රමාඩියේ යක්ෂයා හෙවත් ක්‍රිස් කයිල්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රමාඩියේ යක්ෂයා හෙවත් ක්‍රිස් කයිල්

    1974 වසරේ අප්‍රේල් මස අට වැනි දින ටෙක්සාස් හි ඔඩෙස්සා (Odessa) ප්‍රදේශයේ උපත ලබන ක්‍රිස් කයිල්ගේ මුල් නම වන්නේ ක්‍රිස්ටෝපර් ස්කොට් කයිල්.(Christopher Scott Kyle) ඔහුට කුඩා කාලයේදීම එනම් වයස අවුරුදු අටේ උපන්දිනය දින ඔහුගේ පියා වූ චර්ච් ඩයෝකොන් (church deacon) විසින් 30-06 Springfield වර්ගයේ උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි රයිෆලයක් තෑගී වශයෙන් ලබා දෙනවා.
    එළිමහනේ හැදී වැඩුනු ක්‍රිස් කයිල් තම පියා හා වැඩිමහල් සහෝදරයා සමඟ දඩයමේ යාමට පටන් ගන්නේ ඉතා කුඩා අවධියේ සිටයි. මුවන් හා කුරුල්ලන් වෙඩි තබා දඩයම් කිරීමට ඉමහත් ආශාවක් දැක්වූ කුඩා ක්‍රිස් කයිල්ගේ ඉලක්කය සෑම විටම ඉතා නිවැරදි වූ බව සදහන්. ක්‍රිස් කයිල් වයසෙන් මුහුකුරා යන විට දක්ෂ වෙඩික්කරුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය.
    කෘෂිකාර්මික අංශයෙන් වැඩිදුර අධ්‍යාපනයට

    023.jpg

    ඉරාකයේදී (aljazeera.com)

    ටෙක්සාස් ප්‍රාන්තයේ Tarleton රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ක්‍රිස් කයිල් කෘෂිකර්ම විද්‍යාව පිළිබඳව වසර දෙකක් හදාරනවා. අනතුරුව තුරඟ තරඟ සඳහා ක්‍රීඩා කරන ක්‍රිස් කයිල් එම තරග බොහෝ ප්‍රමාණයක් ජයග්‍රහණය කරනවා. පසුව සිදු වූ අනතුරු කිහිපයක් හේතුවෙන් ඔහුව ශල්‍යකර්ම වලටද භාජනය වෙනවා. මේ හේතුවෙන් ඔහුට මෙම තරඟ වලින් ඉවත් වීමට සිදුවෙනවා.
    මැරීන් බළකායට ඇතුල් වීමට නොහැකිව සීල් බළකායට එක් වීම

    032-701x395.jpg

    ක්‍රිස් කයිල් (hollywoodreporter.com)

    ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබල බලඇණියක් වන මැරීන් බළකායට ඇතුල් වීම සඳහා ක්‍රිස් කයිල් අයදුම් කරන්නේ විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුවයි. නමුත් අතක කම්බි යොදා ගනිමින් සිදු කර තිබූ ශල්‍යකර්මය හේතුවෙන් ඔහුට එම බළකායට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු ප්‍රතික්ෂේප වෙනවා. තම උත්සාහය අත් නොහරින ක්‍රිස් කයිල් ඉන් අනතුරුව එක්සත් ජනපදයේ තවත් විශිෂ්ට බලකායක් වන සීල් බළකායට අයදුම් කරනවා. කෙසේ හෝ අවසානයේ ඔහුට සීල් බළකායේ චාලි ප්ලැටුනයේ 3වන කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. ඇතුළත් වීමෙන් පසුව ඔහු ස්නයිපර්වරයෙක් ලෙස පුහුණුවීම් සිදු කරනවා.
    ඉරාක​ යුද්ධ පෙරමුණේ ස්නයිපර්වරයා

    042-701x467.jpg

    ඉරාක යුධ පෙරමුණේ (The Daily Beast)

    2003 වසරේ මාර්තු මාසයේදී ඉරාකයේ බැග්ඩෑඩ් නුවර (Baghdad) යුධ පෙරමුණේ සේවයට කැදවීම් ලැබෙන අතර ඔහු ඇතුළු අනෙක් සීල් ස්නයිපර්වරුන්ට පැවරෙන්නේ උස් කුළුණු මත නැගී, ඉදිරියට ගමන් කරන මැරීන් සෙබළුන්ට එල්ල වන ප්‍රහාර ව්‍යර්ථ කිරීම සඳහා ස්නයිපර් ප්‍රහාර එල්ල කිරීමයි.
    මැදපෙරදිග යුද්ධ වලට ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වීම හේතුවෙන් ඔහු නැවතත් 2004 වසරේදී ඉරාකයේ ෆලූජාහි (Fallujah) සටන් බිමට එක්වෙන අතර නැවතත් ඔහුව 2006 වසරේදී ඇමරිකාවේ සිට මධ්‍යම ඉරාකයේ නගරයක් වන රමාඩි (Ramadi) නගරේ පැවති ගැටුම් වලින් ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීමට යවනවා. නැවත වරක් 2008 වසරේදී බැග්ඩෑඩයෙහි හමුදා මෙහෙයුම් වල නිරත වෙනවා.
    මෙම සටන් වලදී ඉතා දක්ෂ ස්නයිපර්වරයෙක් ලෙස නමක් දිනා ගැනීමට ක්‍රිස් කයිල්ට හැකිවන අතර ඔහුගේ හොදම දක්ෂතාවය වන්නේ සැතපුම් 2.1ක් දුරින් සිටි කැරලිකරුවෙකු එක් ස්නයිපර් ප්‍රහාරයකින් මරා දැමීමයි. ඔහු විසින් ඝාතනය කල ත්‍රස්තයන් ගණන 160ක් ලෙස වාර්තා වෙන නමුත් ඔහු ආසන්න වශයෙන් ත්‍රස්තයන් 225 දෙනෙකු විනාශ කල බව අනුමාන කරනවා.
    අනෙක් සන්යිපර්වරුන්ට වඩා වෙනස් වූ ක්‍රිස් කයිල්

    051-701x526.jpg

    සටන් බිමේ (TheJournal.ie)

    2004 වසරේදී ඇමරිකානු මැරීන් භටයන් හා කැරලිකරුවන් අතර ඉරාකයේ ෆලූජාහි ඇති වූ ගැටුමකදී කැරලිකරුවන්ට අමතරව සිවිල් වැසියන්ටද ප්‍රහාර එල්ල කිරීම මැරීන් සෙබළුන් විසින් සිදු කරනවා. මේ අවස්ථාවේදී ක්‍රිස් කයිල් විසින් කරුණු පහදා දී අදාළ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නවතා දැමීමට කටයුතු කරනවා.
    තවද වරෙක සතුරු උගුලකට හසු වූ මැරීන් භටයන් නිවසකට කොටුකර ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයන් සමත්වෙනවා. මේ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වෙන ක්‍රිස් කයිල් සතුරන්ගේ අවධානය තමන් වෙත යොමුකර ගැනීමෙන් මැරීන් භටයන්ට ජීවත්වීමට වාසනාව ලැබෙනවා. මේ අවස්ථාවේදී ඔහු ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් තුවාල ලබනවා.
    ක්‍රිස් කයිල් නාමය “ලෙජන්ඩ් එකක්” බවට පත්වීම

    061-701x403.jpg

    ලැබූ පදක්කම් (theintercept.com)

    2006 වසර වන විට ක්‍රිස් කයිල් රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් පහක් ඇතුළුව සීල් භටයෙකුට ලැබිය හැකි උපරිම පදක්කම් ප්‍රමාණයක් දිනා සිටි අතර අනෙක් ස්නයිපර්වරුන් අතර ක්‍රිස් කයිල් යන නාමය “ලෙජන්ඩ් එකක්” සේ පැතිර යනවා.
    තවද ඔහුගේ භයානකකම පිළිබඳව අවබෝධ කරගන්නා ත්‍රස්තයන් විසින් ඔහුට පටබදින නාමය වන්නේ රාමඩියේ යක්ෂයා (The Devil of Ramadi) යන්නයි. තවද ක්‍රිස් කයිල්ගේ හිස ගෙනත් දෙන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 20 000ක මුදලක් ගෙවන බවත් ප්‍රසිද්ධ කරනවා.
    ගෞරවනීය විශ්‍රාම යාම

    071-701x395.jpg

    බිරිඳ සමඟ (The Hollywood Reporter)

    2001 වසරේ විවාහයට එළඹෙන ක්‍රිස් කයිල් පසුව කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට පත්වෙනවා. 2009 වසරේ සීල් බලකායෙන් ගෞරවනීය ලෙස විශ්‍රාම යන ඔහු අධික මත්පැන් පානයට හුරුවෙනවා. මේ අතරතුර “ඇමරිකන් ස්නයිපර්” නමින් කෘතියක් එළිදක්වන ඔහු එහි සියලු අදායම සමාජ සුභ සාධන වැඩසටහන් වලට යොදවනවා.
    මානසික රෝගියෙකු විසින් ක්‍රිස් කයිල් ඝාතනය කිරීම

    081-701x467.jpg

    දේහයට අවසන් ගෞරව (insideoutborders.com)

    ප්‍රවීනයෙකු ලෙස තමාගේ අත්දැකීම් ඇමරිකානු හමුදා බලඇණි වලට ලබා දීම සඳහා නැවතත් සේවයට වාර්තා කල ඔහු නව ස්නයිපර් වෙඩික්කරුවන් පුහුණු කිරීමේ කටයුතු වලද නිරත වෙනවා.
    Schizophrenia නම් මානසික රෝගයට ගොදුරුව සිටින තමන්ගේ පුතා වන එඩී රේයි රෝත් (Eddie Ray Routh) නම් 25 හැවිරිදි සීල් භටයාගේ මානසික අබාධය සුව අතට හැරවීමට ක්‍රිස් කයිල්ට දායක විය හැකියි සිතූ ඔහුගේ මව වරෙක ඒ සඳහා ක්‍රිස් කයිල්ට ආරාධනා කරනවා. වසර කිහිපයක් මානසික රෝහලක ප්‍රතිකාර ලබා සිටි රොත් විසින් එක් හමුවකදී පිටුපස සිට මිලිමීටර් 45 කැලිබර් පිස්තෝලයකින් වෙඩි පහරවල් හතක් තබා 2013 වසරේ පෙබරවාරි දෙවනදා ක්‍රිස් කයිල්ව ඝාතනය කරන අතර ඔහු විසින් ඒ අවස්ථාවේ ක්‍රිස් කයිල් සමග සිටි ක්‍රිස් කයිල්ගේ මිත්‍රයෙකුටද වෙඩි තබා ඝාතනය කරනවා.
    මෙලෙස අකාලයේ තම ජීවිතයෙන් සමුගත් ඇමරිකානු විරුවා වෙනුවෙන එරට ජනාධිපතිවරයාද ශෝක පණිවුඩයක් නිකුත් කරනු ලබනවා. ඇමරිකා එක්සත් ජනපද වාසින් විසින් ක්‍රිස් කයිල්ව ජාතික විරුවෙක් ලෙස හදුන්වනු ලබනවා.


    Source Roar :yes::yes:




     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අන්තිමට කර්මය ඒ ආකාරයෙන්ම කැරකිලා වෙඩි පහරවල් වලින්ම ජීවිතේ කෙලවර උනා.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පෝරිසාදයා;23434888 said:
    අන්තිමට කර්මය ඒ ආකාරයෙන්ම කැරකිලා වෙඩි පහරවල් වලින්ම ජීවිතේ කෙලවර උනා.


    Nope Game Ekak Mata nam Hithenne :confused::confused:



    Mental Ekek ta Pistal ekak Dunne Kauda Ithin Anika Pora Shhot Karannath danagena Inna one :dull::dull::dull: