රහසිගත තීරණය ජනපතිට
5 ද ? 6 ද ? රහසිගත තීරණය ජනපතිට
copyright: ada derana news
lankacnews
තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.
මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියි.
"ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මත දෙකක කතිකාවක් නීතිමය සිවිල් සහ දේශපාලන ක්ෂේත‍්‍ර තුළ පවතී. ඒ අනුව යම් ව්‍යාකූලතාවයක් ඇති විය හැකි බැවින්, එය මගහරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් ධුර කාලය පිළිබඳ නිවැරදි මතය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබේ.
එසේ විමසීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට බලතල ඇති අතර, මීට පෙර ජනාධිපතිවරුන් ද මේ ආකාරයට සිය ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇති විශේෂ ලක්ෂණයකි."
.........................................
තමන්ගේ අදහස වන්නේ විධායක ජනාධිපතිවරයාට හිමි වසර හයක කාලය වසර හතරක් දක්වා අඩු කිරීමට වුවත් ව්‍යවස්ථා විශේෂඥයින්ගේ කරුණු පෙන්වා දීම මත එය වසර පහක් බලට පත් කිරීම තීරණය කල බවත් තමන් වසර පහකින් ගෙදර යන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.
තම ධුර කාලය වසර හයක්ද පහක්දැයි නිගමනට කරන ලෙස ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව විවිධ පාර්ශව ඒ සදහා අද දිනයේ කරුණු දැක්වීය.
ඒතාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහෝහරද සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එසේ කියා ඇති නිසා බලහතක්කාරයෙන් ඔහුට තවත් වසරක කාලයක් ලබා දීම ඔහුට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීමක් විය හැකි බවයි.
ඔහු එසේ කියා සිටියේ ජනාධිපතිවරයාට වසර හයක් සිය ධුරයෙ සිටිය හැකි යයි නීතිපතිවරයා විසින් කරුණු දැක්වීමෙන් පසුය.
මනෝහරද සිල්වා මහතාගේ එම ප‍්‍රකාශයත් සමග අධිකරණ ශාලාවේ සිටි සියළු දෙනාට සිනා නැගෙනු පෙනිනි.
2015 ජනවාරි 26 වන දින පොලොන්නරුව තෝපාවැව ක‍්‍රිඩාංගනයේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවයා “විධායක ජනාධිපතිවරයකුට තියෙන අසීමිත බලතල ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීලා කටයුතු කිරීමේ කටයුතු මේ දිනවල කර ගෙන යනවා. මම පෙරේදා ඒ සාකච්ඡාවට සහභාගී වෙලා කිව්වා – මගේ නිල කාලයට තියෙනවා අවුරුදු හයක්. මේක අවුරුදු හතරක් කරමුයි කියලා හිටන්. ඒත් ව්‍යවස්ථා විශේෂඥ කමිටුව සහ දේශපාලන නායකයන් අවුරුදු හතරට කැමති වුනේ නැහැ. අවුරුදු හතරකට සැරයක් මැතිවරණයකට යාම රටට හොඳ නැහැ කියල හිටන්. මගේ දැඩි ඉල්ලීම උඩ අවුරුදු හය පහ කරන්න ඒ ගොල්ලෝ කැමති වුනා. දැන් (අවුරුදු) හයෙන් එකක් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා, පහෙන් ගෙදර යන්න ඒක මගේ ප්‍රතිපත්තිය” ලෙස කියා ඇති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය පහත වීඩියෝවේද වෙයි.
3:30 idan balanna

Last edited: