රක්‍ෂිත භාරයට පත් කත වැලිකඩට රැගෙන යද්දී
රහස් පෙදෙසේ තිබී කුඩු පැකට් සියයකට වැඩි ප්‍රමාණයක් හමුවේ
මාලිගාකන්ද අධිකරණයෙන් රක්‍ෂිත භාරයට පත්කළ කාන්තාවක් ඊයේ (30 දා) වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ අවස්‌ථාවේ ඇය රහස් ප්‍රදේශයේ සඟවාගෙන පැමිණි මත්කුඩු පැකට් සියයක පමණ ප්‍රමාණයක් හා ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරිනියන්ට හසු වී තිබේ.
මෙම කාන්තාව බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන ඒමෙන් අනතුරුව පරීක්‍ෂාවට ලක් කරද්දී මත්කුඩු පැකට් කිහිපයක් බිමට වැටී ඇති අතර පසුව සිදු කළ වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම මත්කුඩු තොගය හා ජංගම දුරකථනය සොයාගෙන ඇත.
බන්ධනාගාර නිලධාරිනියන් එම තහනම් ද්‍රව්‍ය සොයාගන්නා අවස්‌ථාවේ කාන්තාව රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටි ජංගම දුරකථනය සිරුර අභ්‍යන්තරයට ඇතුළු වී තිබූ බව කාන්තා අංශයේ ප්‍රකාශිකාවක් පැවසුවාය.
එම තත්ත්වයත් සමඟ බන්ධනාගාරයට රැගෙන ආ කාන්තාව රෝගී බවක් පළ කිරීම නිසා ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබිණි.
Source: Divaina