රාජපක්ෂ_නිර්දේශය
මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසාගේ ජනාධිපතිවරණ විවරණය
2020

නිර්මාණශීලිත්වය ඇගයීම උදෙසා

-----------------------------------------
01. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයා ලෙස වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ,
01.මහින්ද රාජපක්ෂ
02.ගෝඨාභය රාජපක්ෂ
03.චමල් රාජපක්ෂ
04.නාමල් රාජපක්ෂ
05.ටට්යානා ලී රාජපක්ෂ
කිරි කජුය. පිළිතුර 02. ගෝඨාභයයි. "රාජපක්ෂ නිර්දේශය" අධ්‍යයනය කළ ඕනෑම දරුවෙකුට ඉක්මනින් පිළිතුර තෝරාගත හැකිවිය යුතුය. 19 වන සංශෝධනය අදාළ නොවන නිසා පැරණි නිර්දේශය යටතේ ඉදිරිපත් වූ සිසුන්ට පිළිතුර 01 සඳහාද ලකුණු ලැබිණි. ඇතැම් සිසුන් පිළිතුර 05 තෝරා තිබූ අතර ඔවුන් බොහෝවිට පිරිමි ළමුන් විය යුතුය. විභාගයේදී සලකා බලන්නේ වඩාත්ම ගැලපෙන වරණය නිසා එම පිළිතුර ප්‍රතික්ෂේප විය
02.යුද්ධය දිනා රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමිවන්නේ,
01.මහින්ද රාජපක්ෂ
02.රොෂාන් ගුණතිලක
03.සරත් වීරසේකර
04.වසන්ත කරන්නාගොඩ
05.සරත් ෆොන්සේකා
මෙයද සිම්පල් ය. ඇස් වසාගෙන වුවද උත්තර ලිවිය හැකිය. පිළිතුර 01. නමුත් මෙහිදී පිළිතුර 05 සඳහාද ලකුණු ලැබිණි. ඒ පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මාද්‍ය හමුවකදී යුද්ධය මෙහෙයවූයේ එවක හමුදාපති විසින් බැව් පවසා සිටි බැවිනි. ඒ අනුව රාජපක්ෂ නිර්දේශය ද සංශෝධනය විය. නමුත් මා දරුවන්ට දෙන උපදෙස වන්නේ සෑමවිටම මෙම ප්රශ්නය සඳහා "මහින්ද රාජපක්ෂ" පිළිතුර තෝරන ලෙසයි. නැතහොත් හදිසි අවස්ථාවලදී ඔබේ ලකුණු කැපී යා හැක.
03.ශ්‍රී ලංකාව අවසන් වතාවට එක්සේසත් කළ රජු වන්නේ,
01.දුටු ගැමුණු රජු
02.පළවන පරාක්‍රමබාහු රජු
03.පළවන රාජපක්ෂ රජු
04.හයවන පරාක්‍රමබාහු රජු
05.එළාර රජු
මෙම ප්රශ්නය වරද්දා ගත් දරුවන්ගේ පස්සා පැත්තට වැරෙන් පහරක් ගැසිය යුතුය. 01 පිළිතුර දුටුගැමුණු ලෙස දී ඇත්තේ ඔබව මුලා කරන්නටය. රාජපක්ෂ රජු යනු "මහින්ද රාජපක්ෂ"ය. මෙය නොදන්නා දරුවන් ආර්ට්ස් කිරීමටවත් සුදුසු නොවේ. පසුගිය දශක එකහමාරක් පමණ කෝමා තත්වයේ සිටියවුන් සේ මෙය වරදා ගත්තේ නම් තමන් කෙරෙහිම ලැජ්ජා වන්න.නිවැරැදි පිලිතුර 03
04.පහත ප්‍රකාශ කියවා නිවැරැදි ප්‍රකාශය හෝ ප්‍රකාශ සංකලනය තෝරන්න.
P.බදිර්යුදීන් අන්තවාදියෙකු නොවේ.
Q.හිස්බුල්ලා අන්තවාදියෙකු නොවේ.
R.බදිර්යුදීන් තරම් හිස්බුල්ලා අන්තවාදියෙකු නොවේ.
01. P
02. Q
03. R
04. P හා R
05.Q හා R
තරමක් කතාබහට ලක් වූ ප්රශ්නයකි. මොවුන් දෙදෙනාම අන්තවාදීන් වෙති. ඒ නිසා P හා Q ප්‍රකාශ වැරදිය. නමුත් හිස්බුල්ලාගේ සහය ගෝඨාට හිමිවන නිසා ඔහු අඩුවෙන් අන්තවාදීය. මෙය රාජපක්ෂ නිර්දේශය තුළ පැහැදිලිව සඳහන් වේ. නිවැරැදි ප්‍රකාශය R ය. එනිසා නිවැරැදි වරණය 03. මෙවැනි ප්‍රශ්නයක් දුටුවිට එකවරම පිළිතුර සෙවීමට උත්සහ නොකර ඉවත් කිරීමේ න්‍යාය භාවිතා කරන්න.
05.රාජපක්ෂ විරෝධීන් සඳහා සමාන පද වන්නේ,
A.දේශද්‍රෝහීන්
B.ඩොලර් කාක්කන්
C.NGO පිල්ලි
D.ජාත්‍යන්තර කුමන්ත්රණකාරීන්
01.A,B,C
02.A,C,D
03.B,C
04.B,C,D
05.A,B,C,D
මේවා හැමදාම අහන ප්රශ්නය. දුටු සැණින් උත්තරය ලබා ගත හැකිය. කටුවැඩ කිරීම පාපයකි. නිවැරැදි පිළිතුර 05.
06.ඔබ දේශප්‍රේමියෙකු වූ අවසාන අවස්ථාව වන්නේ,
01.2010 ජනාධිපතිවරණය
02.2010 මහමැතිවරණය
03.2015 ජනාධිපතිවරණය
04.2015 මහමැතිවරණය
05. ඉහත කිසිවක් නොවේ.
නිර්මාණශීලි ප්රශ්නයකි. පරීක්ෂකවරුන් විමසා ඇත්තේ ඔබ පිළිබඳවය. අනුකම්පාවෙන් නිකම් ලකුණු ප්රදානය කිරීමට ප්රශ්නය අසා ඇත. දේශප්‍රේමියෙකු වීමට නම් රාජපක්ෂ කඳවුරට මනාපය පළකල යුතුය. ඔබ එසේ කළ අවසන් අවස්ථාවය විමසන්නේ. කිසිවිටක ඔබ ඔවුනට මනාපය පළ නොකළේ නම් ඔබට 05 වරණය තෝරාගත හැක. මෙය පුද්ගලයා අනුව වෙනස් වන නිසා 1,2,3,4,5 පිළිතුරු නිවැරැදි ලෙස බාර ගැණිනි. පිළිතුර ALL.
07. මෙරට සිදුවූ මූල්‍ය වංචාවක් වන්නේ,
01.මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාව
02.සුනාමි අරමුදලේ වංචාව
03.මිග් ගනුදෙනුවේ මූල්‍ය වංචාව
04.නෙළුම් කුළුණේ කෝටි 200
05.ස.තො.ස. මූල්‍ය වංචාව
ඉතා පහසු ප්රශ්නයකි. එකවරම පිළිතුර 01 ලෙස පෙනිය යුතුය. අනෙක් සියලු දෑ රාජපක්ෂ සමයේ සිදුවූ සුළු සිද්ධීන් ය. ඒවා වංචාවන් ලෙස නොසැලකිය හැකි තරම් කුඩාය. මෙලෙස පිළිතුර 01 වූ විට අනෙක්වා කියවමින් කාලය මිඩංගු කරන්නට එපාය. මෙවැනි ඒවා ඉක්මනින් අවසන් කර අපහසු ප්‍රශ්න සඳහා කාලය ඉතිරි කර ගන්න.
08. නොගැලපෙන සංකලනය සහිත වරණය තෝරන්න.
01.ශිරන්ති රාජපක්ෂ - සිරිලිය ගිණුම
02.ගෝඨාභය රාජපක්ෂ - සුදු වෑන්
03.විමල් වීරවංශ - පාස්පෝට්
04.නාමල් කුමාර - ලැම්බොගිනි
05.රෝහිත රාජපක්ෂ - රොකට්
මෙයද තරමක් කල්පනා කර සැලකිල්ලෙන් විසඳාගත යුතු ප්රශ්නයකි. කලබල වුවහොත් වැරදි පිළිතුරක් කරා යොමුවිය හැක. මෙහි සෑම නමක්ම ඉදිරියෙන් ඇති දේ හා ඉතා ලඟින් බැඳී ඇත. එසේ නොවන නම නාමල් කුමාරයි. ලැම්බොගිනි හා බැඳී පවතින්නේ නාමල් රාජපක්ෂගේ නමයි. එනිසා නිවැරැදි පිළිතුර 4.
09.පහත සඳහන් නම් අතුරින් රණවිරුවෙක් නොවන්නේ,
01.කමල් ගුණරත්න
02.ශවේන්ද්‍ර සිල්වා
03.ජගත් ජයසූරිය
04.මහේෂ් සේනානායක
05.රජිත හිරාන් (පිංපොං)
මෙය ට්‍රිකි ප්රශ්නයකි. සියයට අනූනමයක් පාසා තෝරාගෙන තිබුණේ 05 වරණයයි. රජිත හිරාන් රණවිරුවෙක් ලෙස රාජපක්ෂ රජයෙන් වැටුප් ලබා තිබේ. ඒ අනුව ඔහු රණවිරුවෙකි. එනිසා රණවිරුවෙක් නොවන්නේ මහේෂ් සේනානායකයි. රාජපක්ෂලාට විරුද්ධ වීමත් සමග මහේෂ් ගේ "රණවිරුභාවය" අහෝසි වේ. නිවැරැදි පිලිතුර 04.
රාජපක්ෂ නිර්දේශය නිරවුල්ව හා පැහැදිලිව අවබෝධ කරගත් දරුවන්ට මේ ප්‍රශ්න වලට සුටුස් ගා උත්තර දිය හැකිය. තම වැඩ කොටස නිසි පරිදි ඉටුනොකරන සිසුන් හැමදාමත් ප්‍රශ්න පත්‍රය අමාරු යැයි මැසිවිලි නගති. පරීක්ෂක වරුන්ට දොස් තබති.
10.මෙවර ජනාධිපතිවරණය,
01.දූෂිතයන් පන්නා දැමීමට ඇති අවස්ථාවයි
02.වංචනිකයන් එළිදරව් කිරීමට ඇති අවස්ථාවයි
03.රට බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාවයි
04.දැක්මක් ඇති නායකයෙක් පත් කරගැනීමට ඇති අවස්ථාවයි
05.රටේ අනාගතය තීරණය කරන අවස්ථාවයි
ගතානුගතික ප්රශ්නයකි. පසුගිය ප්‍රශ්න පත්‍රවලද තිබුණා මතකය. ඒවා හොඳින් අධ්‍යයනය කරන්න යැයි කියන්නේ මේ නිසාය. කටපාඩමින් උත්තරය කිව හැක. පිළිතුර 03.
11. පහත ස්වාමීන් වහන්සේලාගේ දේශමාමකත්වය ආරෝහණ පිළිවෙලට සකසන්න.
A.කොටුවේ පොඩි හාමුදුරුවෝ
B.දඹර අමිල හිමි
C.අතුරලියේ රතන හිමි
D.මැදගොඩ අභයතිස්ස හිමි
E.ඇල්ලේ ගුණවංශ හිමි
01.A,B,C,D,E
02.C,D,E,A,B
03.B,C,A,E,D
04.B,C,A,D,E
05.C,D,A,E,B
සංකීර්ණ ප්රශ්නයකි. මෙවැනි ප්‍රශ්න වලට කාලය මිඩංගු කරනවාට වඩා මගහැර යාම නුවණට හුරුය. කාලය ඉතිරිවුවහොත් විසඳීමට උත්සහ කරන්න.
ඉවත් කිරීමේ න්‍යාය මෙහිදී භාවිතා කිරීම ගැටලුව විසඳීම පහසු කරයි. රාජපක්ෂ විරෝධී නිසා "දඹර අමිල හිමි" දේවදත්ත නිකායේය. ඒ නිසා අඩුම දේශමාමකත්වයක් තිබෙන්නේ B ටය. පිළිතුර 03 හෝ 04 ය. මහින්ද රාජපක්ෂව බුදුන්වහන්සේට උපමා කොට ඇති හෙයින් වැඩිම දේශමාමකත්වයක් "මැදගොඩ අභයතිස්ස හිමිට" ඇත. එනම් D ය. පිළිතුර 03. මෙලෙස උපක්රමශීලීව උත්තර ගැනීමට දරුවන් පුහුණු විය යුතුය.
ප්රශ්නය ගැඹුරින් මෙසේ විශ්ලේෂණය කළ හැක. කලක් රාජපක්ෂලාට විරුද්ධව ක්‍රියා කිරීම නිසා රතන හිමි ගේ දේශමාමකත්වයද අඩු අගයක් ගනී. කිසිදු දේශපාලන මතයක් නොදරා සිට මෑතකදී ගෝඨාභයට චන්දය දෙන්නැයි දේශනාවක් අතරතුර කී නිසා කොටුවේ හාමුදුරුවන්ගේ එම අගය තරමක් වැඩි අගයකි. ඇල්ලේ ගුණවංශ හිමි කවදත් රාජපක්ෂ හිතවාදී නිසා ඒ හිමි සතුව මුල් දෙදෙනාට වඩා වැඩි දේශමාමක අගයකි.
© සිසිල බාලසූරිය
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න)

රෝසාගේ විවරණයක් වගේ තමයි මේක.ඒකයි බම්ප් කරේ.