රඹුක්කන, පින්නවල වත්ත, ධර්මපාල මාවතේ පදිංචි ඉන්දික ප්‍රසාද් සුබසිංහ නම් තරුණයෙකු සිවිල් ඇඳුමින් පැමිණි පිරිසක් විසින් මෙයට ස්වල්ප වේලාවකට පෙර පැහැරගෙන ගොස් ඇත.
රඹුක්ක ඉන්ධන බවුසරය ඉදිරිපිට කොළ පැහැති ටී ෂර්ටයක් සහ කැමා කලිසමකින් සැරසී සිටි පුද්ගලයා මොහු බව ගම්වාසීහු අනුමාන කරති.
රඹුක්ක හා කෑගල්ල පොලීසි මගින් මොහු අත්අඩංගුවට නොගත් බව පවසයි. සිද්ධිය පිළිබඳ පැමිණිල්ල බාර ගැනීමට රඹුක්කන පොලීසිය ප්‍රතිකේෂ්ප කර ඇත.
රඹුක්කන ගිණි තැබීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න සමග හත් දෙනෙකුගෙන් යුතු නිල ඇදුම් ඇඳගත් පොලිස් පිරිසක් ද, නිල ඇඳුම් රහිත පොලීසියට සම්බන්ධ හය දෙනෙකු ද පැමිණ සිටියේ යැයි මේ වන විට තෙරතුරු අනාවරණය වී ඇත.
-බුකියෙන් ලද තොරතුරකි-
ප්‍රකට බුකියන් කිහිප දෙනෙකුම ශෙයා කරතිබු බැවින් මෙහිද අලවමි