රස කතාවක්෴

kingdewi

Well-known member
  • මේ මගෙ බ්ලොග් එකෙන් ගත්තු කතාවක්෴


    මේ කියන කාලෙ මම ඉස්පිරිතාලෙට පත්වීම ගත්ත මුල්ම කාලෙ.ඒ දවස් වල අපේ වෛද්‍ය වාට්ටුව නා නා ප්‍රකාර ලෙඩ්ඩුන්ගෙන් පිරිල තිබුනෙ.ඔය අතර හිටිය ඉන්වෙන්ට්‍රි ලෙඩ්ඩු කියල කොටසකුත්.ඒ කියන්නෙ මාසෙ දවස් තිහෙන් විසි අටක් විතරම ඉන්නෙ වාට්ටුවෙ.ලෙඩේ අඩුවෙලා අද ටිකට් කැපුවොත් හෙම හෙට ආයෙ එනව.නැත්නම් උදේ කැපුවොත් හවස ආයෙ එනව.දොස්තරලටත් ඇතිවෙලාම මේ අයව ටිකට් කපන්නෙ නැතුව ඉන්නව වෙලාවකට මාස ගනන්.ගොඩක් වෙලාවට මේ අසරණ මිනිස්සු මෙහෙම ඉන්නෙ ඉස්පිරිතාලෙ බත් පන්ගුවට, තේ වේලට නැත්නම් ඉන්න හිටින්න තැනක් නැතිකමට.
    එක ඉන්වෙන්ට්‍රි ලෙඩෙක් හිටිය මිනිහගෙ නම ආනන්ද රාජා.දුප්පත් දෙමළ මනුස්සයෙක්.ඇදුම ලෙඩෙක්,ඇදුමට දෙන්න තියන ලෝකෙ හොයාගත්තු ඔක්කොම බෙහෙත් මිනිහට දෙන්න නියම කරල තිබුණ.
    ආනන්ද රාජ හොඳ මනුස්සය.කවදාවත් ස්ටාෆ් එකට කරදර කලේ නෑ බොරුවට.විනාඩි පහෙන් පහට දුම් අල්ලන්නයි, උදේ දවල් රෑ කෑම වේලයි, ඇඳකින් බාගෙකුයි ලැබෙනවනම් මිනිහට රජ සැප දුන්න වගේ තමයි.
    සැප කිවුවට මනුස්සය පුදුම දුකක් විඳින්නෙ හුස්ම ගන්න.රාන්..රූන් ගාල පපුවෙ සද්දෙ මුලු වාට්ටුවටම ඇහෙනව.තිබුනෙ COPD (Chronic Obstructive Pulmonary Decease ) කියන ලෙඩේ අවසාන ඒ කිවුවෙ දරුණුම අවස්තාවෙ.පෙනහලු ආපහු හොඳ කරන්න බැරි තරමටම නරක් වෙලා.එක හුස්මෙන් හුස්මට කැස්ස එනව.උදේ එළිවෙද්දි නෙස්ටොමෝල්ට් ටින් එකකින් එකක් පිරෙන්න සෙම එකතු කරල.ඒවගෙ දුකක් විඳින්න මිනිහ ඇත්තටම ලොකු පවක් කරල ඇති.ඒව බලාගෙන ඉන්න වුන අපිත් පවු කරල ඇති.මොකද ඒ වෙද්දි මිනිහට කරන්න තිබුන ප්‍රතිකාර ඔක්කොම කරලත් ඒවයින් වැඩක් නොවුන තැනට ඇවිල්ලයි තිබුනෙ.
    දවසක් මම මනුස්සයට කතා කරල ඇහුව තරුණ කාලෙ විස්තර.මිනිහ ගජ ඉලන්දාරිය කාලෙ ඉඳල තියෙන්නෙ බිබිලෙ.එහෙ හේනක් වැවුවලු.නිකම් හේනක් නෙවේ, ගන්ජා හේනක්! මම ඇහුව ඉතින් රාජා ගන්ජ බිවුවද කියල.රාජා කියනවා..
    "ඔවු සෑර්..වැඩිය නම් නෑ...දවසට ගන්ජා සුරුට්ටු හය හතක් බොනව.." කියල
    ඔන්න තත්වෙ..අවුරුදු පහලු මිනිහ හේන කලේ.ඒ කාලෙදිම තමයි ඇදුමට ඇවිත් තියෙන්නෙත්.
    ගන්ජ ගැහිල්ල නතර කළාට පස්සෙත් නරක් වුන පෙනහලු ආයෙ නිරෝගී වුනේ නම් නෑ.දවසක් හවස ඩියුටියකට මම යද්දි ආනන්ද රාජගෙ ටිකට් එකේ රතුපාටින් ලියල තිබුන "Patient Expired" කියල.එච්චරයි. ඒත් තව ඉවර නෑ..ආතල් එකට කියල ගන්ජ බොන අයියල මල්ලිලටයි මේ කියන්නෙ.දැන්මම මරණ දැන්වීම් ටික ගහල තියාගන්න..මතක ඇතිව අනිච්ඡාවත ස0ඛාරා කියන එක අනිච්ඡාවත කන්සා ..රා කියල ගහන්න...!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Yahaluwage, Kathawa Hari.
    Me wage Terumak Nethiwa... Ahinsaka Jeewita. Boho Garnak Nikarune..
    Nethiwenda Pradathama Hethuwak Hethiyatha.
    Apitha Hadunwanda Puluwan Me Mat Drawya Uwadura..

    Wesheshayen Me Ganja Gena Kiyaddhi,
    Mul Kalayedhima Pratikara kelothing.. honda Atata Pat Wenda Puluwan unat.

    Anthime Mohotedhi Jeewithayat
    Maranayat Atara Loku Satanak Denda Wenawa..

    Me.. Gena Denuwat Kelatha. ThanX Yahaluwa..
    Wedagat Deyak Ape Yahaluwantha Kiwway..

    Rep +

    Man Nam Hetanne Ne.. Me wage dewal welatha Ebbehi Una Aya.
    Apith Ekka EK Eket ennawa Wenda ethi kiyala..
     

    kingdewi

    Well-known member
  • Yahaluwage, Kathawa Hari.
    Me wage Terumak Nethiwa... Ahinsaka Jeewita. Boho Garnak Nikarune..
    Nethiwenda Pradathama Hethuwak Hethiyatha.
    Apitha Hadunwanda Puluwan Me Mat Drawya Uwadura..

    Wesheshayen Me Ganja Gena Kiyaddhi,
    Mul Kalayedhima Pratikara kelothing.. honda Atata Pat Wenda Puluwan unat.

    Anthime Mohotedhi Jeewithayat
    Maranayat Atara Loku Satanak Denda Wenawa..

    Me.. Gena Denuwat Kelatha. ThanX Yahaluwa..
    Wedagat Deyak Ape Yahaluwantha Kiwway..

    Rep +

    Man Nam Hetanne Ne.. Me wage dewal welatha Ebbehi Una Aya.
    Apith Ekka EK Eket ennawa Wenda ethi kiyala..

    thanks bro
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඒක නං ඇත්ත අප්පා, මත්පැන් මත්ද්‍රව්‍ය වලින් මිනිස්සුන්ට නරකක් මිසක් හොඳක් නං සිද්ධ වෙන්නෙ නෑ.
    thnx :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් ඔව් දැන්ම මරණ දැන්වීම් ටික ගහගෙන තියා ගත්තට කිසි වරදක් නෑ තමා
    සොරි රෙප් දෙන්න බෑලු :(