රාජපක්ෂගේ කෑම බිල UGCයට එවලා
නිලන්ත මදුරාවල - පසුගිය ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ නියෝජිත හමුවේ රාත්‍රී ආහාරය සඳහා පමණක් රුපියල් දාහත්ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිදුවී තිබේ.
එම කොමිෂන් සභාවේ සංවිධායකත්වයෙන් පසුගිය දෙසැම්බර් මස පළමු වැනිදා පැවැති එම හමුව සඳහා පෞද්ගලික ආයතන තුනක් විසින එකක් රුපියල් 250/} බැගින් වන දිවා ආහාර පැකට් 6200 ක් සපයනු ලැබ තිබිණි. පැකට් 2200 ක්, 1500 ක් හා 2500 ක් වශයෙන් මෙම ආයතන රාත්‍රී ආහාර සපයා තිබූ අතර ඉන් ආයතන දෙකක් සිය බිල්පත් සඳහා සියයට 12 ක වැට් බද්දද එකතු කර ඇත.
පැකට් 2200 ක් සඳහා රුපියල් පන්ලක්ෂ පනස්දහසක්ද පැකට් 1500 ක් සඳහා රුපියල් හාරලක්ෂ විසිඅට දහස් හාරසියයක්ද පැකට් 2500 ක් සඳහා රුපියල් හත්ලක්ෂ දාහතර දහසක්ද වශයෙන් රුපියල් දහසය ලක්ෂ අනූදෙදහස් හාරසියයක වවුචර් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුසිල් ජයන්ත නවරත්න මහතාට ජනාධිපති කාර්යාලයෙන් ලැබීමෙන් පසු එම මුදල් ගෙවීමට පියවර ගන්නා ලෙස දෙසැම්බර් මස 3 වැනිදා ලේකම්වරයා කොමිෂන් සභාවේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට දැනුම් දී ඇත.
මේ දක්වා එම මුදල් අදාළ ආයතනවලට ගෙවීමට කොමිෂන් සභාව කටයුතු නොකිරීම නිසා එම ආයතන බලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
- http://www.divaina.com/2015/02/20/news10.html