රයිගමයයි ගම්පොයයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    එජාප මන්ත‍්‍රීකමට එකම සුදුස්සා රනිල්.. විපක්‍ෂයට නායකත්වය දෙන්නත් ඔහු තරම් සුදුස්සෙක් නෑ..- අගමැති

    February 3, 2021 at 3:00 pm | lanka C news
    එජාප මන්ත‍්‍රීකමට එකම සුදුස්සා රනිල්.. විපක්‍ෂයට නායකත්වය දෙන්නත් ඔහු තරම් සුදුස්සෙක් නෑ..- අගමැති

    එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් සුදුසු වෙනත් අයෙකු නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    විපක්‍ෂයට නායකත්වය දීමට සුදුසු පුද්ගලයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතා බව අගමැතිවරයා පවසයි.

    ඉංග‍්‍රිසි පුවත්පතක් හා අදහස් පල කරමින් ඒ මහතා මෙසේ පවසා ඇත.

    වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව පැමිණීම යනු රජයට යම් අභියෝගයක් බව ද පවසන අග්‍රාමාත්‍යවරයා දේශපාලන අර්ථයෙන් ගත් විට රනිල් වික්‍රමසිංහ මහතා පාර්තමේන්තුව සිටිය යුතුම බව ද සඳහන් කරයි.

    දැනට රට තුළ ක්‍රියාත්මක වන විපක්ෂය පැවති විපක්ෂය තරම් ප්‍රබල එකක් නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙන්නා ක්‍රාහොමත් යාලුවො
    රනිල් පුටුවෙ ඉන්නකං යූඇන්පී එක හාන්සියි කියලා මයිනා දන්නවා