..::[රසයි හැබැයි වසයි මේවා(Poisonous Fruits)]::..
එලකිරිවාසි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ 

හැමෝම දන්නා හැමෝම කාල තියන පලතුරු සෙට් එකක දන්නේ නැති පැත්තක් කියන්න හදන්නේ
අපි මේවා පොඩි කාලේ ඉදන් කොච්චර කාල ඇතිද හැබැයි මේ විස්තර ගැන නම් සමහරවිට නොදන්නවා වෙන්න පුළුවන්. 

ජනප්‍රිය පලතුරු හැබැයි ඒ වගේම මාරාන්තික විස තියන පලතුරු

ඇපල් - Apple
ඔව් apple තමයි හැමදාම තියෙන හැමතැනම තියෙන එක තමයි, මේක විෂ කොටස තමයි ඇතුලේ තියන apple ඇට(seeds). මේවගේ Cyanogenic glycosides කියන රසායනික සංයෝගය තියනවා ඒවා හපද්දී එන්සයිම එක්ක එකතු වෙලා hydrogen cyanide හදනවා, සයනයිඩ් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද නේද . හැබැයි මේක එක ගෙඩියක ඇට වලින් නම් මැරෙන්නේ නෑ කියනවා ඒත් ගෙඩි 20ක විතර ඇට වලින් මනුස්සයෙක්ව මරන්න පුළුවන්ලු

චෙරි - Cherries
අනිත් එක චෙරි , මේකේත් ඇට කටින් හපල කෑවොත් ඉතින් කෙන්ලින්ම hydrogen cyanide ඇගට දාගත්ත වගේ වැඩක් තමයි. මොකද චෙරි ඇට පොඩි කරොත්, පළුදු කරොත් ඉබේම සයනයිඩ් හැදෙනවා. මේවගේ ඇට වැඩිපුර කෑවොත් මෘදු විෂ රෝග ලක්ෂණ වන හිසරදය, ක්ලාන්තය, ව්‍යාකූලත්වය සහ වමනය ඇතිවේ, දරුණු විෂ රෝග ලක්ෂණ නම් අධි රුධිර පීඩනය සහ වකුගඩු අක්‍රීය වීම ඇති විය හැක. ඒක නිසා කෝමා තත්වයට පත්වෙන්න පුළුවන්ලු ඒවගේම මරණය පත්වෙන්න පුළුවන්ලු

කජු - Cashews
කජු නම් ඉතින් මරු කෑමක් නෙහ් හැබැයි ඉතින් අමු කජු කද්දී නම් පරිස්සම් වෙන්න ඕනෙලු, මේ කාලෙට නම් කජු ටිකක් වැඩිපුර තියනවා නෙහ්, මේ විෂ තියෙන්නේ කජු ලෙල්ලේ තියන urushiol කියල තියෙන කාබනික ස්නිග්ධ(තෙල්) නිසා. අධි මාත්‍රාවක් ඇගට ගියොත් ඉතින් මරණය තමයි, කජු විෂ වීම ගොඩක් කලාතුරකින් වෙන්නේ මොකද වෙළද පොලට ගොඩක් එන්නේ සුද්ද කරපු කජු නිසා.හැබැයි ගමේ කජු ගස් වල නැගල කජු කාල කජු පුච්චන් තලලා කාපු යට මේ අත්දැකීම ඇති සුළු ප්‍රමාණයක් ඇගට ගියාම කසන ගතියක් එනවා.

තක්කාලි - Tomatoes
තක්කාලි වල අවුල තියෙන්නේ කොළ වලයි නටු වලයි, එකේ තියන Glycoalkaloid කියන chemical එක නිසා උදරාබාධ ඇතිවීමේ හැකියාවක් තියනවා කියනවා
රසය වැඩි දියුණු කිරීම සඳහා ආහාර පිසීම සඳහා යොදා ගත හැකි, නමුත් ඒවා කෑමට පෙර ඉවත් කළ යුතු ය
රට කොට්ටං
- Apricot
ලෝකයේ නිවර්තන කලාපීය පළතුරක් වෙන මෙහි බීජ තමයි විසකුරු කොටස වෙන්නේ , මේ බීජයේ cyanide, glycoside cyanogens and amygdaline.කියන අධික විෂ අන්තර්ගත වී තියනවා . මේ සංයෝග වලින් දැඩි හිසරදය, වමනය, නින්ද නොයාම, අධික පිපාසය, වෙහෙස සහ ඒකාබද්ධ මාංශ පේශී වේදනාව ගෙන එන්න පුළුවන්ලු
කාමරංගා - Star Fruit
කාමරංග මේකත් මරු පලතුර ලුණු ටිකක් දාල හරි බීමක් විදියට හරි බොන්න, හැබැයි ඉතින් වකුගඩු රෝගියෙක් මේවා 100mg තරම් ප්‍රමාණයක් කෑවොත් මොලේට වගේම ස්නායු වලට ප්‍රභල ලෙස හානි කරන්න පුළුවන්ලු මේකේ අඩංගු neurotoxin කියන සංයෝගය නිසා . වකුගඩු නිරෝගී පුද්ගලයන්ට කිසිම අනතුරක් නෑ මේ neurotoxin කියන සංයෝගය පෙරීමේ කටයුත්තේදී නමුත් වකුගඩු රෝගීන් මෙය ආහාරයට ගැනීම නිසා අධික විෂ වීම් වලට ලක්වුන සිද්දි බොහොමයක් වාර්තා වෙනවලු. රෝග ලක්ෂණ විදියට වමනය, දුර්වල පාලනය නොකලහැකි ඉක්කාව වේමෙමගින් මරණය, කෝමා හා ඉතා දිගු කල් පවත්නා අපස්මාර තත්වයන්ද ඇතුළත් වේ. මේ විදියට විෂ උනොත් බෙහෙතක් නෑලු තවම හේතුව වෙන්නේ විද්‍යාඥයෝ තවම හරියටම මේකට හේතු වෙන විෂ හොයාගෙන නෑලු
ඒක නිසා වකුගඩු රෝගීන් මේකෙන් පරිස්සන් වෙන්න ඕනේ 

වරකා - Jackfruit
ඔව් වරකා ගමිරිස් ටිකක් දාල ගත්තම මරු හැබැයි, මේකේ තියන Toxin කියන සංයෝගය නිසා දිරවීමේ අපහසුතා තියන රෝගීන්ට නම් භයානකයි, කොහොමත් මේකේ යුෂ අහාර ජීරණ පද්දතියට බලපෑම් ඇති කරනවලු

උක් - Sugar cane
මේක සොභාවිකවම විෂ සහිතව නම් එන්නේ නෑ ඒ උනාට උක් දඩු පරණ උනාම artbrinium කියන දිලීරයක් හැදෙනවා මේකේ ඒ දිලිරය ඉතා විෂ නිපදවනවා මේ උක් දඩු ඇතුලේ.ඒවා කෑවම වමනයේ සිට මරණය දක්වා මිනිස් ශරීරයට හානි කරන්න පුළුවන් කියලයි කියන්නේ

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න