රාජජල්ලි (Royal jelly )

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අද උදෙන්ම ආව call එකක් නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. කතාකරපු කෙනා ඇහුවෙ රාජජල්ලි විකුණන්න නැද්ද කියලා. හේතුව විදියට කීවෙ පිළිකාවක් හැදිලා ඉන්න ලමයෙකුට බෙහෙත් එකක් හදන්න කියලා. ඇත්තටම රාජජල්ලි වලට පිළිකා නැසීමේ හැකියාව තියෙනවාද? අද ලිපිය ඒ පිලිබඳවයි ....

    මීමැසි රැජින වෙත ලබාදෙන මෙම ආහාරය නිපදවනු ලබන්නේ, වයස දින 7කට වඩා අඩු පියාසැරියේ නොයෙදෙන ලාබාල සේවිකාවන්ගේ අධෝග්‍රසනික ග්‍රන්ථි තුලය. එය, සේවිකාවන් විසින්, සාමාන්‍ය සේවිකා කීටයකු වෙත සීමාවකින් තොරව සපයන අතර, මෙම ආහාරය නිසාම සති දෙකක් ඇතුලත සේවිකා කීටයෙකු රැජිනක් බවට පත්වෙනවා. මෙය සිදුවීමට එකම හේතුව වන්නේ, මෙම ආහාරයේ ඇති ඇතැම් තත්ත්වයන් පමනක්මයි. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් සේවිකා බිගුවෙකුගේ ආයුකාලය මාස තුනක් පමණ වන අතර, රාජජල්ලි වල බලපෑම හේතුවෙන්ම රැජිනගේ ආයුකාලය වයස අවුරුදු 4ක් පමන දක්වා දීර්ඝ වනවා. එය සාමාන්‍ය අායුකාලයමෙන් 50 ගුනයක පමණ වැඩිවීමක්. එසේම, දවසකට බිත්තර 1000ක් පමණ දැමීමේ හැකියාවක් රැජිනට ලැබෙන අතර, එනම් රාජජල්ලි ප්‍රජනක පද්ධතියේ විශාල වෙනසක් කිරීමට සමත් වෙනවා. මද සරුභාවය ඇති කාන්තාවන් සදහා මෙය භාවිතා කිරීම පිලිබඳව අප පසුව කතා කරමු. ඉතින් රාජජල්ලි ජල්ලිවල තිබෙන රෝග සුවකිරීමේ හැකියාව පිලිබඳව තවත් සාක්ෂි අවශ්‍ය නොවන අතර, එය විද්‍යාත්මක තහවුරු කර හමාරයි.
    කෙසේවුවද, ලංකාවේ කිසිම විදියකින් රාජජල්ලි නිෂ්පාදනයක් සිදුනොවන අතර, ලංකාව තුල වෙලදපලේ රාජජල්ලි දක්නට ලැබෙන්නේද නැහැ.

    uputa ganima - Wellassa Bee Honey

    19145701_1848627245458454_3906782724226052476_n.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මී මැසි ජනපදයට හානිය කරන්නේ නැතුව ඔව්ව එලියට ගන්ඩ ක්‍රමයක් තියෙනවද?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මී මැසි ජනපදයට හානිය කරන්නේ නැතුව ඔව්ව එලියට ගන්ඩ ක්‍රමයක් තියෙනවද?

    අනේ මන්දා. මම නම් ජීවිතේට මෙහෙම එකක් අහලා තිබ්බෙ නැ. හැමෝටම දනගන්නත් එක්ක එලකිරියට දැම්මා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕක කෑවම වයසට යන එක අඩු වෙනවලු, ඉන්දියාවේ නළු නිලියෝ එහෙම කනවා කියනවා :yes::yes:

    පට්ට ගණන්ලු :baffled::baffled: ලංකාවේ නම් හොයාගන්න නෑ :dull::dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අනුරාදපුරේ වෙදමහත්තයෙක් හිටියා පිලිකාවලට බෙහෙත් කරන
    එයා රජ මීමැස්සි ගෙ ඇඟෙන් ඔහොම මොකද්ද විෂේශ දෙයක් ඉවත් කරලාලු බෙහෙත හැදුවේ
    පස්සෙ කාලෙක වෙද මහත්තයා රෑට එළියට බැස්සම ඇඟෙන් රශ්මියක් පිට වෙන්න පටන් ගත්තලු
    පස්සෙ ඒ වෙද මහත්තයා වනගත උනා ලු භාවනා කරන්න

    දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ
    මගේත් යාලුවෙක් එක්කන් ගියා එතනට, මාස 3න් වෘෂණ කෝෂ පිලිකාවක් හොඳ කලා ශතයක්වත් නොගෙන :D
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනුරාදපුරේ වෙදමහත්තයෙක් හිටියා පිලිකාවලට බෙහෙත් කරන
    එයා රජ මීමැස්සි ගෙ ඇඟෙන් ඔහොම මොකද්ද විෂේශ දෙයක් ඉවත් කරලාලු බෙහෙත හැදුවේ
    පස්සෙ කාලෙක වෙද මහත්තයා රෑට එළියට බැස්සම ඇඟෙන් රශ්මියක් පිට වෙන්න පටන් ගත්තලු
    පස්සෙ ඒ වෙද මහත්තයා වනගත උනා ලු භාවනා කරන්න

    දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ
    මගේත් යාලුවෙක් එක්කන් ගියා එතනට, මාස 3න් වෘෂණ කෝෂ පිලිකාවක් හොඳ කලා ශතයක්වත් නොගෙන :D

    ඉන්න තැන විස්තර දාපන් ඕන කෙනෙක්ට යන්න..:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඉන්ටනෙට් එකේ රෝයල් ජෙලි ගැන හෙව්වා. වතුර බින්දු 2-3ක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්ලු හැදෙන්නෙ. විකුනන්න තියෙන ඒවා බොරු ඒවලු.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉන්න තැන විස්තර දාපන් ඕන කෙනෙක්ට යන්න..:rolleyes:
    දැන් නැහැ බන්
    පස්සෙ ඒ වෙද මහත්තයා වනගත උනා ලු භාවනා කරන්න
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඉන්ටනෙට් එකේ රෝයල් ජෙලි ගැන හෙව්වා. වතුර බින්දු 2-3ක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක්ලු හැදෙන්නෙ. විකුනන්න තියෙන ඒවා බොරු ඒවලු.

    කවුද දන්නෙ ඉල්ලුවම වැඩි වේවි කියලා මිනිස්සු බොරු දානවද කියලා :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    කවුද දන්නෙ ඉල්ලුවම වැඩි වේවි කියලා මිනිස්සු බොරු දානවද කියලා :dull:

    බයර්ස්ලා කිව්වනම් උබ කියන කතාව ඇත්ත. හැබැයි මේවා කියන්නෙ බී කීපර්ලා බන්. උන් අහවල් වේදනාවකටද ඇත්ත තත්වෙ කියන්නෙ. අන්න එතනයි බන් හිතන්න දෙයක් තියෙන්නෙ. ඔය ජෙලි ටික අමරණීය ඩ්‍රින්ක් එකක් වගේ දෙයක්. අතට හම්බුන එකා කටට දාගන්න සීන් එකක් තියෙන්නෙ. ආයි විකුන විකුන ඉන්නේ නෑ බන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    බයර්ස්ලා කිව්වනම් උබ කියන කතාව ඇත්ත. හැබැයි මේවා කියන්නෙ බී කීපර්ලා බන්. උන් අහවල් වේදනාවකටද ඇත්ත තත්වෙ කියන්නෙ. අන්න එතනයි බන් හිතන්න දෙයක් තියෙන්නෙ. ඔය ජෙලි ටික අමරණීය ඩ්‍රින්ක් එකක් වගේ දෙයක්. අතට හම්බුන එකා කටට දාගන්න සීන් එකක් තියෙන්නෙ. ආයි විකුන විකුන ඉන්නේ නෑ බන්.
    ලංකාවෙන්ම එක වෙදමහත්තයා නෙ ඕක ගන්න දැනන් හිටියේ
    ඔය බොරු බොරු ගාන උනුත් ඕක කරන හැටි දන්නෙ නැද්ද දන්නෙ නැහැ :dull: