එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව සජිත් පාර්ශවය සිදුකල ගුරුකම් සියල්ල ඔහුන්ටම හරහට සිට ඇතිබව වාර්තාවේ. බෝධි රණසිංහ(පසුගියදා මියගිය), හේමා ප්‍රේමදාස සහ ගාල්ල දිස්ත්‍රික්කය නියොජනය කරන සජිත් පිළේ ප්‍රබලයකු(නම පසුවට ) එකතුවී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කර තිබු හුනියම් රැසක් ලංකාවේ ප්‍රකට හිමිනමක් විසින් කපා දැමිමත් සමග එම හුනියම් කිරිමට දායක වු පිරිසට බරපතල ලෙස ප්‍රශ්ණවලට මුහුනදිමට සිදුව ඇතිබව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතාට කර තිබු හුනියම් වල අධික බලපැමක් ඇති බැවින් අදාල හුනියම් කපන සමයේදි ඔහුට ඉර පසුවි පායන රටකට පිටවන ලෙසට උපදෙස් දී ඇති අතර නමුත් විපක්ෂ නායකවරයා එයට එතරම් කැමැත්තක් දක්වා නැ. පසුව පවුලේ ඉල්ලිම මත පසුගිය දිනක ඔහු රටින් පිට ගියේ අදාල කාර්යය කර ගැනිමට ඔවුන්ට ඉඩ ලබාදෙමිනි. පසුව අදාල හිමිනම ඇතුලු පිරිස පුරා දින 9ක කාලයක් මෙම කටයුත්තේ යෙදි සිටි බව වාර්තා වේ.අනුරාධපුර පුජා නගරයේ මහ කැලැවක පිහිටි දේවාලයක් තුල මෙම හුනියම කපා ඇති අතර කතරගම,සීනිගම ඇතුලු දේවාල කිහිපයකදි අදාල පුද පුජා පවත්වා තිබේ. වික්‍රමසිංහ මහතා මෙම ක්‍රියාවලිය පිළිබද විශ්වාසයක් නොතැබුවද දින 9 ය ගත විමටත් පෙර හුනියම් කර පුද්ගලයන්ට එහි බලපැම අත්විදිමට සිදුවන බව අදාල හිමිනම ප්‍රකාශ කර තිබේ.එය තහවුරු කරමින් මෙ වන විටත් ප්‍රථිපල ලැබි ඇති බව පෙනෙන්නට තිබේ.




