රාජකාරිය

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
මෙය රෝහලක දී සිදු වූවකි.

රෝහල් ගතව සිටිය දී හෙදියන්ගේ නොසැළකිලිමත් භාවය නිසා මියගිය සිය ඥාතියාගේ වියෝවෙන් ශෝකයට පත් රෝගියාගේ භාරකරු හෙදියක් හමුවේ, ඔවුන්ගේ නොසැලකිලිමත් භාවය ගැන දොස් පවරයි.

රෝගියාගේ භාරකරු: බලන්න, මිසීලා තමුන්ගේ රාජකාරිය හරියට කරා නම් මගේ ලෙඩා බේරගන්න තිබුණා නේ !

හෙදිය: හරි කථාවක් නේ තමුසේ කියන්නේ ! අපි අපේ රාජකාරිය විතරක් හරියට කරලා හරි යනව ද

රෝගියාගේ භාරකරු: එහෙනම් ?

හෙදිය: තමුසේ මඟුලක් කථා කරනවා. බලනවා, ඉස්පිරිතාලේ තව සේවකයෝ කී දෙනෙක් ඉන්නව ද ? මෝචරියේ සේවකයෝ, උප්පැන්න මරණ ලියාපදිංචි කරන අය, කොරනෙල්ලා ඉන්නවා. අපි ඒ අය ගැනත් බලන්න ඕන. එහෙම නැති වුනොත් ඒ අයගේ රස්සාව නැති වෙනවා ! ඒකයි සාමූහික වගකීම කියන්නේ.


(හොද නම් කියන්න බලන්න)
:confused: