රහස : පොතකින් යමක් - 2

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    රහස : පොතකින් යමක් - 2

    RMS_Titanic_3.jpg



    ටයිටැනික් ඛේදවාචකය අපි කිසි කෙනෙක්ට අදටත් අමතක කරන්න බෑ .
    එවකට බිහි වූ විශාලතම යාත්‍රාව බවට පත් වීමට හැකි වුවත් ,
    සිය කුලුදුල් චාරිකාවෙන්ම මුහුදු පත්ලෙ සැගවීමට ටයිටැනික් නැවට සිදු වුනේ ,
    විශාල අයිස් කුට්ටියක ගැටීම නිසයි. ඒ 1912 අප්‍රේල් 15 .
    මෙම ව්‍යසනයට හේතු ලෙස ගොඩක් මත පසු කාලෙක ඉදිරිපත් කෙරුණා.
    නමුත් මේ වන විට පිලිගත හැකි මතයක් ඉදිරිපත් කිරීමට එක්තරා කාන්තාවක් ඉදිරිපත් වුවා.
    ලුයිස් පැටන්.

    Louise-Patten-credit-Debbie-Scanlan.jpg


    ඒ මෑතකදී නිකුත් කෙරුණු ඇයගේ කෘතියක් මගින්.
    එය Good As Gold .

    goodasgold.jpg


    ලුයිස් පැටන් යනු ටයිටැනික් ව්‍යසනය සිදු වන අවස්ථාවේ එහි සිටි දෙවන නිලධාරියාගෙ මිනිබිරිය.
    වැලලී යන රහසක භාරකරුවෙකු වීමට ලුයිස්ට සිදු වන්නේ තමා කුඩා කාලයේදී
    දිනක් සිය මිත්තණිය විසින් ඇයට හෙලි කල අපූරු තොරතුරු කිහිපයක් නිසාවෙනි.
    ඒ වෙන කිසිවකුත් නොව ටයිටැනික් යාත්‍රාවේ සෑබෑ කතාවයි.

    " ඔයා මේක කාටවත් කියන්න එපා. මම එහෙම කියන්නෙ කාරණා දෙකක් හින්දා "

    මිත්තණිය කුඩා ලුයිස්ට පැවසුවාය.

    " මොනවද ඒ "


    " ඔයාගේ සීයාට තියෙන කීර්තිනාමය නැති වෙන්න පුලුවන් .

    අනික මෙච්චර කල් තියෙන මේ ඛේදවාචකයට හේතුව ලෙස තිබුණු මතය නැති වෙන්නත් පුලුවන් .

    ඒක අපි හිතන තරම් ලේසි නෑ . "


    වසර ගණනාවක් ඇය එම රහස රැක ගෙන ජීවත් විය.
    මිත්තණියගෙ මරණයෙන් පසු ටයිටැනික් ඛේදවාචකයේ සුවිශේෂි රහසක් දන්නා
    ලොව සිටින එකම පුද්ගලයා තමා බව යන කරුණ ලුයිස්ගේ සිතට නිතර වද දුන්නේය.
    ඇය සිය සැමියාටවත් මේ බව නොපවසා සිටී නමුත් , කෙදිනක හෝ තමා මිය ගිය පසු
    මෙම රහසත් වැලලී යන බව දන්නා ලුයිස් අවසානයේ
    ලොව හමුවේ එය එලිදරව් කිරීමට ඉදිරිපත් විය. ඒ පෙර කී කෘතිය මගිනි.

    සැබවින්ම සිදු වුයේ අයිස් කුට්ටියක ගැටීම බව ප්‍රත්‍යක්ෂය.
    එහෙත් නිලධාරීන් හට ඉන් පසු , එනම්
    ගැටීමෙන් පසු ටයිටැනික් යාත්‍රාවට ගිලීමට ඉඩ නොදී එය බේරා යාත්‍රා කිරීමට හැකියාව තිබී ඇත.
    වැරැද්ද සිදු වී ඇත්තේ යාත්‍රාවේ සුක්කානම ක්‍රියා කරවන්නා අතිනි.
    ඔහු රොබට් හිචින්ස්ය.

    රුවල් නැවක සුක්කානම සැමවිටම කරකැවිය යුත්තේ යාත්‍රා කරන දිසාවට විරුද්ධ දිශාවටය.
    එකල බොහෝ විට තිබුනේ රුවල් නැව්ය.
    ටයිටැනික් නැව වාශ්ප බලයෙන් ක්‍රියාත්මක වන නැවකි.
    එවායේ සුක්කානම යාත්‍රා කරන දෙසටම හැරවිය වුතුය.
    එහෙත් නැව තුල ක්‍රියාත්මක වුයේ රුවල් නැවට ලබා දෙන විදිවිධානය.

    රුවල් නැව් විධාන හා වාශ්ප බලයෙන් ක්‍රියාත්මක වන නැව් වල විධාන
    පරිවර්තන කිරීමෙහි පුහුණුවක් සෑම සුක්කානම් ක්‍රියාත්මක කරවන්නෙකුටම
    එකල ලබා දෙමින් පැවතුනි. රොබට් යනුද ඒ පිලිබද මනා දැනුමක් තිබු නිලධාරියෙකි.
    අයිස් කුටියේ ගැටීමෙන් අනතුරුව , නැවේ ප්‍රධාන නිලධාරී මර්ඩොච් විසින්
    රුවල් නැව් විධානයක් මගින් නැව හැරවීමට රොබට්ට අණ කර ඇත.
    එහෙත් සිද්දියෙන් දැඩි ලෙස තැති ගැන්මට පත්ව සිටි රොබට්
    එය වාශ්ප බල යාත්‍රා විධානයක් ලෙස භාර ගත්තේය.
    කෙතරම් සමතෙකු වුවත් නොසන්සුන් වූ විට දුර්වලය.
    තමන්ට වැරදුනු බව නිලධාරීන්ට , විශේෂයෙන්ම රොබට් හට තේරුම් යද්දී ඔවුන් ප්‍රමාදය.

    220px-Bruce_Ismay.jpg
    article-0-024A507C00000578-776_233x442.jpg

    බෘස් ඉස්මේ රොබට් හිචින්ස්ය

    මෙම රහස හෙලි වුවානම් රොබට්ගේ වරද මත යාත්‍රාවේ අයිතිකරුවා
    බෘස් ඉස්මේ හට මරණ දඩුවම පවා හිමි වෙන්නට තිබුණි.
    ඔහු හා ලුයිස්ගෙ සීයා යනු නැවෙන් ජීවිත බේරා ගත් අතලොස්සක පිරිස අතරින් දෙදෙනෙකි.

    ටයිටැනික් රහස හෙලි වුයේ ඒ ආකාරයෙනි.

    images


    -----------------------------------------------------------------------
    පොතකින් යමක් - 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1119041




     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ලුයිස් පැටන් යනු ටයිටැනික් ව්‍යසනය සිදු වන අවස්ථාවේ එහි සිටි දෙවන නිලධාරියාගෙ මිත්තණියයි.


    දෙවන නිලධාරියාගෙ මිත්තණිය වෙන්න බෑ නේද? මිනිබිරිය (grand daughter) වෙන්නැති ඔයා අදහස් කරන්න ඇත්තෙ? :D

    thnx for the info anyways.
     
    • Like
    Reactions: eghty

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34


    දෙවන නිලධාරියාගෙ මිත්තණිය වෙන්න බෑ නේද? මිනිබිරිය (grand daughter) වෙන්නැති ඔයා අදහස් කරන්න ඇත්තෙ? :D

    thnx for the info anyways.


    :sorry::shocked::eek:

    sorry , වැරදිලා
    thanks a lot for showing it
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34