රහසින්ම ගියා ඔබ
පාසල නිමාවී මා එනවිට පාරේ....
සිනහ ගගක් ගැලුවා මතකයි දෝරේ..
ඇවිදන් ගියේ එකටයි හැමදා පාරේ...
අද එක් වෙන්න පින් මදි දෝ සන්සාරේ...
පාසල් වැඩවලට සිත මා යොමු කරවා....
දුර්ජන මිතුරු ඇසුරට උස බැමි බදවා...
ගුරුතුමියක සේ ගුරු හරු කම් යොදවා...
මතකයි ඉගැන්නූවා ඔබ සිත ඔසවා...
කාලය සෙමින් ඇල දොල මෙන් ගලා ගිය...
විභහග මනසකින් මගෙ වැඩ කෙරී ගිය....
පුරුදු සුවද ඔබගේ සිත ඇදී ගිය......
අඩුවක් ඇතැයි සිතුනා සිත සොයාගිය...
සරසවි රැජින අවදිව අප ඇමතූවා...
මා කොලඹටත් රජරට ඈ ගෙන්නූවා...
වසරින් වසර ඈගේ මතකය ගාවා...
සිත් මල වෙතින් පෙම් සුවදක් ගෙන ආවා..
ඇතත් ලිපි දහස් ගණනක් ඇයට ලියා....
කිසි තොරතුරක් නෑ ලැබුනේ ඇගෙන් කියා...
කොහෙදෝ කුමක් කරනවදෝ කියා එයා...
මිතුරු සුලග මට පවසන් අනේ ඔයා....
සැමරුම් ඈත දිනවල මට සිහි වෙනවා.....
පියකරු සිනාවට ඈගේ සිත යනවා...
කැව් බත් කටින් ආ රස අද සිහි වෙනවා...
රන් කද ඔයා මා දාලා කොහි යනවා....
ඉවසනු බැරි තැනම ඈ ගැන සිතුවිල්ල....
දවසක් ගියා එන්නට බලලා රාවනා ඇල්ල....
වචනින් අදහසින් නොවනා මා මෙල්ල...
කලේ සසල දසුනකි ජීවිත ඇල්ල....
දිය සීරාව විටකදි මෙහි වැඩි වෙනවා....
දිය නෑමට පවා මෙය අවධානම් වෙනවා...
ඇල්ලේ සිරිය සිත්සේ හිද නරඹනවා...
ජීවිත ඔබේ වටිනාකම වැඩි වෙනවා...
බිලිගනු ලැබූ ජීවිත පෙන්වා තිබුනී....
මරුවා උගේ දස්කම පෙන්වා තිබුනී...
විසි තුන් දෙනෙක් රුකලා ඇත මරුගෙ තනී..
එහි ඇති පිළිරුවක් දුටු මා සලිත උනි..
බාලේ ඉදන් ආලය මා හට බැන්දා....
කාලේ තරණ වන විට මා පෙම් බැන්දා..
ලොලේ එබේ හසරැල්ලට සිත බැන්දා..
ඇයි ගියෙ ඔයා රන්කද මරුහා කැන්දා...
සිනහ ගගක් ගැලුවා මතකයි දෝරේ..
ඇවිදන් ගියේ එකටයි හැමදා පාරේ...
අද එක් වෙන්න පින් මදි දෝ සන්සාරේ...
පාසල් වැඩවලට සිත මා යොමු කරවා....
දුර්ජන මිතුරු ඇසුරට උස බැමි බදවා...
ගුරුතුමියක සේ ගුරු හරු කම් යොදවා...
මතකයි ඉගැන්නූවා ඔබ සිත ඔසවා...
කාලය සෙමින් ඇල දොල මෙන් ගලා ගිය...
විභහග මනසකින් මගෙ වැඩ කෙරී ගිය....
පුරුදු සුවද ඔබගේ සිත ඇදී ගිය......
අඩුවක් ඇතැයි සිතුනා සිත සොයාගිය...
සරසවි රැජින අවදිව අප ඇමතූවා...
මා කොලඹටත් රජරට ඈ ගෙන්නූවා...
වසරින් වසර ඈගේ මතකය ගාවා...
සිත් මල වෙතින් පෙම් සුවදක් ගෙන ආවා..
ඇතත් ලිපි දහස් ගණනක් ඇයට ලියා....
කිසි තොරතුරක් නෑ ලැබුනේ ඇගෙන් කියා...
කොහෙදෝ කුමක් කරනවදෝ කියා එයා...
මිතුරු සුලග මට පවසන් අනේ ඔයා....
සැමරුම් ඈත දිනවල මට සිහි වෙනවා.....
පියකරු සිනාවට ඈගේ සිත යනවා...
කැව් බත් කටින් ආ රස අද සිහි වෙනවා...
රන් කද ඔයා මා දාලා කොහි යනවා....
ඉවසනු බැරි තැනම ඈ ගැන සිතුවිල්ල....
දවසක් ගියා එන්නට බලලා රාවනා ඇල්ල....
වචනින් අදහසින් නොවනා මා මෙල්ල...
කලේ සසල දසුනකි ජීවිත ඇල්ල....
දිය සීරාව විටකදි මෙහි වැඩි වෙනවා....
දිය නෑමට පවා මෙය අවධානම් වෙනවා...
ඇල්ලේ සිරිය සිත්සේ හිද නරඹනවා...
ජීවිත ඔබේ වටිනාකම වැඩි වෙනවා...
බිලිගනු ලැබූ ජීවිත පෙන්වා තිබුනී....
මරුවා උගේ දස්කම පෙන්වා තිබුනී...
විසි තුන් දෙනෙක් රුකලා ඇත මරුගෙ තනී..
එහි ඇති පිළිරුවක් දුටු මා සලිත උනි..
බාලේ ඉදන් ආලය මා හට බැන්දා....
කාලේ තරණ වන විට මා පෙම් බැන්දා..
ලොලේ එබේ හසරැල්ලට සිත බැන්දා..
ඇයි ගියෙ ඔයා රන්කද මරුහා කැන්දා...
Last edited:






