රසවතී ..

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,503
    113
    රසවතී ..


    මේකත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ රසවතී පොතෙන් !!!!!


    " ගිමාරාගේ බෙල්ල උළුක්කු වෙලා, උදේ ඉඳලා දකුණ බලාගෙන විතරයි ඉන්නෙ" පාන්දරම දූ කිව්වා.
    " ගිමාරා, අනේ ගිමරා මේ පිඟාන හෝදලා ගේන්න,,,,," ගිමාරා දකුණ බලාගෙන හිටියෙ. දූ හිටියෙ වම් පැත්තෙ.
    " මේ බලන්නකො ගිමාරා මේ,,මේ,,මේ,,මේ,,,පැත්ත. මොකද මේ ගිමාරා බලන්නේ නැත්තේ?" අම්මේ......

    මමත් එතනට දුවගෙන ගියා. ගිමාරා දකුණ බලාගෙන. දූ පිඟාන අතේ තියාගෙන වම් පැත්තේ. මම යන සද්දෙට ගිමාරා දකුණට රවුමක් කරකැවිලා දූගේ පැත්තට හැරුණා.
    "මොකෝ මේ රවුමට කර කැවෙන්නේ? " මම ඇහුවා. ගිමාර මං පැත්තට රවුමක් කර කැවුනා.

    " මේ මොන පුදුමයක්ද ගිමාරා ? "
    " ඊයේමෙහෙ ආවානේද නෝනාගේ නෑනා නෝනා? "
    "ඕ ...ඉතින් ? මොකෝ නෑනා නෝනා ගැන කියන්න තියෙන්නේ? "
    " නෝනා දන්නෙ නෑ වෙච්චි හරිය ඊයේ "'
    " මොකක්ද හැබෑට මොකක්ද? " මම ඇහුවා"

    " නෝනෝ,, ඊයේ නෝනාගේ නෑනා නෝනා කුස්සියට ඇවිත් පුටුව උඩ වාඩි වෙලා, ඇස් බැමි ගලවන්න ගත්තා....මොකක්දෝ පුංචි උල් අඬු පුංචකින්...ම් ම්,,,,ම්,,මගේ අම්මේ බයේ බෑ. මම ඒ වෙලාවේ පොල් ගානවා. පොල් ගගා මම ඒ පැත්ත බලාගෙනම හිටියා, නෑනා නෝනා කියනකල්ම " මොකද අනේඔය කට්ට ගාන්නේ කියලා?..."ඇයි අර හින්නක් විතරකණ්නාඩිය වම් අතේ. උල් අඬු පුංච දකුණු අතේ.. බැරි වෙලා හරි අර රත්තරන් ඇහැක එහෙම ඇනුනා නම්, අම්මේ............".

    "එහෙම ඉඳගෙන මගෙන් තේ එකක් ඉල්ලුවා. තේ වලට වතුර උණු කළෙත් , ඒ පැත්ත බලාගෙනමයි. තේ එක හදලා දුන්නා. තේ එක කටට ගත්තු නෑනා නෝනා ඔක්කාරේ කරා, බලනකොට තේකට දාලා තිබුණේ ලුණු කුඩු."

    " ආයෙත් ඇස් බැමි උදුරන්න ගත්තා. මම එළවළු මාලු ඒදනවා. මොනවා කරත් නෝනාගේ ඇහැ බේරා ගන්නා ආසාවෙනුයි හැම වැඩේම කරේ. නෝනා ගෙදර එනකම් මගේ ඇඟේ ලේ නෑ. මම උයලා බෑවෙත් ඒ අහ බලාගෙනමයි. එක සැරයක් මාළු මිරිස් වලට තුනපහ වෙනුවට දාලා තිබුනේ කෝපි කුඩු. අනේ නෝනෝ තරහා ගන්න එපා, මම වළඳ පිටින්ම වීසි කරා.අල හොද්දට වක්කළ මිටි කිරි වැටුනේ ලිපට".

    "ඇස් බැමි ගලවලා ඉවර වෙනකොට හැන්දෑ වෙලානේ නෝනා ආවෙ. මගේ බෙල්ල ඒ වෙනකොටත් වමට හරවන්න බෑ. කොහොම හරි රෑ නිදා ගත්තා... මෙන්න එළි වෙලා..... දැන් ඉතින් මට සදහටම දකුණ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ,,,, " කියාගෙන ගිමාරා අඬන්න ගත්තා....." කොට්ටෙ අව්වට දාන්න ගිමාරා ! කියාගෙන මම ගියා.
    " කොට්ටෙ අව්වට දාල වැඩක් නෑ. අව්වට දානවා නම් දාන්න ඕනැ නෑනා නෝනාව.." ගිමාරා කිව්වා.

    " හා හා . කෑගහන්න එපා. නෑනා නෝනාට ඇහෙයි. එයා තාම ගෙයි නිදි " ...........දූ කියනවා ඇහුණා.


    දූ කන්තෝරු ගියා. මමත් ගමනක් ගියා. දවල් වෙලා මම ගෙදර එන වෙලාවේ නෑනා නෝන මිදුල මැද වාඩි වෙලා. ඔලුවේ ලේන්සුවක් ගැට ගහලා.

    " මේ මොකද මේ ?" මම ඇහුවා...." පැය හයක් අව්වේ හිටියොත් හනික වයසට යන්නෙ නැහැලු. ඒක කෙමක් ලු. "

    " කවුද කිව්වේ? " මම ඇහුවා.

    " ගිමාරා " නෑනා නෝනා කිව්වා...........

    Mama meka Gaththe "Sanskara Lokayen"