රසවත් ඖෂධීය පානයක්

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    රසවත් ඖෂධීය පානයක්

    සීත කාලගුණයත් සමග ලෙඩ රෝග පැතිරීමේ අවදානමත් වැඩියි. ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් ප්‍රනීත ඒ වගේම ඖශදිය ගුණයෙන් යුතු පානයක් හදාගන්නෙ කොහොමද කියල බලමු. ඔයාලට සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමේ මූලික ලකුණු පහල වෙනකොටම මේක හදල ඔයාලගේ ශීතකරණයේ තිය ගන්න පුළුවන්. ඒ වගේම මේක මාස 2 විතර කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. බෙහෙත් syrup ජාති බොනවට වඩා මේ වගේ ස්වභාවික සහ ඖශදිය පානයක් බිල ලෙඩ අඩු කර ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද!


    Cold-remedy-tea_1_MilanoTime-575x383.jpg


    දෙහි: විටමින් C බහුලව තියෙන පළතුරක් වන අතර එමගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවත් ශක්තිමත් කරන අතර විවිධ ආසාත්මිකතා ඇති වීමෙන්ද වලක්වයි.
    දොඩම්: මෙහිත් විටමින් C බහුලව පවතින අතර එය ප්‍රතිඔක්සිහරයක් ලෙසද ක්‍රියා කරයි. තවද ඔබගේ ප්‍රතිශක්ති කරන පද්දතිය ශක්තිමත් කිරීමටද උපකාරී වේ.
    ඉඟුරු: මෙමගින් ඔබගේ ශරීරයේ විෂ හරණය සිදුවන අතර එය සෙම්ප්‍රතිශ්‍යාව සදහාත් ඉතා ප්‍රබල ඖශධයකි. මිට අමතරව බඩේ අමාරු, වමනය, හිස රුධාව වගේ දේවල් වලටත් ඉතා හොඳ ඖශශයකි.
    කහ: අතීතයේ සිටම පැවත එන ඉතා හොඳ ඖශධයකි. ඒ වගේම හොඳ විෂබීජ නාශකයක් ලෙස මෙය ක්‍රියාකරයි.
    මී පැණි: සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්සට ඉතා හොඳ සහනයක් ලබා දෙන ඖශධයකි. ඒ වගේම ඔබේ ශරීරයේ ප්‍රතිශක්ති කරණය ශක්තිය වැඩි කිරීමටත් මෙය ඉවහල් වේ. ස්වභාවික මී පැණි රසය මගින්, ඉඟුරු, කහ සහ දොඩම් මගින් ඇති කරන සැර ගතියද අඩුකර ඉතාමත් ප්‍රනීත රැසක් ලබා දෙයි.


    Cold-remedy-tea_2_MilanoTime-575x383.jpg


    ඔබ මෙය එක් වරක් සදා ගත් පසු, එය ශීතකරණයේ දමාගෙන මාස 2 විතර කාලයක් උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

    Cold-remedy-tea_3_MilanoTime-575x383.jpg


    Cold remedy tea වට්ටෝරුව

    අවශ්‍ය ද්‍රව්‍ය
    30 වරකට පමණ සදා ගැනීම සඳහා
    දෙහි 1
    දොඩම් 2
    ඉඟුරු කැබැල්ලක් (අඟල් 2 පමණ දිග)
    කහ මේස හැඳි 1 පමණ
    මී පැණි


    Cold-remedy-tea_4_MilanoTime-575x383.jpg


    සාදා ගන්නා ක්‍රමය
    1. දෙහි, දොඩම් සහ ඉඟුරු කපා ගන්න (දෙහි සහ දොඩම් වල ඇට ඉවත් කිරීමට සැලකිලිමත් වන්න)
    2. දෙහි, දොඩම් සහ ඉඟුරු ජෝගුවකට එකතු කරන්න තට්ටු තට්ටු වශයෙන්
    3. කහ මේස හැන්දක් පමණ එක් කරන්න. ඔබගේ අවශ්‍යතාවය අනුව එය වෙනස් කර ගත හැක. එමගින් සැර ගතියක් ලබා දෙයි
    4. මී පැණි සෙමින් ජෝගුවට එකතු කරන්න. දෙහි, දොඩම් සහ ඉඟුරු සමග එය හොඳින් මිශ්‍ර වීමට ඉඩ හරින්න. ඉන්පසු ජෝගුව හොඳින් වසන්න
    5. මෙය දවසක් පමණ ශීතකරණයේ තැබූ පසු, මිශ්‍රණය jelly එකක් ආකාරයට සකස් වෙයි
    6. ඔබට අවශ්‍ය වූ විට ඖශධීය පානය සකසා ගැනීමට මිශ්‍රණයෙන් තේ හැඳි 2-3 පමණ කෝප්පයකට දමා එයට උණු වතුර අවශ්‍ය ප්‍රමාණයට එක් කර ප්‍රනීත සහ ඖශධීය පානයක රස විදින්න පුළුවන්


    Cold-remedy-tea_5_MilanoTime-575x383.jpg


    ඔබත් මෙය නිවසදී සදා බලන්න. ඒ වගේම ඔබේ අදහස් කියන්න :yes:

    Cold-remedy-tea_6_MilanoTime-575x383.jpg


    Cold-remedy-tea_7_MilanoTime-575x383.jpg


    Source : http://milanotime.net/cuisine/recipe/an-antique-all-natural-cold-remedy-tea/