රස ගුණ දෙන බෙලි
ඔයාලා දන්නවා ඇති ඖෂධීය වටිනාකමකින් යුත් බෙලි නමැති පලතුරු වර්ගය. පුරාණ ඉන්දියාවේ වේද ග්රන්ථවලත්, ඉපැරණි ග්රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී ඇත. රූටාසේ (Rutaceae) ශාක කුලයට අයත් බෙලි ශාකය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේත්, ඝර්ම කලාපීය අනෙකුත් රටවලත් සාරවත්ව වැඩේ. ‘ඒග්ලේ මාර්මිලෝස්’ යනුවෙන් හඳුන්වන මෙම පලතුරු වර්ගයේ මවු බිම ඉන්දියාවයි. බෙලි යනුවෙන් අප හඳුන්වන මෙම පලතුර ඛිලව (සංස්කෘතික) බෙන්ගෝල් ක්වීන්ස් (ඉංග්‍රීසි), බෙල (හිංදි), විල්වම් (දෙමළ) යයි ඒ ඒ භාෂා වලින් හඳුන්වනු ලැබේ.
මේ ගස විෂ සහිත තියුණු කටුවලින් යුක්ත බැවින්, සිය නිවෙස්වලින් ඈත සිටුවා ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. කුඩා බීජ මගින් හෝ අංකුර මගින් මෙහි ව්‍යාප්තිය සිදු වේ. ඉතා සෙමින් වැඩෙන මේ ශාකයේ පල දැරීමට වර්ෂ 10 ක පමණ කාලයක් ගත වේ.බෙලි පලතුරක් වශයෙන් අමුවෙන් කෑමට ගත නොහැකිය. එසේ වුවත් අමු බෙලි තම්බා සීනි මිශ්‍ර කර කෑමට ගන්නා අතර, ඉදුණු ගෙඩියේ මදය ඒ අයුරින්ම කෑමට ගනු ලැබේ. තේ ගස මේ රටේ වගා කිරීමට පෙර අපේ මුතුන් මිත්තෝ වියළි බෙලි මල් තැම්බූ වතුර පානය කළහ. අදටත් අප ආහාරයට ගන්නා කෘතිම ආහාර පානවලට වඩා මෙම පානය සෞඛ්‍යයට හිතකර වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී බෙලිවලට ඉතා ඉහළ ස්ථානයක් හිමි වේ. හෘදය පිනවීම මෙන්ම සුවඳවත් කිරීම ද මෙමගින් සිදු වේ. බෙලි කොළ, මල්, ගැට මද, පැසුණු ඵල සහ මුල් ද නොයෙකුත් ප්‍රතිකාර සඳහා යොදා ගනී.