රහල් අල්විස් ගේ තරහ යාම, ගංවතුර සහ චාමර ,කපු&#

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රහල් අල්විස් ගේ තරහ යාම, ගංවතුර සහ චාමර ,කපු&#

    ලංකාවේ මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මිනිස් ජීවිත සියයකට වඩා අහිමිව ගොස් අවසානය. තවමත් අතුරුදහන් වූ පිරිස ගැන නියමිත දත්තයන් පවා සොයා ගැනීමට නොහැකිව ඇත. අවතැන් වූ ජනතාව ලක්ෂ ගණනකි. ජීවිත කාලය පුරා හරි හම්බකරගත් සියලු දේපොළ , නිවාස සම්පුර්ණයෙන්ම විනාශව ගොස් ඇඳිවත පමණක් ඉතිරිව, තවමත් දින ගණනක් වතුර පොදක්වත් නැතිව ගංවතුරට කොටු වූ පිරිසද අපමණය..

    20-4.jpg


    විදේශ රටවලින් සහනාධාර ගෙන එන තත්වයට රට පත්ව තිබේ. ලංකාවේ ගම්බිම් වල සියලු ලොකු, කුඩා ,පිරිමි, කාන්තා සියලුදෙනා මේ වනවිට අසරණ වූ අපේම ජනතාවට සරණක් වන්නට තමන්ට හැකි අයුරින් ආධාර, උපකාර ලබා දෙමින් සිටී.
    රටේ දේශ පාලඥයන් තම වැඩ කොටස නිසියාකාරව ඉටුකරනවාද යන්න ගැටලුවකි. ඒ ගැන වැඩි විස්තර අනවශ්‍යය. ඒ ගැන කතා කිරීමත් වැඩකට ඇති දෙයක් නොවේ. මන්ද දේශ පානඥයන් කවදත් කල ටික මේ වනවිටත්, ඉදිරියටත් එලෙසම කරනවා ඇති..

    කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය ආයතන විසින් මේ වනවිට සැලකිය යුතු දායකත්වයක් මෙම උවදුරින් අවතැන් ජනතාව වෙත සිදුකරමින් සිටියි. ඔවුන් අවතැන් ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කවදත් සිදු කළා. එය තමන්ගේ ප්‍රචාරක වැඩසටහනේම එක කොටසක් බව ඇතැමෙකුගේ මතයයි. කොහොම වුනත් ඒ ගැන වැඩි දුරට කතාකිරීම මේ අවස්ථාවේ නුසුදුසුය. මන්ද අවතැන් ජනතාවට මේ මොහොතේ ඇති අවශ්‍යතා ඔවුන් සපුරන එකම මහත් අස්වැසිල්ලක් වන නිසාය.
    එමෙන්ම ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරන , එහෙත් සමාජයේ සිදුවීම් ගැන අනිත් මිනිසුන්ට වඩා සංවේදී කොටසක් තම කාර්යභාරය මේ වනවිට උපරිම දායකත්වයෙන් සිදු කරමින් සිටින තවත් පිරිසකි.ඒ කළා කරුවන්ය. කළා කරුවන් යනු , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සංවේදී මිනිසුන්ය”. ශිල්පීන් කොතෙක් සිටියත්, කළා කරුවන් අල්ප රටක් බවට ලංකාව පත්ව ඇත.

    22-2.jpg


    මාධ්‍ය මගින් පුම්බවා, මුදල් මගින් තල්ලුව දී “තරු” බවට පත් කල සමහර අමනයන් යලි තම මාධ්‍යවල වෙළඳාම ඉහල නංවා ගැනීමට යොදා ගැනීම නුතනයේ ප්‍රධාන තුරුම්පුව බවට පත් කර ගැනීමට සමහර මාධ්‍යජාල කටයුතු කරමින් සිටී. අනෙක් අතට දක්ෂ, සංවේදී , සැබෑ කළා කරුවන් තම ආත්මගෞරවය “විකිණීමට” සුදානම් නැති නිසාම මෙවැනි “හාල් කෑලි ” ෆෝම් වෙන එක කෙසේනම් නවතාගන්නද? මාධ්‍ය ඉදිරියේ පොරවල්ල වෙන්න හදන මෙවැනි අනුවන, පියරු බබාලාගේ සැබෑ තත්වය හෙලිවන්නේද මාධ්‍ය හරහාම වීම පට්ටම ආතල් එකයි.
    රහල් අල්විස්ට උනෙත් ඔයදේම නොවේද?…තමා යැපෙන්නේ මේ රටේ මිනිසුන් මතය කියන කාරණය අමතක කර , ප්‍රසිද්ධ මාධ්‍ය හරහා තමාගේ ප්‍රේක්ෂකයාට චන්ඩි පාට දමන මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හැඳින්විය හැකිද? මේ සා විශාල ව්‍යවසනයකදී ඒ ගැන සංවේදී නැති මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හඳුන්වන කොටසක් තවත් ලංකාවේ සිටිනවානම් ඒ ඔවුන්ගේ මානසික තත්වයයි. කාන්තා අයිතිවාසිකම්, කාන්තා ගරුත්වය ගැන කතා කරන අපේ මාධ්‍ය මගිම , සජීවී වැඩසටහනකට කතා කල තරුණියකට චණ්ඩිපාට් දාන රහල්ලා ගැන අප තේරුම් ගත යුත්තේ , ඔවුන් මාධ්‍ය විසින්ම පුම්බා සිංහ වෙස්මුහුණු පලන්දන ලද “නරි” ලෙසය. මන්ද නරියාට සිංහයෙකුගේ “මේකප්” දැම්මට, වූ කට අරින සැනින් පිට වන්නේ “හූ” හඬය . අද රටේ සිංහයන් සහ නරීන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තත්වයක් හට ගෙන තිබේ…
    කෙසේ වෙතත් තරුණ කළා ශිල්පීන් මේ වන විට තම සක්‍රීය දායකත්වය ලබා දෙමින් ගන වතුර උවදුරෙන් මිරිකෙන ජනතාවට සහන සලසමින් සිටින බව මතක් කල යුතුය. එක උදාහරණයක් ලෙස චාමර වීරසිංහ හඳුන්වා දිය හැකිය. මේ වන විට තම ගම්ප්‍රදේශයේ තරුණයන්ට නායකත්වය ලබා දෙමින් දිවා රෑ වෙහෙසෙමින් දකුණු පලාතට පමණක් සීමා නොවී රත්නපුර දිස්ත්‍රික්කයට පවා අවශ්‍ය අහාර, උපකරණ ලබා දීමට ඔහු මැදිහත් වී සිටී.
    එමෙන්ම ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු සැපයීමට ද ඔවුන් කටයුතු කරමින් සිටී.ඒ ඒ ගැන වාර්තා කරන මාධ්‍යක් සොයා ගැනීමත් අපහසුය.

    23-2.jpg


    මේ වෙලාවේ සැබෑ කළා කරුවෙකු කියන්නේ කව්ද කියල කියන්න පොඩි දෙයක් ලියා අවසන් කිරීම සුදුසුයි කියල හිතනවා.

    ඔබට මතකද “ගුණදාස කපුගේ” කළා කරුවා. තමන් උපයන මුදල් වලින් දුප්පත් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා දමා , නවක ගායක ශිල්පීන් ඇත දුෂ්කර ගම්මාන වලින් එලියට ගෙන ලංකාවට හඳුන්වා දී ඉතා සරල ජීවිතයක් ගත කර, දේශපාලඥයන්ට හෝ මාධ්‍ය ආයතන වලට කඩේ නොයා දුක දැක්ක විට මගහැර නොගිය විශිෂ්ඨය්කි.
    ලංකාවේ මෙතෙක් කිසිවෙකුට ලඟාවිය නොහැකි අසමසම ගායක “ජෝති” කියන්නෙත් නියම කළා කරුවෙකි. ගිය තැන සාමාන්‍ය මිනිසුන් සමග කාලය ගත කල, තම ඇඳිවත් පවා විටෙක සාමාන්‍ය මිනිසෙකුට පරිත්‍යාග කල, මුදල් ඉතිරි නොකර ලක්ෂ සන්ක්යාත මිනිසුන්ගේ දෙනෙතේ කඳුළු පමණක් ඉතිරිකර ඔහු සමු ගත්තා.එහෙත් ඔවුන්ගේ මතකය තවත් පරම්පරා ගණනක් පවතිනු ඇති. ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන් මිනිසුන්ට ආදරය කල සැබෑ ම කළා කරුවන් බැවිනි.

    රහල් අලිවිස්… ඔබ දැන් කොතෙක් හඬා වැටුනත් පලක් නැත. මන්ද වෙස්මුහුණු ගැලවී සැබෑ මුහුණ හෙළිවේ අවසානය. ඔබ තුලින් කරලියට අවේ වෙන යමක් නොව, කළා කරුවෙකු වීමට සියලු දෙනාට නොහැකිය. ඒ සඳහා සංව්දී හදවතක් ඇත්තෙකු විය යුතුය. එය බලෙන් හෝ ආයාසයෙන් කල නොහැක්කකි. ජන්මයෙන්ම ගෙන ආයුතුය. එය ඔබට පමණක් නොව, සියලු “ශිල්පීන්ට” පොදු කාරණයකි. ශිල්පීන් කන බත් කට ඔවුන්ට ගෙන දෙන්නේ සාමාන්‍ය ජනතාව, නැතිනම් රසිකයන් විසින් බව මතක තිය ගන්න…මොකද ඔබට එය අමතක වූ හැටි මුළු රටම දැක අවසන්ය.

    වස්සාන – ලංකා රහස්.
     
    • Like
    Reactions: wamkchathuranga

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ප්‍රේම කීර්ති ද අල්විස් ලා සාගරිකා ගෝමස් ලා මරා දාන රටක ඉතින් පහල වෙන්නේ මේ වගේ උන් තමා.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කළාකරුවන් සංවේදි කියලා කව්ද බං කියන්නෙ..රෙද්ද...අනිත් මිනිස්සු සංවේදි නැද්ද එතකොට...??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රේම කීර්ති ද අල්විස් ලා සාගරිකා ගෝමස් ලා මරා දාන රටක ඉතින් පහල වෙන්නේ මේ වගේ උන් තමා.
    සිරා කතාව..

    රහල් කියන එකා නම් දන්නෙත් මේ සීන් එකෙන් පස්සෙ..
    චාමර නම් කොහොමත් මනුස්සකම් දන්න පොරක්..
    ලොකු ලයින් නෑ..

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිරා කතාව..

    රහල් කියන එකා නම් දන්නෙත් මේ සීන් එකෙන් පස්සෙ..
    චාමර නම් කොහොමත් මනුස්සකම් දන්න පොරක්..
    ලොකු ලයින් නෑ..


    මම නම් එහෙමවත් දන්නේ නෑ.මොකද බන් ඔය
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    සිරා කතාව..

    රහල් කියන එකා නම් දන්නෙත් මේ සීන් එකෙන් පස්සෙ..
    චාමර නම් කොහොමත් මනුස්සකම් දන්න පොරක්..
    ලොකු ලයින් නෑ..


    :):)
    Media walata oni ohe wachlakam kiyawan un misak kalakaruwek newei.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරා කතාව..

    රහල් කියන එකා නම් දන්නෙත් මේ සීන් එකෙන් පස්සෙ..
    චාමර නම් කොහොමත් මනුස්සකම් දන්න පොරක්..
    ලොකු ලයින් නෑ..


    muge nama danneth ada ban eth monawa karana ekekda kiyala danne neha