රම්බඩගල්ල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    රම්බඩගල්ල - මොණරාගල අසම සම සමාධි පිළිම වහන්සේ

    ජනක වෙත්තසිංහ

    ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලෙයිබාන් කුරිරු හස්තයට හසුවී විනාශ වීම දියතම කම්පා කළ මහා ඛේදවාචකයකි. එය බෞද්ධ දේශයේ ලාංකික සංවේදී මිනිසාගේ හදවත පසාරු කළ හී පහරක් සේ වූ අතර දැවැන්ත කඳු ගහණයක් මධ්‍යයේ වූ රම්බඩගල්ලටත් එය දැනෙන්නට විය. ඒ නිසාම රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානය වෙත මිනිස්සු සමූහයක් එකතු වූහ. ඒ අතර සිටි කොලු ගැටයකු මහ හයියෙන් කෑ ගසා පැවැසුවේ ‘ලොකු හාමුදුරුවනේ අපිත් මුස්ලිම් පල්ලි කඩල දාමු’ කියා ය. මේ පුංචි දරුවා තම ආවේගය එලෙස පිට කළේ අත්දැකීමෙන් මුහුකුරා නොගි කුඩා සිත ද කම්පනයට පත්ව තිබූ බැවිනි.

    108534238.jpg


    එවිට විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි නා හිමියන්ගේ පිළිතුර වූයේ ‘ඉතිහාසයේ දී අපට කොතෙකුත් ගැහුවත් අප ආපසු හැරී නො ගහපු ජාතියක්’ බවයි. ‘ ඒ නිසා පල්ලි කඩන එක නොවෙයි අපි කරන්න ඕනෑ විනාශ වූ පිළිම වෙනුවට තවත් පිළිමයක් හෝ දහයක් හෝ හදන එකයි. පුළුවන්නම් කළු ගලෙන්ම පිළිමයක් හදමු’ කියා ය.

    මේ උණුසුමෙහිම 2001 වෙසක් පෝය යෙදී තිබුණේ මැයි 5 වැනි දිනය. 3 වැනි දා කුඩා දරුවෝ විහාරස්ථානයේ දී සිල් සමාදන් වූහ. එදා දරුවන් සහ දෙමාපියන් එකතු වී මුදලක් එකතු කර විහාරාධිපතින් වහන්සේට පරිත්‍යාග කළේ ගල් පිළිමයක් සෑදීමේ කර්මාන්තයන්ට දිරිදීමක් වශයෙනි. මේ සිල්ලර කාසි සියල්ල ගණන් කළ විට එතන රුපියල් 1358 ක් එකතු වී තිබුණි. අද වන විට හයකෝටි පනස් ලක්‍ෂයක් පමණ වැය වී ඇති මෙම දැවැන්ත කාර්යය වෙනුවෙන් එකතු වූ මුල්ම පරිත්‍යාගය වූයේ පිවිතුරු කුඩා දරුවන්ගේ සිගිති දෑතින් මුදාහල ඒ රුපියල් 1358 ක බරපැණ ය.

    ගල් පිළිමයක් සෑදීමට වැයවන මුදල කොතරම් දැයි නොදනිතත්, පිළිමයක් කෙසේ හෝ සෑදිය යුතුමයැයි ස්ථිරවම අමරමෝලී නා හිමි සිතේ පැළපදියම් වුනේ මෙම සිදුවීමත් සමඟය. දැන් ඉතින් කල්මරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍යය වන්නේ ප්‍රතිභාපූර්ණ ගල්වඩු ශිල්පියෙකි. ඇත්තෙන්ම එය නම් කෝටි ගණනක් මුදල් සොයනවාටත් වඩා අපහසු කාර්යයකි. ලංකාවේ මෙන්ම මෙතෙක් ලෝකයේ ඉදිවන අසමසම ශෛලමය බුද්ධප්‍රතිමාව සෑදීම අමරමෝලි හිමියන්ගේ අදහස විය. ඒ නිසාම එය නිර්මාණශිල්පියකුට අභියෝගයකි. එසේම ලක්බිමේ දී වසර අටසිය පනස් ගණනකට මෙපිට මෙවන් අසීරු කාර්යයක අද්දැකීම් නොමැති නිසා ගලෙන් වැඩක් කළ හැකි විශිෂ්ට ගණයේ ශිල්පියකු සොයා ගැනීම ද ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.

    මෙතරම් මහත් වූ අභිගයක් හමුවේ සෙල් පිළිමය නෙලීමට ශිල්පියකු ද මෙම කාර්යයට දැවැන්ත මුදල් කන්දරාවකුත් නොමැතිව එහෙත් මොණරාගල මහ කන්දමෙන් නොසැලී නැගී සිටින දැවැන්ත චිත්ත ශක්තිය පමණක් රැගෙන අමරමෝලි නා හිමියෝ අවදියෙන් පසු වූහ.

    කෙතෙකුත් ආරංචි පැමිණිය ද ඒ ඔස්සේ සතර දිග්බාගයේ ඇවිද ගිය ද ඉතිහාසයේ විකුම් පෑ අපගේ ගල්වඩු මුතුන් මිත්තන්ගේ පරපුරේ මුනුපුරෙකු මේ බිමේ දී සොයා ගැනීමට නොහැකිවීම ඇත්තෙන්ම අභාග්‍යයකි. මේ අතර හෝඩුවාවක් ලැබුණේ නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ කෝවිලක ගලින් නෙලූ මනා අංගලක්‍ෂණ සහිත හනුමාන් පිළිමයක් පිළිබඳව ය.

    z_p20-ramba1.jpg

    එගොඩමුල්ලේ අමරමෝලි නාහිමි

    අමරමෝලි නා හිමි තවත් කීප දෙනකු සමඟ පිළිමය බලන්නට ගිය ගමනේ දී දේවනායගම් ඊශ්වරන් මහතා අප හිමියන්ට කෝවිලේ දී අහම්බයෙන් මුණ ගැසෙන්නේ දෛවය දායාද කළ තිළිණයක් පරිද්දෙනි. හනුමාන් පිළිමය කළ ශිල්පියා ගැන දැන ගන්නේ ඊශ්වරන් මහතාගෙනි. මෙම මූර්ති ශිල්පියා ලංකාවේ කෙනකු නොවේ. ඔහු මදුරාසියේ මුත්තයියා ස්ථපතිය. ඔහු සොයා දැන් මදුරාසියට යා යුතු ය. අමරමෝලි හිමියන්ට මදුරාසියට යාමට වීසා ගුවන් ගමන් ටිකට්පත ද සකසා දෙන්නේ ඊශ්වරන් මහතා ය. මදුරාසි හමුවට ඊශ්වරන් මහතාද එක් වෙයි. ඒ වන විට ස්ථපති මහතාගේ වයස අවු. 64ක් පමණ වෙයි. ඔහු ඇමරිකාව, එංගලන්තය, මැලේසියාව, බැංකොක් ආදි රටවල මූර්ති ශිල්පියකු වශයෙන් තම ප්‍රතිභාව ප්‍රකට කළ ඉන්දියාවේ ‘පද්ම ශ්‍රී’ හා ‘ශිල්ප කලාමනී’ ගෞරව නාමයන්ගෙන් ද උපහාර ලැබූ පාරම්පරික මූර්ති ශිල්පියෙකි.

    මෙතුමා යටතේ හත් අට සියයක් පමණ නිර්මාණ ශිල්පීහු සේවය කරති. හාමුදුරුවන් පැවැසූ විස්තර අනුව අඩි 50ක පිළිමයක් සෑදීමට මෙම නිර්මාණ ශිල්පියා එකඟ වෙයි. ස්ථානය ඇසින් නොදුටුව ද යන මුදල අනුමාන වශයෙන් ගණන් සාදා ඔහු පවසන්නේ මෙම කාර්යයට ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ දහයක් පමණ වැය වෙන බවකි. මුදල ගැන කිවූ පමණින් අමරමෝලි හිමියන්ගේ අධිෂ්ඨාන ශක්තිය ඉරි තලන්නට පටන් ගත්තේ පිළිමය සෑදීම වෙනුවෙන් තම අතේ ඇත්තේ එදා දරුවන් එකතු කර දුන් මුදල පමණක් බැවිනි.

    ඊශ්වරන් මහතාට අප හිමියන්ගේ නොසන්සුන්කම මුහුණෙන් දැණුනු බැවින් ඔහු හිමියන්ගේ කනට කර පැවැසුවේ ‘ස්වාමීන් වහන්ස ගණන අපට ලාභයි’. ඒ ගැන තවත් කතා නොකරන ලෙසය. මෙම හමුවීමෙන් පසුව ස්ථපති මහතා මොණරාගල විහාරස්ථානයේ ගල් තලාව බැලීමට ලංකාවට පැමිණියේ ය. මහා භූමි ප්‍රදේශයක් වසා යෝධ හස්තිරාජයකු සේ නැඟී සිටි ගල් කුළ දැක ඔහු තම අත්ල මත බුද්ධ ප්‍රතිමාවක දළ සටහනක් ඇන්දේ ය. මෙම රේඛා සටහන දුටු අමරමෝලි නා හිමියන්ට සිතුනේ දෛවය විසින් ඉතාම සුදුසු ශිල්පියා තමාට මුණ ගස්වා ඇති බවය. ගල්තලාව දැකීමෙන් පසුව ස්ථපති මහතාගේ අදහස වෙනස් වී තීරණය කරගත් අඩි 50 ක පිළිමය අඩි 67.5 ක් දක්වා තවත් විශාල වෙයි. ඒ සමඟ වැයවන මුදල ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ 5.3 ක් වේ යැයි ඔහු ඇස්තමේන්තු කරයි. මෙසේ පිළිමයේ ප්‍රමාණය විශාල වෙද්දී වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා අඩු වීමෙන් පෙනී යන්නේ ස්ථපති මහතා වවාගෙන නොකන ඉතා අවංක මිනිසකු බව ය.

    ඇත්තෙන්ම ස්ථපති මහතාට අවශ්‍ය වූයේ වැඩේ උඩින් පල්ලෙන් ගසා අත පිසදාගෙන සල්ලි මල්ලක් කරේ තබාගෙන යාම නොවේ. ශිව, දුර්ගා, ක්‍රිෂ්ණා, හනුමාන් වැනි දැවැන්ත පිළිම සහ සුවිසල් කෝවිල් ආදිය පෙර අපර දෙදිග නිර්මාණය කර ඇති ඔහු ගේ ජීවිත කාලය තුළ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර නොතිබුණේ ය. මෙය ස්ථපති මහතාගේ ප්‍රථම බුදුපිළිම නෙලීම වන අතර ශිල්පියාගේ වයස අනුව ඔහු අතින් නිමැවෙන එකම බුදුපිළිම වහන්සේ ලෝකයේ අසමසම ශෛලමය සමාධි පිළිම වහන්සේ ලෙස තම අතින් නෙලීමට ලැබීම ඔහු ජීවිතයේ ලද පරම භාග්‍යයක් වන අතරම ඔහු එම අති දුෂ්කර අභියෝගය භාර ගැනීමට එඩිතර වූයේ ඔහු සතුව පැවැති පරිණතභාවය සහ ආත්ම විශ්වාසය පිළිබඳව ඔහුගේ හෘදසාක්‍ෂිය සැක නොකළ බැවිනි.

    z_p20-ramba2.jpg

    මුත්තයියා ස්ථපති මහතා

    මෙම අසදෘශ මහා පිළිම වහන්සේ මිහිමතින් නැගී අහස්කුස සිසාරා දෙවි – මනුස්සයන්ගෙන් පුද සත්කාර ලබන විට ඒ අසහාය පිළිරුව නෙලූ ස්ථපති ගල් වඩු ශිල්පී නාමය ද සදානුස්මරණීය වනු ඇත. මේ මහා දැවැන්ත විශ්මකර්ම කාර්ය වෙනුවෙන් ආර්ථික වාසිය ඒකායන අරමුණ නොකර ගත් පිනට ස්ථපති නාමය ද පූජනීය වනු ඇත. මෙම පසුබිම් කථනය ස්ථපති නිමැවුම් ශිල්පියාගේ හදවත ඇමැතුවා විය හැකි ය. පිළිමය නෙලීම ආරම්භ වන්නේ 2002 සැප්. 13 වැනිදා ය. අනාගත ලෝකය විසින් ඉතිහාසය ආලෝකවත් කළ ස්වර්ණමය දි නයක් ලෙස මේ දිනය සටහන් කර තබනු ඇත.

    ඒ සමඟ මහා ගල් පර්වතයේ බඳ අඩි 40ක් හරස් ගැඹුරට හැරෙයි. ගල් තලාව පතුල අඩි 17ක් යටට හෑරෙන අතර පිළිමයේ පෙර බිමෙහි අඩි 6ක් ගැඹුර රමණීය පොකුණක් ද තැනෙයි. එසේම පිළිමය ඉදිරිපස දැවැන්ත මළුව කළු ගල සම මට්ටම් කර සැකැසූ මහා වේදිකාවකි. මෙය නම් මහා වික්‍රමාන්විත රජවරුන්ගේ අභිමානය ද සසළ කරවන ඓශ්චර්යවත් කලා කෘතියකි.

    ස්ථපති මහතා නිතර ලංකාවට පැමිණිය ද ඔහු කිසිදා මුදල් ගැන කතා නොකරයි. එතුමා සම්බන්ධ කර දුන් ඊශ්වරන් මහතා අදත් මේ දැවැන්ත කාර්ය පසුබිම වසා හිඳින යෝධ සෙවනැල්ලකි. අමරමෝලී හිමියන් පවසන්නේ දේවනායගම් ඊශ්වරන් නාමයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉටු දෙවියකු බවත් ස්ථපති මූර්ති ශිල්පියා බෝධිසත්ව ගුණ සපිරි උතුම් මිනිසකු බවත් ය. මෙතෙක් කෝටි 6 1/2 ක් පමණ මුදල් කන්දක් මෙම දැවැන්ත කාර්ය වෙනුවෙන් වැය කර ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව, දානපති පරිත්‍යාගශීලීන් මෙන්ම දුප්පත් මිනිසුන් තම ශක්ති ප්‍රමාණයෙන් හරි හම්බ කළ ධනයෙනි. පුරා වසර 11 ක් තුළ මොණරාගල මහකළු ගල මුදු මොළොක් කිරීමට තරම් දහඩිය ශ්‍රමය වැගි දස දහස් ගණනක සැදැහැවත් මිනිසුන්ගේ ශ්‍රම දානයට මිලක් නියම කළ නොහැකි ය. කුරුණෑගල ද දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ පිහිටි මොණරාගල විහාරස්ථානයට පැමිණිය හැක්කේ කුරුණෑගල සිට නුවර පාරේ කි.මී. 4 ක් පමණ පැමිණ මල්ලවපිටිය හන්දියෙන් වමට හැරී කැප්පිටිගල පාරේ තවත් කි.මී. 20 ක් පමණ ගමන් කිරීමෙනි.

    මෙම පිළිමය නෙලීමේ කාර්යයේ නියැලී සිටින්නේ ඉන්දියාවේ ද්‍රවිඩ හින්දු භක්තිකයන් වීම විශේෂිතය. ද්‍රවිඩ ත්‍රස්තවාදී භීෂණයෙන් මේ බිම ගිනිගෙන දැවුණු වකවානුවේ ඉන්දියානු ද්‍රවිඩයන් මෙහි පැමිණෙන්නේ වෙනත් ආගමික නායකයකුගේ ප්‍රතිමාවක් නෙලීම සඳහාය. ඔවුන් එසේ ආගම් භේද නොසලකා මෙම කාර්යයට අත ගසා ඇත්තේ දැඩි භක්තියෙනි. ඔවුන් වැඩ බිම දකින්නේ පූජාසනයක් පරිද්දෙන් බව අමරමෝලි හිමියෝ පවසති.

    ජාති කුල ආගම් බේද මේ මොණරාගල මහා පරුවතය මතදී බෝර වැටී කුඩු පට්ටම් වී ඒ මහා ගිරිකුළ මතින් වෑහෙන්නේ වර්ණභේද කුල මල නොමැති සදාතනික වූ උත්තම ගුණ කදම්භම ය. තම ජාතියේම කුරිරු නරුමයන් හිසට හිසක් ලෙයට ලෙයක් ඉල්ලූ එදා ඒ උණුසුම් වටා පිටටාවේ දී මේ ද්‍රවිඩ සහෘද කලාකරුවෝ හෘදයාංග බවෙන් පිරි ළතෙත් ගුණ, හද සිසිලස රැගෙන මේ බිමට පැමිණයහ.

    එදා ධාතුසේන, පරාක්‍රමබාහු, අග්ගබෝධි වැනි නිරිඳුන්ගේ නාමයන් සෙල් පිළිම ඉදිරිපස ලියැවෙන විට මෙතෙක් ලෝකයේ ඉදිවන අසමසම මොණරාගම සමාධි පිළිම වහන්සේ අබියස සදාතනික සිහිවටන ඵලකයේ ස්වර්ණමය අක්‍ෂරයෙන් එගොඩමුල්ලේ අමරමෝලි නාමය ලියැවෙනු ඇත.

    තව වසර දහසකදී වුවත් මතු පරපුර මල් දෝතක් මේ අසදෘශ සම්බුද්ධ ප්‍රතිමාවේ පාදපද්මය අසළ තබා වැඳ නමස්කාර කරන විට මේ මහා ප්‍රතිමාව වෙනුවෙන් ශ්‍රමය ධනය තම නිර්මාණ ශක්තිය දානයක් සේ ප්‍රදානය කළ මිනිසුන්ගේ නාමයට ද එය පූජෝපහාරයක්ම වනු නියත ය.

    http://www.lakehouse.lk/budusarana/2013/05/24/tmp.asp?ID=temp01

    මේ පිළිම වහන්සේ ගැන ගිය සතියේ ට්‍රැවල් විත් චතුර එකේ පෙන්නුවා. ඒකෙ අන්තිමට චතුර කියපු දේ හිතට වැදුනා. කිව්වේ අපේ ඉස්සර ඉතිහාසේ කොච්චර මේ වගේ දේවල් කරලා තිබුනත් අද මේ වගේ දෙයක් කරන්න ලංකාවේ හොයාගන්න වත් කව්රුත් නෑ කියන එක. ඒ වගේ දෙකට ඉන්දියාව වගේ රටකින් ගෙන්නන්න උන එක ගැන තමයි කිව්වේ. :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉන්දියාවේ ඔය පිලීම නෙලන පරම්පරාව නැති උනොත් අයේ ඔහොම පිළිම හැදෙන්නේ නැති වෙන තැනකට ඇවිල්ල කියල දැනෙද්දී සැහෙන්න දුකයි
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Methenta Colombo idan yana hati, e area eke cheap hotel gana danna kiyana ekkenek wisthara daannako....
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Methenta Colombo idan yana hati, e area eke cheap hotel gana danna kiyana ekkenek wisthara daannako....

    කොළඹ ඉඳලා කුරුණෑගලට ගිහින් එතනින් නුවර පාරේ මල්ලවපිටියට ගිහින් එතනින් හන්දපානවල ඊටපස්සේ කටුපිලිගොල්ල. එතනින් මේ පන්සලට යන පාර ඕනෙම කෙනෙක් කියයි. නවතින්න තැනක් ගැන දන්නේ නෑ මචන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන්. දැනගෙන හිටියෙ නෑ කලින්..:)