රාජගිරි සුදු අලියා තව කෝටි 26ක් ගිලී

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රාජගිරි සුදු අලියා තව කෝටි 26ක් ගිලී

    කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් රුපියල් දෙකෝටියකට අධික මිලක් ගෙවා මාසික කුලියට ගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත. ශ්‍රී ජයවර්ධනපුර පාරේ, කෝට්ටේ පිහිටි එම ඩී.පී.ජේ ටවර් ගොඩනැගිල්ල සඳහා ලී බඩු ආදිය ලබාගැනීමටත් ගොඩනැගිල්ලේ කාර්යාල හා කාමර වෙන්කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති සහ වා සැකසුම් කටයුතුවලටත් ටෙන්ඩර් කැඳවමින් පසුගිය 16 වැනි බදාදා ඉංග්‍රීසි පුවත්පතක දැන්වීම් දෙකක් පළ කර තිබිණි.

    මෙම ටෙන්ඩර් දැන්වීම් මගින් දක්වා ඇති පරිදි ගොඩනැගිල්ලේ ලී භාණ්ඩ සැපයීම හා සවි කිරීම සඳහා රුපියල් මිලියන 140කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය. කාමර හා කාර්යාල වෙන් කිරීම, කාපට් ඇතිරීම, විදුලි පද්ධති හා වා සැකසුම් සඳහා තවත් රුපියල් මිලියන 112කට ආසන්න කොන්ත්‍රාත්තුවක් ලබාදීමට නියමිතය.

    කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන ඇති ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම සෙත්සිරිපායේ හෝ කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ග අඩියක වටිනා කමට වඩා අඩු බව දුමින්ද දිසානායක ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය. එම ස්ථාන දෙකින් ම වර්ග අඩි අනූ දාහක ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මත භේදයට තුඩු දී ඇති මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.

    මේ පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක්වත් ඊට යොදවා නැති බවයි.

    අමාත්‍යංශ ගොඩනැගිල්ලක් සඳහා මෙවැනි අධික මුදලක් යෙදවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීහු පසුගිය දිනවල දිගින් දිගටම ප්‍රශ්න කළහ. එහිදී ඇමැතිවරයා කියා සිටියේ ඕනෑම අමාත්‍යංශයක් වෙනුවෙන් එවැනි මුදලක් වැය වන බවයි.

    ‘අපි සෙත්සිරිපායට ගියත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් කාමර වෙන් කරන්න ඕනෑ. අපි සෙත්සිරිපායට ගියත් එකයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් එකයි. අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා මේ මුදල යනවා’ යැයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා තිබිණි.

    ‘ඩී.පී.ජේ ටවර් ‘ ගොඩනැගිල්ල ජනප්‍රිය සිනමා නිළියකට අයත් බවටද පසුගිය දිනවල වාර්තා පළවී තිබිණි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මත මිස තමන්ට අවශ්‍ය වූ නිසා නොවන බවත් ඇමතිවරයා දැඩිව අවධාරණය කළේය.


    web20161118_115458.jpg


    web20161118_121000.jpg


    Capture.jpg
     

    Eric Trump

    Banned
    Nov 18, 2016
    33
    6
    0
    sabeetha perera:yes:
    මටත් හිතුනා . මහත්තයාගෙ සල්ලි තමා ඉතිං. එත් මෙච්චර ගෙව්වා කියන එක නම් විස්වාස කරන්න අමාරුයි හැබැයි.
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මේ පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවීමෙන් පසු කෘෂිකර්ම ඇමැතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක්වත් ඊට යොදවා නැති බවයි.

    ...
    කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මත මිස තමන්ට අවශ්‍ය වූ නිසා නොවන බවත් ඇමතිවරයා දැඩිව අවධාරණය කළේය.

    මිනිස්සු මහන්සියෙන් උපයා දෙන බදු සල්ලිනෙ මේ විදියට නාස්ති වෙලා යන්නෙ.
    පව් ඉතින් දුමින්ද දිසානායක ඇමතිතුමා, පාර්ලිමේන්තුවෙ උවමනාවටනේ එතුමා මෙච්චර මහන්සි වෙන්නෙ (අන්තිමට ඒකටත් වැරදිකාරයෙක් නැති උනා )
     

    Eric Trump

    Banned
    Nov 18, 2016
    33
    6
    0
    මිනිස්සු මහන්සියෙන් උපයා දෙන බදු සල්ලිනෙ මේ විදියට නාස්ති වෙලා යන්නෙ.
    පව් ඉතින් දුමින්ද දිසානායක ඇමතිතුමා, පාර්ලිමේන්තුවෙ උවමනාවටනේ එතුමා මෙච්චර මහන්සි වෙන්නෙ (අන්තිමට ඒකටත් වැරදිකාරයෙක් නැති උනා )

    පෙන්නෙ නැද්ද බන් හොඳටම ගෙවලා තියෙන ගානෙ හැටියට හොඳ ගැහිල්ලක් වෙලා තියෙනවා කියලා. ඔච්චර යන්නෙ නැහැ. ලොක වෙලඳ මධ්‍යස්ථානෙ වත් ඔය වගෙ වියදමක් යන්නෙ නැහැ. මෙතන ගැහිල්ලක් වෙලා තියෙනවා ඒකාන්තයෙන්ම .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    තව ලක්ස 50ක් වියදං කරලා පට්‍රේ ad එකක් දැම්ම නං හරි.

























































    එතකොට සරළ ජනා දැක මම දන්නවනං ඔච්චර ගානකට ගන්නහ්හ් දෙන්නේ නෑ හිටං කියා හිටං කියනු ඇත. සිංහලුන්ට ඒ වචනෙම මදිද