රම්බරිගේ නොම්බරේ
ළහිරු පෙරේරා - රම්බරි ගීතයේ සැබෑ අරුත
ගොඩක් අය සිතන පරිදි මෙලෝ තේරුමක් නැති ගීතයක් යැයි සිතුවත් මෙහි පද පේළියෙන් පේළිය ඉතා සංයමයෙන් ශ්‍රවණය කළ මා හට වැටහුනේ ඉතාමත් අනුවේදනීය කතාවක් මේ වටා ගෙතී ඇති බවයි. මෙහි සැබෑ අරුත නම්, ජිවිත් වීම උදෙසා මහමඟ විරිඳු ගායනා කරන ඉතා දිළිඳු පුද්ගලයෙක් වටා ගෙතී ඇත්තකි. එය මෙසේය.
"රම්බරි කියපං උඹෙ නොම්බරේ
තන්දුරි කමුද නොදා බර බරේ"
හඳුනා නොගත් මාරාන්තික රෝගයකින් පෙළෙන තම නැගණිය වන රම්බරිගෙන් විමසන්නෙ හෙට ක්ලිනික් එකෙ පෝළිමෙ නොම්බරෙ කීයද බවත්, රෝහල වෙත යාමට පෙර උදෑසන අහාරය ලෙස තමා ගෙනා ඉන්දියානු දිළිඳු මට්ටමෙ අහාරයක් වන තන්දුරී මැසිවිලි නොනගමින් අහාරයට ගන්නා ලෙසත්ය.
"වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ මල්ලි නිදිද කාමරේ"
තම පවුලටවත් හරිහමන් අයුරින් කන්නවත් නැති වෙලාවක අම්පාරෙ නෑදෑ මල්ලි කෙනෙක් ගෙදරට පැමින ඇති අතර මොහු ලංකාවට ප්රභාකරන් ඇණයක් උනා සේ තමන්ටද ඇණයක් වී ඇති බව මෙම පද පේළිවලින් දක්වයි
"ජම්බෝලෙ වගෙ ඉන්න සුන්දරා
සම්බෝලෙ කොටලා ගමුද ලුණු දමා
දංගොල්ලෙ මාමා ඇවිත් මහා කුණා
ගස් පල්ලෙ ඉදන් බොමුද රා පෙරා"
අපේ කතානායකයා කුස්සියට ගොස් තම වැඩිමල් සොයුරිය සුන්දරා වෙත ආදරයෙන් අමතා සම්බෝලයක් හෝ සාදන්නයැයි පවසන්නෙ වෙහෙසකර දිනයක කුසගින්න නිවාගැනීමටය. එසේ සොයුරිය සම්බෝල හදන විට අද දින අතමාරුවක් කර ගැනීමට ගොස් ඉල්ලා සිටි මුදල නොදුන් දංගොල්ලෙ තම මාමාගෙ ලෝබකම පිළිබඳවද ඇයට පවසන අතර. මේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙන්න අමතපදං න්‍යාය කෙරෙහි සිත යොමන බවද ඇයට පවසයි.
"එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රසකතා
පාන් බාගෙ කපලා ගන්න ප්ලේට් වක් කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා"
මෙහි මල්ලි යන වචනය හය වතාවක් ඇති අතර එනම් මොහුට සොහොයුරන් හය දෙනෙකි. ඒ ඔක්කොමලා වෙත මොහු අඬගසන්නෙ ප්ලේට් සමඟ පාන් බාගයක් කන්නටය. මේ පද පෙළෙන් ඔබට වැටහේවි පවුලෙ දරිද්‍රතාවය පාන් බාගයක් හත් දෙනෙක් කන විට.
"එන්න නංගි එන්න නංගි හැඩදමා
එලිවෙනකල් සිංදු කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය එළි වෙනකල් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා"
කලින් තර්කට අනුව ගත් කල මොහුට සොහොයුරියන්ද සය දෙනෙකි. ඔවුන්ට මොහු අඬගසන්නෙ මොහු පාරෙ විරිඳු ගයා රාත්‍රියට කොළඹ බැලිස් කැසිනෝ හීත් ගී ගයන අතර ඒ සඳහා නර්තනය යෙදීමටය.බලන්න ජීවිතය ගැට ගසා ගැනීමට ගන්නා වෙහෙස.
"කණ්ණාඩි දැම්මත් නෑ හැඩවැඩේ
කවුද මේක බාරගන්නෙ අන්තිමේ
ලොරි බාගෙ මට දුන්නත් හුටපටෙ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ"
මේ පද හතරෙන්ම තම ප්‍රියාදර බිරින්දෑ පිළිබඳ විස්තර කර ඇති අතර ඇයගෙ හැඩරුව. සයිස් එක හා හඬ පෞරුෂයද විස්තර කර ඇත.
"හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානෙ විරිඳු කියමු රංජනා
ලොරි බාගෙ රවුමක් යමු රෑ වෙලා
මරදානෙන් පරාට කමු ළං වෙලා"
මුදල් හිඟකම හේතුවෙන් කුසගින්නට මුහුදු වතුර බීමට වන බව පවසන අතර. අමතර ආදායමක් උදෙසා රාත්‍රියේදි තමා හා කෝච්චියෙ විරිඳු කියන්නට යමුද යැයි බිරිඳගෙන අසයි. සල්ලි කීයක් හෝ හමු වූ විගස පරාටා අරං දෙන බවද පවසයි. එනම් මේ තම බිරිඳ සමඟ නිදි යහන මත සිට සිදු කරන සාකච්ඡාවක් වන අතර ඒ බව, පෙර ලොරි බාගෙට සමාන කල ඇයගෙන් රෑ වෙලා රවුමක් යමුද ඇසීමෙන් වඩාත් තහවුරු වේ. :3
"සෙල්ලන් වලින් රට හොල්ල්පු ලොකු සිරා
ඇතුළෙ ඉදන් ඊයෙ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නෙ ඔය කතා
මුරලි දැම්මා හොඳට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජෝන් සීනා කාලා හොඳට පෙරෙදා
වහලෙ හිලෙන් වතුර ගැලුවා රෑ පුරා"
මෙය සම්පූර්ණ කතාවෙන් පිට ගොස් ගීත රචකයා අනාගතේ පිළිබඳ අනාවැකි කිහිපයක් පළ කොට ඇති අතර ගීතය නිකුත් වී වසර කිහිපයකට පසු ඒවා සත්‍ය වී ඇත.
1) සිරිසේන ජනාධිපති වන බව
2) ඒ පිළිබඳව චන්ද්‍රිකා සතුටු වන බව
3) මුරලි hall of fame වන බව
4) සනත් ලීක් කරගන්නා බව
5) ජෝන් අමරතුංග ගම කාගන්නා බව
6) ගං වතුර ගලන්න වහින බව
තේරුමක් නැතැයි සිතූ ගීතයක සැබෑ අරුත මෙයයි.
රෙප් එකක් දාන් යන්න ඉතිං.. තරහක් නෑ
-උපුටා ගැනීමකි -

Last edited: