රහසිගත තීරණය ජනපතිට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රහසිගත තීරණය ජනපතිට

    5 ද ? 6 ද ? රහසිගත තීරණය ජනපතිට

    copyright: ada derana news
    lankacnews


    තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියි.

    "ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී. ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ.

    එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි."

    .........................................

    තමන්ගේ අදහස වන්නේ විධායක ජනාධිපතිවරයාට හිමි වසර හයක කාලය වසර හතරක් දක්වා අඩු කිරීමට වුවත් ව්‍යවස්ථා විශේෂඥයින්ගේ කරුණු පෙන්වා දීම මත එය වසර පහක් බලට පත් කිරීම තීරණය කල බවත් තමන් වසර පහකින් ගෙදර යන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

    තම ධුර කාලය වසර හයක්ද පහක්දැයි නිගමනට කරන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව විවිධ පාර්ශව ඒ සදහා අද දිනයේ කරුණු දැක්වීය.

    ඒතාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහෝහරද සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එසේ කියා ඇති නිසා බලහතක්කාරයෙන් ඔහුට තවත් වසරක කාලයක් ලබා දීම ඔහුට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමක් විය හැකි බවයි.

    ඔහු එසේ කියා සිටියේ ජනාධිපතිවරයාට වසර හයක් සිය ධුරයෙ සිටිය හැකි යයි නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමෙන් පසුය.

    මනෝහරද සිල්වා මහතාගේ එම ප‍්‍රකාශයත් සමග අධිකරණ ශාලාවේ සිටි සියළු දෙනාට සිනා නැගෙනු පෙනිනි.

    2015 ජනවාරි 26 වන දින පොලොන්නරුව තෝපාවැව ක‍්‍රිඩාංගනයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවයා “විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා – මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය” ලෙස කියා ඇති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

    ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය පහත වීඩියෝවේද වෙයි.



    3:30 idan balanna

     
    Last edited:
    • Like
    Reactions: crazy-owl

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අවුරුදු 6 නම් තව අවුරුදු ගානක් රනිල්ට මයිත්‍රී ගේ වහලෙක් වෙලා ඉන්න වෙනවා. මදැයි විදායක අගමැති වෙන්න හිටිය. මේ විදියට අනිත් බලතලත් වලංගුද දන්නේ නැහැ. පාර්ලිමේන්තුව කලින් විසිරවිමේ බලය.

    :rofl::rofl::rofl::P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවුරුදු 6 නම් තව අවුරුදු ගානක් රනිල්ට මයිත්‍රී ගේ වහලෙක් වෙලා ඉන්න වෙනවා. මදැයි විදායක අගමැති වෙන්න හිටිය. මේ විදියට අනිත් බලතලත් වලංගුද දන්නේ නැහැ. පාර්ලිමේන්තුව කලින් විසිරවිමේ බලය.

    :rofl::rofl::rofl::P

    අනිත් ඒවත් එහෙම තමයි.19 සංශෝධනය කරලා තියෙන්නේ අතීතයට බලපාන විදියට නෙමෙයි.තටු කපලා නෙමෙයි හකුලන් ඉඳලා තියෙන්නේ :eek:
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    othanata ena hema eka ma ekai , enakan pampori awama inna kale wedi karaganna try anthima ta mahinda ta una wede ma wela yayi ...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනිත් ඒවත් එහෙම තමයි.19 සංශෝධනය කරලා තියෙන්නේ අතීතයට බලපාන විදියට නෙමෙයි.තටු කපලා නෙමෙයි හකුලන් ඉඳලා තියෙන්නේ :eek:

    maru
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිත් ඒවත් එහෙම තමයි.19 සංශෝධනය කරලා තියෙන්නේ අතීතයට බලපාන විදියට නෙමෙයි.තටු කපලා නෙමෙයි හකුලන් ඉඳලා තියෙන්නේ :eek:
    If it's so, He is still full power Ex. pres.
    That means he can dissolve the parliment as in 18 amendment.

    hurraahhh.........
    So ranil, beware now. HE the pres. is going to form a new gov. without UNP & with UPFA & pohottu kukulas...!!!:rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    If it's so, He is still full power Ex. pres.
    That means he can dissolve the parliment as in 18 amendment.

    hurraahhh.........
    So ranil, beware now. HE the pres. is going to form a new gov. without UNP & with UPFA & pohottu kukulas...!!!:rofl:

    :yes::yes:රනිල්ට බලු කුක්කෙක් වගේ ජීවත්වෙලා හොදට පුරුදුයි. එකපාරක් චන්ද්‍රික යටතේ. අනිත් පාර මයිත්‍රී යටතේ. අවුරුදු 24 (1994 සිට) ගතවෙලත් තවම හරියට unp ආණ්ඩුවක් හදාගන්න බැරි උන.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටංට පාර්ලිමේන්තුවත් විසුරුවන්ඩ පුලුවන් ඇති ඔය කියල විදියට පරණ නීතියට පත් වෙලා තියෙන නිසා,රනිලට ක දීල පත්වෙච්ච නිසා ඕක එහෙම කරන්නෙ නැතිවෙයි දෙපැත්තෙ කුණු ඇදෙන නිසා 2014 අන්තිම කාලෙ කරපු :rolleyes: