේ අතට දීමෙන් අනතුරුව ඔහු එය බදාගෙන වැළපෙන්නට වූ බවද වාර්තා වුණා.

    ශල්‍යකර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා. සිද්ධිය සැලවී කලාකරුවන් රැසක් දැඩි සත්කාර ඒකකය අසල බලාපොරොත්තු සහගතව රැඳී සිටි මුත් වෛද්‍යවරුන්ට ඇගේ ජීවිතය බේරාගැනීමට අමාරු තත්වයක ඇය සිටියා.


    mqdefault.jpg


    මේ වන විට ඇගේ මොළය මිය ගොස් ඇති බව වෛද්‍යවරු සහතික කළා. මොළය මියගිය අයකු කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයකට සවිකර තිබිමේ ඵලක් නොමැත. මන්ද මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති බැවිණි. මේ අනුව රමණි බර්තොලමියුස්ව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත් කිරීමට තීරණය වුණා. ජූනි 30 වැනි දින රාත්‍රී 10.05 ට පමණ රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් පොද වා තලයේ සැගව ගියා.

    ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බව ප්‍රකාශ වුවද ඇත්ත වශයෙන්ම ඇයව මරණයට පත් කළාද, ඇය මියගියාද යනුවෙන් බොහෝදෙනකු තුළ කුකුසක් ඇති වුණා.

    රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යූ. තෙලිසිංහට බාර විය. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරය.

    ඒ වන විට 21 වැනි වියේ පසු වූ රමණි බර්තොලමියුස් අඩි 5, අ`ගල් 8ක උසකින් යුක්ත විය. ඈ සැරසී සිටියේ රාත්‍රී නිදන ගවුමකිනි. ඇගේ හිස මුඩුකර තිබුණේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර තිබූ නිසාය. සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවල සීරීම් තුවාල දක්නට ලැබිණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්‍රදේශවල තුවාල දැකගත හැකි වුණා. ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී තිබිණි. මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මර”ය තුවාල දක්නට ලැබිණි. ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි. ඇගේ හිසේ තුවාල අත් පාවල දැකිය හැකිව තිබූ තුවාල තවදුරටත් සියුම්ව විශ්ලේෂණය කිරීමේදී වාහනයක හැපීමෙන් පසුව වැටීමෙන් සිදු වූ තුවාලවලට එය අනුරූප විය. තුවාලවල ස්වභාවය සහ තුවාල පිහිටි ස්ථාන අනුව වාහනයෙන් තල්ලු කිරීමෙන් හෝ පැනීමෙන් සිදු වූ බවක් පෙනෙන්නේ නැත.

    මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළා. අධිකරණ වෛද්‍ය වාර්තාව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කළා. ඇගේ පෙම්වතා වූ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්ච් ඒ අනුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන්ද පැහැදිලි කර තිබූ අතර එහි සිදුවූවා යැයි අනුමාන කළ හැකි එකම මතය වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේදී ඇය ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේද එයමය. එය අධිකරණ වෛද්‍ය වාර්තාව සමග සැසඳී තිබුණා. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා.

    එහෙත් රටපුරා ඒ ගැන කතාවෙද්දී රමණීව කමල් මරා දැමූ බවට විවිධ චෝදනා පැතිරුණා. ඔහු අපරාධකරුවකු ලෙස හංවඩු ගැසුණා. ඒත් පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැත.

    මේ අනුව රමණි බර්තොලමියුස්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඇගේ පෙම්වතාට නඩු පැවැරීම පිළිබඳව පියවර ගන්නට එවකට නීතිපතිවරයා මැළි වුණා.ඔහු දැක්වූයේ කමල්ට ඇය මරා දැමීමේ චේතෙනාවක් නොතිබූ බවය

    Kamal%2BAddararachchi.gif




    කිරියේ දැකපු පෝස්ට් එකක් නිසා මේක දාන්න හිතුනේ..

    කියවලා බම්ප් කරලා යන්න..

     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    meka hena wasanawanathayek machanla gamini vijayagenapasse niliyangen hondatama wada gate muu tham a
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මෙයාගෙ තාත්තා ගුරුවරයෙක් නේ, මෙයා මැරුනම එයා පංතිකරන එකත් නැවැත්තුවලු.
     
    • Like
    Reactions: ^Buddhika^