රස්තියාදුකාරයන්ගේ හෑල්ල - 2

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රස්තියාදුකාරයන්ගේ හෑල්ල - 2


    [FONT=&quot]රස්තියාදුකාරයන්ගේ හෑල්ල - [/FONT]2

    images

    [FONT=&quot]රාස්තියාදුකාරයන්ගේ හෑල්ලේ පළවෙනි කොටසට[/FONT][FONT=&quot] (Click Here)[/FONT][FONT=&quot] ලැබුණු ප‍්‍රතිචාර ගැන සතුටුයි... ඒ නිසාම පරක්කු වෙලා හරි ඒකේ තවත් කොටස් ගේන්නයි සූදානම...[/FONT]

    [FONT=&quot]GSP+[/FONT][FONT=&quot] සහනයත් එක්ක ඒකේ කොන්දේසියක් විදියට [/FONT][FONT=&quot]කොලූකාරයන්ටත්[/FONT][FONT=&quot] යහපත් කාලයක් උදාවෙනවාලූ... කොලූකාරයන් වැඩි වෙනවා කියන්න [/FONT][FONT=&quot]බච්චන්[/FONT][FONT=&quot] ද වැඩි වෙනවා කියන එකයි... මෙහි කොලූකාරයන් කියල කිව්වේ සමලිංගිකත්වයට කැමති පිරිමින්ට.... බච්චා කියල කිව්වේ ඒ වගේ කොලූකාරයන්ට අහුවෙන පෙනුමට ඉන්න පුංචි කොල්ලෝ... [/FONT][FONT=&quot]අනේ ඕකා මොකාද - ඔය බච්චා ගණන් ගන්නේ කවුද[/FONT]?” [FONT=&quot]කියල ඇතැම් විට සරදම් කරනවා බජාර් එකේ ඇසෙන අවස්ථා ද ඇත. කොලූකාරයන්[/FONT], [FONT=&quot]බච්චන් අතර [/FONT][FONT=&quot]පිම්පියා[/FONT][FONT=&quot] ද වැදගත් චරිතයකි... [/FONT][FONT=&quot]ගොනෙක්[/FONT][FONT=&quot] කස්ටර්මර්ලාට සම්බන්ධ කර දෙන්නේ පිම්පියාය... ගොනා යැයි කීවේ ගණිකාවටය... පිම්පියා කියා කියන්නේ ගණිකාවකට ගනුදෙනුකරුවන් සොයා දෙන තැනැත්තාය.... බොහෝ මෙවැනි පිම්පි වැඩ කරන්නේ කුඞ්ඩෙකි.... [/FONT][FONT=&quot]කුඞ්ඩා[/FONT][FONT=&quot] යනු කුඩු කාරයාය... කුඞ්ඩාට දවසේ ගතමනාවට සැලකිය යුතු මුදලක් අවශ්‍ය වේ. ඒ මුදල [/FONT][FONT=&quot]රොබරියක්[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]මොත්තයක්[/FONT][FONT=&quot] දමා සොයා ගැනීම කුඞ්ඩාගේ සිරිතය.... බැරිම වුණොත් [/FONT][FONT=&quot]සත්තමක්[/FONT][FONT=&quot] දමා හෝ එදාවේල කවර් කර ගැනීමට කුඞ්ඩා වලිකන්නේය.... මොත්තේ කියා කීවේ රැවටීමටය... සත්තම කියා කීවේ බොරු චණ්ඩිකමටය...[/FONT]

    [FONT=&quot]හැම එකාටම කුඩු ගහන්නට බැරිය... ඒ හින්දා ගොඩක් වෙලාවට [/FONT][FONT=&quot]මලක් ගසා[/FONT][FONT=&quot] ආතල් එකක් ගැසීම ලාභදායකය.... මලක් ගසනවා යැයි කියන්නේ ගංජා සුරුට්ටුවක් ඉරීමයි... මලක් ගසා කොහේ හරි මුල්ලකට [/FONT][FONT=&quot]සැටමෝල් වීමේ[/FONT][FONT=&quot] ආතල් එක දන්නෝ දනිති... සැටමෝල් වීම යනු තමන්ගේ මනෝ ලෝකෙක තනි වී සිටීමය..... කුඩු ගැසීමට[/FONT], [FONT=&quot]මල් ගැසීමට හැකියාවක් නැත්තෝ [/FONT][FONT=&quot]ගුලියක්[/FONT][FONT=&quot] කා අහිසංක සතුටක් ලබති. ගුලියක් යැයි කීවේ මදන මෝදක ගුලියකටය... මදන මෝදක ගුලියක් කෑ යුත්තේ කිරි කාලක් සමග යැයි මතයක් පවතී.... එවිට එය ඖෂධයකි... නමුදු මාරි බිස්කට් දෙකක් මැද ගුලිය තලා දමා කා වැඩි සීනි ප්ලේන්ටියක් ගැසූ කල අමුතුම [/FONT][FONT=&quot]ති‍්‍රලක් [/FONT][FONT=&quot]ලැබෙන බව ගුලි විශාරදයෝ පවසා සිටිති.... ගුලි කෑ එවුන් හිතන්නේ තමන් හැර අනෙක් හැම එකාම ජෝකර්ලා බවය... ඒ හින්ද ඌ අඩන්න ඕනැ තැනදීත් හිනා වේ.... හේතුවක් නැතිව හිනා වෙන එවුන්ට මොකද යකෝ ගුලියක් කෑවද කියල අහන්නේ ඒ නිසාය.... ඇතැම් සමාජයන්වල ගුලිය [/FONT][FONT=&quot]ටොෆිය[/FONT][FONT=&quot] ලෙස ද හැදින්වේ.... මේ මොනව කලත් අවසාන ප‍්‍රතිඵලය [/FONT][FONT=&quot]මනෝපාරක්[/FONT][FONT=&quot] ගැසීමය... එනම් මනෝ ලෝකක සැරිසැරිමය....[/FONT]

    [FONT=&quot]ගල් කැපීම[/FONT], [FONT=&quot]ගල් බැලීම අතර [/FONT][FONT=&quot]ගල් ගැසීම[/FONT][FONT=&quot] ද සිදු වේ... ගල් ගැසීම යනු අතිවිශේෂ ලේබලයේ අරක්කු බීමය... ඇතැමුන්ට ගල් ගැසීම අපුලය... ඔවුන් වැඩි පුරම බීමට කැමති [/FONT][FONT=&quot]පොල්[/FONT][FONT=&quot] ය... එනම් පොල් අරක්කුය... තවත් සමහරක් තමන්ගේ අතේ පිච්චිය තරමට [/FONT][FONT=&quot]ගහේ බඩුවලින්[/FONT][FONT=&quot] සෑහීමකට පත් වේ... ගහේ බඩු යැයි කීවේ පොල් හෝ කිතුල් රා වලටය.... දැන් නම් ඔරිජිනල් ගහේ බඩු සොයා ගැනීම අපහසුය... ඒ හින්ද ගොඩක් අය හැන්දෑවට ගසන්නේ [/FONT][FONT=&quot]පඩ රා[/FONT][FONT=&quot] ය... පඩ රා යනු රජයේ අවසරය පිට විකිණීමට ඇති බෝතල් රා ය.... ඒවායේ ඇති ගද හා රසෙහි ඇති අපි‍්‍රය බව නිසා පඩ රා කියා හැදින්වේ.... මේ සියල්ලටම වඩා ඈත ගම්බද පෙදෙස්වල අදටත් [/FONT][FONT=&quot]කසියා[/FONT][FONT=&quot] දැකිය හැකිය. කසියා යැයි කීවේ කසිප්පුවලටය... ඇතැම් ප‍්‍රදේශවල [/FONT][FONT=&quot]ගූ පැකට්[/FONT], [FONT=&quot]සුදුවා[/FONT][FONT=&quot] වැනි නම්වලින් ද කසිප්පු හැදින්වේ.... ගූ පැකට් යැයි කීවේ ඇතැම් තැන්වල කසියා විකිණීමට ඇත්තේ පැකට් වශයෙනි.... හොර රහසේ ප‍්‍රවාහනය පහසු වීමට මෙලෙස පැකට් කිරීම කරන බව පවසා සිටියේ කසිප්පු මුදලාලි කෙනෙකි...[/FONT]

    [FONT=&quot]ඔය මොන එකත් තරම දැන[/FONT], [FONT=&quot]තැන දැන ගන්නේ නම් පුංචි ආතල් එකක් ඇති බව පවසන්නේ ඉඳහිට බෝතලේකට [/FONT][FONT=&quot]සෙට් වෙන[/FONT][FONT=&quot] එවුන්ය.. හැබැයි [/FONT][FONT=&quot]බෙබාලා[/FONT][FONT=&quot] කියන්නේ මීට හාත්පසින්ම විරුද්ධ අදහසකි.... එනම් බිව්වත් මැරෙනවා - නොබිව්වත් මැරෙනවා කියා ය... බෙබා යනු දිනපතා බීමට ඇබ්බැහි වූ බේබද්දාට කියන සුරතල් නාමයකි.... බෙබාල අෂ්ට ලෝක ධර්මයට උත්තර හොයන්නේ බෝතලයකිනි... එබැවින් ඔවුන් බෝතලේ දිවිහිමියෙන් අදහයි.... ඇතැමුන් [/FONT][FONT=&quot]මූඩියක් පාගාගෙන[/FONT][FONT=&quot]බොනපාට් කැරක්ටර්[/FONT][FONT=&quot] එකකට එන්ටර් වෙන අවස්ථා ද ඇත.... මූඩියක් පාගාගෙන යැයි කීවේ ඉතා ස්වල්ප වශයෙන් මත්පැන් පානය කිරීමයි.... බොනපාට් යනු බොරුවට සූර් බව පෙන්නීමයි... [/FONT][FONT=&quot]සූර් වීම[/FONT], [FONT=&quot]වෙරි වීම [/FONT][FONT=&quot]මේ හැම එකකින්ම කියවෙන්නෙ හතරගාතයෙන් යෑමය... හතරගාතයෙන් ගොස්[/FONT], [FONT=&quot]කබරයා දමා[/FONT][FONT=&quot] අවසන [/FONT][FONT=&quot]ලොකප්[/FONT][FONT=&quot] වීම ද සිදු වේ. ලොකප් වීම යනු පොලිසිය හසු වී හිරේ විලංගුවේ වැටීමය... කබරයා යනු වමනය දැමීමය.... ඇතැමුන් ලොකප් වී නතර නොවී කි‍්‍රමිනල් කේස්වලට හසු වී [/FONT][FONT=&quot]අච්චු ලබා[/FONT], [FONT=&quot]මහ උඵගෙදරට [/FONT][FONT=&quot]එන්ටර් වී [/FONT][FONT=&quot]ජම්පරයක් [/FONT][FONT=&quot]ඇඳ [/FONT][FONT=&quot]කල්දේරම් බත්[/FONT][FONT=&quot] කන අවස්ථා ද දක්නට හැකිය.... මහ උඵගෙදර යැයි කීවේ බන්ධනගාරයටය... අච්චු ලැබුවා යැයි පවසන්නේ උසාවියෙන් දඩුවම් නියම වීමය... කල්දේරම් බත යැයි කීවේ බන්ධනාගාරයෙන් ලැබෙන කෑම වේලය... (බන්ධනගාරය යනු රස්තියාදුකාරයන්ගේ නියම පොට් එකකි... එහි භාෂාව වෙනමම කතා කළ යුතුය....[/FONT][FONT=&quot])[/FONT]

    [FONT=&quot]තවත් කොටසකින් හමුවෙමු.....[/FONT]

     
    Last edited:
    • Like
    Reactions: chinthaka156

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    bp machan

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again. :(
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවේ ඉන්න මොලයක් නැති මිනිස්සු නිසා මේ රට දවසින් දවස අගාදයට යන්නේ ගොඩ ඒමක් නැ :dull: