රවිට ප්‍රශ්න කිහිපයක්....

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවිට ප්‍රශ්න කිහිපයක්....

    රවී ගැන දන්නා කෙනෙක්ට උනත් මේකට උත්තර දෙන්න පුළුවන් වෙයි....

    රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.

    ඔබේ මවගේ පියා සී සී දිසානායක ද?


    ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරය දැරී ද?


    පාසල් රජයට පවරා ගැනීමට සිරිමවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් තීරණයට ඔහු විරුද්ධ වි ද?


    ඒ තීරණය අදත් කාදිනල්ගේ දෝෂාරෝපනයට හසු නො වන්නේ ද?


    සී.සී දිසානායක 1962 සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බලයෙන් පහකිරීම සඳහා කුමන්ත්‍රණය කළේ ද?


    ඒ කුමන්ත්‍රණය සියයට සියයක් ම මෙන් පොලීසියේ හා හමුදාවේ බෞද්ධ නොවන නිලධාරීන් විසින් මෙහෙයවන ලද ද? වැඩිදුරටත් ඔවුහු රාජකීය විද්‍යාලයේ හා ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ අබෞද්ධ ආදි ශිෂ්‍යයෝ වූවෝ ද?


    ලංකාවේ අධිකරණය ඔවුන් වරදකරුවන් ලෙස තීරණය කළ ද ඔවුහු එකල පැවති නීතිය අනුව එංගලන්තයේ සාමි මන්ත්‍රණ සභා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තාක්‍ෂණික හේතුවක් මත නිදහස ලැබුවෝ ද? එංගලන්ත අධිකරණ තීරණය නොවන්නට ඔබේ සීයා රාජද්‍රෝහිකු ලෙස මිය යෑමට තිබිණි ද?


    ඔබේ පියා සිංහලයකු නොවන බව සැබෑ ද? ඔබේ මවට සී සී දිසානායකගෙන් උරුම වූ සිංහල කමක් නමට වුවත් තිබුණ ද ඔබේ පියාට එවැනි සම්බන්ධයකවත්් සිංහලයන් සමග නෑ නොවේ ද?


    ඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?


    ඔබේ ආගම කුමක් ද?


    ඔබට ඉතිපිසො ගාථාව කටපාඩමින් කීමට හැකි ද? ඔබ තුන් සූත්‍රය දන්නෙහි ද? අපට ඔබෙන් මේ ප්‍රශ්න ඇසීමට සිදු වී ඇත්තේ ඔබ නිතර විහාරස්ථානවලට ගොස් හාමුුරුවන් හමුවීම නිසා ය.


    ඔබ විවාහ වී සිටින්නේ අසිංහල අබෞද්ධ කතක් සමග ද?


    ඔබ ලලිත් ඇතුළත්මුදලි දන්නෙහි ද?


    ඔබ ඔහුගේ පක්‍ෂයෙහි සාමාජිකයකු නො වී ද?


    ඇතුළත්මුදලිගේ කළු සල්ලිවලට සිදුවූයේ කුමක් ද?


    අපි දැන් ජූලි 31 සිද්ධියට එමු. ඔබ අධිකරණය මගින් පසුගිය දා එක්තරා නඩුවක දී නිදොස් කර නිදහස් කෙරුණු බැවින් අපි ඒ ගැන කතා නො කරමු.


    ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?


    ඔවුන් පසුගිය දා මලයාසියාවේ සිට ආපසු ලංකාවට පැමිණීම ඔබ නො දැන සිටියෙහි ද?


    ඔවුන් පාතාල ලෝකයට අයත් බව ඔබ නොදැන සිටියෙහිද?


    ඔවුන් ආපසු ලංකාවට පැමිණියේ ඔබේ මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වීමට ද?


    ජූලි 31 පත්‍රිකා බෙදීමට ඔවුන් සහභාග නොවිණි යැයි ඔබට කිව හැකි ද?


    එහි දී වෙඩි තැබීමට වෙනත් පාතාල කල්ලියක් සහභාගි විණි ද?


    ඔබ සංධානයට ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දික්කරන්නේ සිංහල බෞද්ධ බලවේගයට නරක නමක් අත්කර දීමට ද?


    ඔබේ පරම්පරාව ම සිංහල බෞද්ධ විරෝධී නොවන්නේ ද?


    ආමි සම්පත් පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුණ ද ඔබේ කීම පිට නිදහස් කරනු ලැබිණි ද?


    මේ ප්‍රශ්නවලට තරමක් දීර්ඝ පිළිතුරු බලාපොරේත්තු වෙමු.


    චින්තන පර්’ෂදය
    2015 අගොස්තු 02

    http://www1.kalaya.org/2015/08/blog-post_2.html
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ela prashna tika.

    Katholika samahar un adatath waira karanawa mathinita iskola anduwata pawara gaththa kiyala.ehema kare nethnam ada 35%-45% withara sinhala minissu katholika wela.
    e wage abitha sinhala nayakayo nayikawo issarahata bihiwewida???
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවී මැරයන් හොර රහසේ රටින් පිට කිරීමට යයි

    Reply
    පුවත්
    6:39 PM

    A+ A-

    රවීගේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි පාතාල සාමාජිකයන් හට එල්ල වූ වෙඩි පහරින් තුවාල ලැබූ කුඩු ලාල්ගේ ගෝලයන් ඇතුළු සිදුවීමෙන් නම් හෙළිවූ මැරයන් හොර රහසේ ව්‍යාජ ගුවන් ගමන් බලපත් මගින් සිංගප්පුරුව ඇතුළු අසන්න රටවලට පිටත් කිරීම ආරම්බ කර ඇති බව දැනගන්නට ලැබේ. මේ අනුව කිහිප දෙනෙකු මේ වන විටත් රට හැර ගෝ ඇති අතර අද හෙට දිනයන් වල දී අනෙකුත් පිරිස්ද මෙසේ හොරෙන්ම පිටත් කරනු ඇති බව දැනගන්නට ලැබේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල් හදන රට


    අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය. ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය. මේ රට මෙසේ ම පවත්වාගෙන යෑමට අවභ්‍ය නම් කළ යුත්තේ බුළත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද සමග දිගින් දිගට ම සිටීවි යැයි බලාපොරොත්තුවන අපේක්‍ෂකයන්ට මනාප ලකුණු කිරීම ය.

    රනිල් හා දෙමළ ජාතික සංධානය අතර යම් එකඟත්වයක් ඇත. දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය පසුගිය ලිපියෙහි සඳහන් කළ පරිදි වලංගු නැත. 2009 මැයි 18 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී මෙරට භූගෝලය, ඉතිහාසය හා දේශපාලනය තීරණය කෙරිණි. රට තවදුරටත් ඒකීය රටක් වෙයි. රණවිරුවන් දිවි පරදුවට තබා කටයුතු කෙළේ නාමික ව ඒකීය රටක් වූ ලංකාව ප්‍රායෝගිකව ද ඒකීය රටක් බවට පත්කිරීමට ය. එය දැන් වෙනස් කළ හැකි නො වේ. රනිල් සූදානම් වන්නේ රණවිරුවන් පාවා දෙමින් දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශයට නැති වලංගු බවක් ලබා දීමට ය.


    හමුදා මෙහෙයුම් (යුද්ධ) ද දේශපාලන ක්‍රියාදාම වෙයි. යුද්ධය යනු දේශපාලනය සිවිල් නොවන ක්‍රමයකින් ඉදිරියට ගෙන යෑම ය. හමුදා මෙහෙයුම් ඉල්ලා සිටිනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය විසිනි. 1833 සිට දෙමළ ජාතිවාදය ඉල්ලූ සියල්ල කූටප්‍රාප්ත වූයේ දෙමළ ත්‍රස්තවාදය සමග ය. බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද ආධාරයෙන් හා අනුග්‍රහයෙන් සිවිල් ක්‍රමවලින් දිනා ගැනීමට බැරි වූ ඉල්ලීම් ඊනියා යුද්ධයෙන් දිනා ගැනීමට කොටි ආයුධ අතට ගත්හ. ඒ ඉල්ලීම්වල එතෙක් කර තිබූ සියලු ඉල්ලීම් අඩංගු විය.නන්දිකඩාල් කලපුවේ දී ඒ සියලු ඉල්ලීම් පරාජයට පත්විය.


    2005 දී ලංකාව නාමික වශයෙන් නොවූව ද ප්‍රායෝගික ව බෙදී තිබුණි. 2009 දී ඒ ප්‍රායෝගික බෙදීම හමුදා මෙහෙයුම්වලින් අවසන් විය. අද කිසිවකුටවත් 2005 ට හෝ 1983 ට හෝ ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. අද අප පටන් ගත යුත්තේ 2009 මැයි 19 වැනි දා නැවතුණු තැනින් ය. අද වන විට දහතුන වලංගු වන්නේ ඒ මෙතෙක් ක්‍රියාත්මක වන පමණට ය. ඉඩම් බලතල, පොලිස් බලතල විමධ්‍යගත කිරීමක් ගැන කතා කිරීමටවත් දෙයක් නැත.


    2009 මැයි 18/19 මෙරට දේශපාලන සිතියම වෙනස් විය. ඒ ආපසු හැරවීමට කතාකරන්නා දේශපාලනයෙහි හමුදා ක්‍රියාමාර්ග ගැන නො දනියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සිතියම වෙනස් විය. නැගෙනහිර යුරෝපයෙහි නව රාජ්‍ය පැන නැගිණි. යමකු ඒ අවස්ථාවෙහි දී යුරෝපය 1938 දී තිබූ තැනට ආපසු යා යුතු යැයි කීවේ නම් ස්ටැලින් කුමක් කිරීමට ඉඩ තිබිණි ද?


    දෙමළ ජාතිවාදීන්ට අද 1983ට ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. එවැනි යෝජනාවකට එකඟ වනු ඇත්තේ රනිල් වැනි නිවටයකු පමණ ය. ඔහු අලුත් රටක් හදන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම්වලට යටවීමෙනි. 2009 දී අප දිනාගත් රට රැක ගත හැක්කේ රනිල්ගේ ඊනියා අලුත් රට පරාජය කිරීමෙන් පමණකි. අගොස්තු 17 වැනි දා අප කළ යුත්තේ 2009 මැයි ජයග්‍රහණය තහවුරු කිරීම ය.


    නලින් ද සිල්වා


    2015 අගෝස්තු 04
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නූපන් දරුවන්ට කේන්දර නොසාදා මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තක් ඇතොත් ඔහු අගමැති ධුරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් මෛත්‍රිපාල සිරිසේනට නැත.


    නලින් ද සිල්වා

    ඔයා ගිහිල්ල නලින්ගේ අහගෙන එන්න ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම සඳහන් වෙන්නේ කුමන වගන්තියේද කියල

    ඔයා එළකිරියේ නැති රවීගෙන් ප්‍රශ්න අහන්න කලින් ඔයාගෙන් අහපු දේට උත්තර දීල ඉන්නකෝ :rofl:

    දෙන්න උත්තරයක් නැත්තම් ignored කියල කියන්න අවුලක් නෑ අපි තේරුම් ගන්නම් :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න ඉතිපිසෝ දන්නවද කියලත් අහනව. ඒක දන්නෙ නැත්නම් පුරවැසිකම් නැතිවෙනවලු. නලියගෙ ගොන් ජෝක් :dull:
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    රවි කරැපයියාටත් ෆූඩ් සිටි යන එවුන් ඉන්නවනේ මෙතන.:angry:
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මු වගේ බල්ලොන්ටත් උඩ දාගෙන කඩේ යන සිංහල ගොන් හැත්තක් ඉන්නවනේ. ශික්.