රස ගුණ දෙන බෙලි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රස ගුණ දෙන බෙලි

    ඔයාලා දන්නවා ඇති ඖෂධීය වටිනාකමකින් යුත් බෙලි නමැති පලතුරු වර්ගය. පුරාණ ඉන්දියාවේ වේද ග‍්‍රන්ථවලත්, ඉපැරණි ග‍්‍රන්ථවලත් අනේක විධ සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත පලතුරක් වශයෙන් බෙලි හඳුන්වා දී ඇත. රූටාසේ (Rutaceae) ශාක කුලයට අයත් බෙලි ශාකය ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේත්, ඝර්ම කලාපීය අනෙකුත් රටවලත් සාරවත්ව වැඩේ. ‘ඒග්ලේ මාර්මිලෝස්’ යනුවෙන් හඳුන්වන මෙම පලතුරු වර්ගයේ මවු බිම ඉන්දියාවයි. බෙලි යනුවෙන් අප හඳුන්වන මෙම පලතුර ඛිලව (සංස්කෘතික) බෙන්ගෝල් ක්වීන්ස් (ඉංග‍්‍රීසි), බෙල (හිංදි), විල්වම් (දෙමළ) යයි ඒ ඒ භාෂා වලින් හඳුන්වනු ලැබේ.
    මේ ගස විෂ සහිත තියුණු කටුවලින් යුක්ත බැවින්, සිය නිවෙස්වලින් ඈත සිටුවා ගැනීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. කුඩා බීජ මගින් හෝ අංකුර මගින් මෙහි ව්‍යාප්තිය සිදු වේ. ඉතා සෙමින් වැඩෙන මේ ශාකයේ පල දැරීමට වර්ෂ 10 ක පමණ කාලයක් ගත වේ.බෙලි පලතුරක් වශයෙන් අමුවෙන් කෑමට ගත නොහැකිය. එසේ වුවත් අමු බෙලි තම්බා සීනි මිශ‍්‍ර කර කෑමට ගන්නා අතර, ඉදුණු ගෙඩියේ මදය ඒ අයුරින්ම කෑමට ගනු ලැබේ. තේ ගස මේ රටේ වගා කිරීමට පෙර අපේ මුතුන් මිත්තෝ වියළි බෙලි මල් තැම්බූ වතුර පානය කළහ. අදටත් අප ආහාරයට ගන්නා කෘතිම ආහාර පානවලට වඩා මෙම පානය සෞඛ්‍යයට හිතකර වේ.ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී බෙලිවලට ඉතා ඉහළ ස්ථානයක් හිමි වේ. හෘදය පිනවීම මෙන්ම සුවඳවත් කිරීම ද මෙමගින් සිදු වේ. බෙලි කොළ, මල්, ගැට මද, පැසුණු ඵල සහ මුල් ද නොයෙකුත් ප‍්‍රතිකාර සඳහා යොදා ගනී.
     
    • Like
    Reactions: Bravo-02 and G-Man

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බෙලිවල ගුණ ලෙස මධුරයි. තුන් දොස් නසයි, උෂ්ණයි, රුචි වඩයි, සිත පිනවයි, පිත වඩවයි, මළ බද්දයට මෙන්ම බුරුල් කිරීමට ද එක සේ ගුණ දෙන ලොව ඇති එකම පලතුරු වර්ගය බෙලිය. ඉන්දීය හා හෙළ නිඝංටුවල නම් ග‍්‍රන්ථයේ බෙලි පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර ඇත්තේ මිනිස් ජීවිතයේ නිරෝගී බව රැක ගැනීම සඳහා උදාර මෙහෙයක් මේ ශාකයෙන් සිදුවන නිසා යැයි විශ්වාස කළ හැකිය.බෙලි ගෙඩියේ ස්වභාවය බැලූ විට, එය පැන්සලක් තරම් වූ මහත නටුවකට සම්බන්ධ, මෙය මෝරන තුරුම කොළ පාටින් ද යුක්තය.ඉදුණු ගෙඩියෙන් මිහිරි සුවඳක් වහනය වේ. මදය කහ පාටය, තදය. එහෙත් ඉදුණු විට ඇඟිලි තුඩු වලින් සූරා ගැනීමට හැකි වන තරමට මොළොක්ය.මාංශයට සම්බන්ධව දිග අතට පිහිටි කුඩා මදුලු නොහොත් කෝෂ, ලාටු වැනි අලෙන සුළු පැණි දියරකින් පිරී ඇත. බීජ පිහිටා තිබෙන්නේ ද මේවා තුළය.[/COLOR]
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    හින්දු ආගමික හා දේව විශ්වාස හා බැදුනු ප්‍රධාන වෘක්ෂයක් වන්නේ බෙලි වෘක්ෂයයි. බෙලි වෘක්ෂය සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම ආගමික විශ්වාසය වන්නේ බ්‍රහ්ම, විශ්ණු සහ ඊශ්වරය (හින්දු ආගමේ එන ත්‍රිමුර්තිය) යන දෙවිවරු මෙම වෘක්ෂයට අරක්ගෙන ඇතය යන්නයි. එය සංඛේතවත් වන්නේ බෙලි පත්‍රයේ ඇති පත්‍රිකා තුනෙන් බව හින්දුන් අතර දැඩි විශ්වාසයක් ඇත.

    මීට අමතරව විශ්ණු දෙවියන්ගේ භාර්යාව වන ලක්ෂ්මිය වාසය කරන ස්ථාන අතර මුලින්ම කියැවෙන්නේ බෙලි ශාකයයි. ලක්ෂ්මිය යනු හින්දු විශ්වාස වලට අනුව සෞභාග්‍යයේ සුරූපිනියයි. ඇය සිතූ පැතු සම්පත් ලබාදෙන වස්තුන් අතරින් එකකි. සුර අසුර යුද්ධයේදි විශ්ණුහු විසින් ක්ෂීර සාගරය කලම්බා සොයාගත් වස්තූන් අතරින් ලක්ෂ්මියද එක් වස්තුවකි. ලක්ෂ්මියගේ වාසභවනය යන අර්ථයෙන් ‍බෙලි වෘක්ෂයද සෞභාග්‍යමත් බවේ සංඛේතයක්ය යන පිළිගැනීම පැරැන්නන් අතර පැවතුණි. ඒ අනූව සෑම නිවසකම ඉදිරියේ දකුණු පැත්තට වන්නට බෙලි ශාකයක් රෝපනය කර ගැනීමට පැරැන්නෝ පෙළඹී සිටියහ. ශීව දෙවියන් පිදීමටද බෙලි පත්‍ර යොදාගැනීමට හින්දුන් කටයුතු කරණු ලැබේ. බෙලි වෘක්ෂයේ ඇති ඖෂධීය වටිනාකම නිසාම ශිව දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට එය පත්වු බව විශ්වාසයක් ඇත. ඒ නිසාම හින්දු දහමේ වන්දනාවට පාත්‍රවන ශංකර්(ශිව) දෙවියන්ගේ භාර්යාව වූ පාර්වතියගේ පියොවුරු හා සමාන කොට බෙලි ඵලය දැක්වීමට පුරාණ ශ්‍රේෂඨ සංස්කෘත පොත්පත් වල කතුවරුන් කටයුතු කර ඇත. බෙලි ශාකය වූකලි සර්ව බලධාරී දෙවියන් විසින් මිනිසාගේ සුභසිද්ධිය සදහාම ත්‍යාග කරන ලද්දක් යැයි විශ්වාසයක්ද ඇත. ඒ අනූව බෙලි ශාකයක් කපා දැමීම දෙවියන්ගේ කොපයට හේතුවක් වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙක් ආකාරයේ රෝග පීඩා ඇතිවිම සිදුවන බවටත් විශ්වාස කෙරේ. වර්තමානයේද බෙලි ගස් කැපීම හෝ දර වශයෙන් ගිනි දැල්වීමට ගැනීම නොසුදුසු යැයි/ නොකල යුතු යැයි යන මතයක් සමාජයේ ඇත. බෙලි ගස් වැවෙන ස්ථාන අසල භූමියේ අභ්‍යන්තරයේ හොදින් වතුර ඇති බවටද පිළිගැනීමක් ඇත. එය ලිං කැනීමේදි සුදුසු ස්ථානයක් සොයා ගැනීමට හොද ඉගියක් කොට ගැනීමට එම කාර්යයේ නිරත වන්නෝ පුරුදුව සිටිති.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඉහත සියල්ල බෙලි ශාකය සම්බන්ධයෙන් සමාජයේ මුල්බැසගෙන ඇති විශ්වාසයන් වන අතර ඒවා කොතෙක් දුරට සත්‍යයට කිට්ටු දැයි කිසිවකු විසින් හෝ පරික්ෂා කර නැත. එහෙත් එම විශ්වාසයන් වලට සමාජයේ ලැබී ඇති පිළිගැනීම කිසිලෙසකින් වත් අඩු නොවිනොවිමෙන් පෙනී යන්නේ බෙලි ශාකයේ ඇති ඖෂධීය වටිනාකම ඒ සියල්ලම යටපත් කර ඇති බවයි.

    යම් ඖෂධීය ශාකයක සියළුම කොටස් ඖෂධීය වටිනාකමකින් යුක්ත නම් (ඖෂධ යෝග සදහා යොදා ගන්නේ නම්) එම ඖෂධ ශාකය කප්රුකක් බදු වුවක් ලෙස ගැනිය හැක. බෙලි ශාකය ගැන පැවසිය හැක්කේද එය ඖෂධීය කප්රුකක් බවයි. බෙලි ශාකයේ මල්, ගෙඩි, කොළ, පොතු සහ මුල් යන පඞචාංගයම විවිධ රෝගාබාධ සදහා ප්‍රතිකාර කිරිමේදි යොදා ගැනේ. බෙලි වෘක්ෂය මධ්‍යම ප්‍රමාණයේ ශක්තිමත්ව හා සෘජුව මිටර් 10-15 දක්වා උසට වැඩෙන ශාකයකි. තියුණු කටු සහිතය. ශක්තිමත් ශාඛා වලින් යුක්තය. ඝණකම් පොත්තක් සහිත කඳ අක්‍රමවත් රටාවලින් යුක්තය. පොත්ත එසේම සුවදවත්ය. පත්‍ර කෙටි නටු වලින් සවිවි ඇත. ඒකාන්තර පක්‍ර රටාවක් පෙන්වයි. දිගැති සම්මුඛ පත්‍ර යුගලයකින්ද දිග් වු වෘන්තයක් සහිත තරමක් විශාල වු අග්‍රස්ථ පත්‍රිකාවකින්ද යුක්තය. පත්‍ර අංඩාකාරය. මතුපිට පෘෂ්ඨය සිනිදුය. කොළ පැහැයට හුරු සුදු පැහැති පුෂ්පයේ දැක ගත හැක. ප්‍රසන්න සුවදකින් යුක්ත මල් තනිව හෝ කිහිපයකින් යුක්තව හට ගනි. මල් හට ගැනීම මැයි මාසයේදි සිදුවේ. සෙ.මි. 8-20 දක්වා විෂ්කමභයකින් යුක්තව සෑදෙනා ගෝලාකාර ඵලය කොළ පැහැතිය. ඉදෙන විට ක්‍රමයෙන් කහ පැහැය‍ට හැරේ. ඵලාවරණය මි.මි.3 ක පමණ ඝන කමකින් යුක්තය. ඇතුලත මදය නානුමය මෘදු මෘදු පටකයකින් පිරි ඇත. මධුර රසයෙන් යුක්තය. එසේම සුගන්ධවත්ය. ඵලය තුල බීජ හෙවත් ඇට රාශියක් හට ගනී. බීජ පාරදුෂ්‍ය වු ශ්ලේෂ්මල වලින් වටවි ඇත.බීජාවරණය සුදු පැහැතිය. සියුම් කෙදි වලින් යුක්තය. ශ්ලේෂ්මලයේ ගිලි පවති. ගෙඩි මේරීම අගෝස්තු සැප්තැම්බර් මාස වන විටදී සිදුවේ.
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මාත් අහල තියෙන විදියට බෙලි කියන්නේ ගොඩක් පෝෂ්‍යදායක පළතුරක්.
    Tnx 4 Info


    beli.jpg
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බෙලි ශාකයේ නිජ භුමිය ලෙස සැලකෙන්නේ ඉංදියාවයි. උෂ්ණ කලාපීය සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණයකින් හෙබි ප්‍රදේශ වල බෙලි ශාකය හොදින් වැඩේ. ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංගලිදේශය, බුරුමය සහ තායිලන්තය වැනි රටවල බෙලි මනාව වැඩේ. ලංකාවේ බෙලි ප්‍රභේද දෙකක් ගැන සදහන් වේ. ග්‍රාම්‍ය සහ වන්‍ය එම ප්‍රභේද දෙකයි. ග්‍රාම්‍ය ප්‍රභේදය වුවද එහි ගෙඩි වල රසය අනූව උප ප්‍රභේද වලට බෙදීයයි.සාමාන්‍යයෙන් ග්‍රාම්‍ය බෙලි ප්‍රභේදයේ ගෙඩි කුඩාය. වන්‍ය ප්‍රභේදයේ ගෙඩි සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාලය.

    Aegle marmelos L, Correa/ Feronia pellucida Roth/ Crataeva marmelos Linn වැනි උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හදුන්වන බෙලි ශාකය ඉංග්‍රීසි බසින් හදුන්වන්නේ Bael fruit tree, Bengal quince, Indian quince, Golden apple, Stone apple, Holy fruit වැනි නාමයන්ගෙනි. සංස්කෘතයෙන් බිල්වා යන ප්‍රසිද්ධ නාමයෙන් දක්වා ඇති මෙයට ගන්ධගර්භ, රිද්යගන්ධ, කන්ටකද්ය, ලක්ෂ්මීපාල, සමීරරස වැනි පර්යාය නාමයන් ඇත. මෙය ජම්බීර(පැගීරි) කුළයේ ශාකයකි.

    බෙලි ශාකයේ සියළුම අංගයන්ගෙන් වඩාත් වැඩියෙන් සාකච්ඡාවට ලක් වන්නේ බෙලි ඵලයයි. නවින විද්‍යාවට අනූව විවිධ ඛනිජ ද්‍රව්‍ය සහ විටමීන් වර්‍ග බහුල පොෂ්‍ය පදාර්ථයන්ගෙන් බහුල ඖෂධීය පළතුරක් ලෙස බෙලි ඉහලින්ම සදහන් කල හැක. මීට අමතරව කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් බහුල පළතුරකි. අනෙක් පළතුරු හා සැසැදීමේදි බෙලි වල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා අධික බව පැවසිය හැක. ඛනිජ ද්‍රව්‍ය ලෙස කැල්සියම්, පොස්පරස් හා යකඩ අඩංගුවේ.අමතරව විවිධ මූලද්‍රව්‍ය විවිධ මාත්‍රාවන්ගෙන් මෙහි අන්තර්ගතව ඇත.

    නවින තාක්ෂණය උපයෝගි කරගනිමින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනූව ‍බෙලි වල ඇති රසායනික ද්‍රව්‍යයන් අතරින් වඩාත් වැඩි විභවයක් ඇති රසායනිකය ලෙස හදුනා ගෙන ඇත්තේ මාමෙලොසින් නැමති ද්‍රව්‍යයයි. විරේක කාරකයක් ලෙසත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාතරන බව සොයාගෙන ඇත. අමතරව දහඩිය දැමීම හා නින්ද නොයෑම මදක් අඩු කිරීමටද මෙම ද්‍රව්‍ය සමත් බව පරික්ෂණයන්ගෙන් තහවුරු කරගෙන ඇත. සොරාලෙන්, මාර්මීන්, එජ්ලීන් වැනි රසායනිකයන්ද වෙනත් ප්‍රති බැක්ටීරියාමය ( Anti Bacterial) සහ ප්‍රති දිලීරමය( Anti Fungus) රසායනිකයන්ද හදුනගෛන තහවුරු කරගෙන ඇත.

    ආයුර්වේද මූල ග්‍රන්ථ වල සහ අනෙකුත් චිකිත්සා ග්‍රන්ථ වල බෙලි ශාකයේ චිකිත්සීය වැදගත්කම පෙනෙන අවස්ථා බොහොමයක් දක්වා ඇත. ඒකීය ද්‍රව්‍යයක් ලෙස බෙලි පමණක් යොදා පිළියෙල කර ගන්නා සංස්කාරිත ඖෂධයන් ලෙස බිල්වා මොදක, බිල්වා අර්ක, බිල්වා පැණිය, බිල්වාදි චූර්ණ ආදිය හදුනා ගත හැක. ආයුර්වේදයේ ප්‍රසිද්ධම සංස්කාරිත ඖෂධයක් වන දශමුලාරිෂ්ටයේ අඩංගු ප්‍රධානතම ද්‍රව්‍යයන් දහයෙන් එකක් වන්නේ බෙලිය. ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥාණයට අනූව බෙලි ශාකයේ එක් එක් අංගයන් විවිධ රස ගුණ වීර්යයන් පෙන්වයි. එහෙත් පොදුවේ ගත්කල,