රාජපස්සට අවු10න් කොරන්න බැරි දේ අපි දින 10න් ක

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
රාජපස්සට අවු10න් කොරන්න බැරි දේ අපි දින 10න් ක

රාජපක්ෂ ආණ්ඩුවට අවුරුදු 10ක් තුළ තුනෙන් දෙකක බලයක් සහිතව කරන්නට බැරි වූ දේවල් අප මේ දින 88 තුළ ඉටුකර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේ ද කීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් විගස අප දින සියයේ කඩිනම් වැඩපිළිවෙළට මුලපිරුවා. අපට කටයුතු ආරම්භ කරන්නට වුණේ ප්‍රජාතන්ත්‍රවාදය විකෘතියට ලක් කෙරුණු සමාජයකයි දේශපාලනීකරණයට සම්පූර්ණයෙන්ම යටකොට තලාපෙලා පාගා දැමුණු රාජ්‍ය නිලධාරී පන්තියක් සමගයි. මර්දනයට හා පීඩනයට ලක් කෙරුණු සමාජයක් සමගයි.
නමුත් අප ඒ අභියෝගය බාර ගත්තා. ඒ අභියෝගයට මුහුණ දුන්නා. දැන් මෛත්‍රී පාලනය යටතේ දින 88ක් ගෙවී ගොසින්. ඒ දින 88 තුළ කෙරුණු වැඩකටයුතු ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්.
දින 100 වැඩසටහන යටතේ ජනතා සහන ගණනාවක් දෙන බව අප පැවැසුවා. ඒ අනුව රජයේ සේවක වැටුප් වැඩිකළා. විශ්‍රාමිකයන්ට රුපියල් 3500ක අතුරු දීමනාවක් දුන්නා. ඉන්ධන මිල අඩු කළා. සමෘද්ධි සහනාධාරය වැඩි කළා. ගැබිණි මව්වරුන් වෙනුවෙන් රුපියල් 20,000ක් වටිනා ‍පෝෂණ මල්ලක් ලබා දීම ආරම්භ කළා. බඩු මිල අඩු කළා. ගෑස් මිල අඩු කළා. වී අස්වැන්න සඳහා හොඳ මිලක් අප දී තිබෙනවා. වී අලෙවි මණ්ඩලය රට පුරා වී මිලදී ගන්නවා. තේ සහ රබර් ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් දුන්නා. කිරි ලීටරයක සහතික මිල වැඩිකළා. බාල ‍පොහොර ආනයනය නවතා දැම්මා. නොමිලයේ වයිෆයි පහසුකම් දෙන කලාප ඇති කළා.
ලැයිස්තුව තව දිගයි රීලෝඩ් බදු අඩු කළා. ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා වැඩි ‍පොලියක් දුන්නා. රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකට උකස් කර ඇති රන් භාණ්ඩ සඳහා ගෙවිය යුතු අධික ‍පොලිය මේ මාසයේ සිට කපා හැරීමට කටයුතු යොදා තිබෙනවා. මහ‍පොළ සහනාධාරය ජුනි මාසයේ සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට අප තීරණය කර තිබුණා. නමුත් එය මැයි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයට ජනතා සහන ගණනාවක් අප ලබා දුන්නා. ඉදිරියටත් ලබා දෙනවා.
ගොවීන්, කම්කරුවන්, ධීවරයින්, රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් ආදී සෑම ක්‍ෂේත්‍රයකම නියුතු පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ඔවුන්ට හිමි නිසි තැන ලබා දීමටත් අප පියවර ගෙන තිබෙනවා.
පුද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම පිළිබඳව අප වැටුප් මණ්ඩල සමග සාකච්ඡා කළා. ඒ අනුව ළඟදීම පුද්ගලික අංශයේද වැටුප් වැඩි කෙරෙනවා. වැටුප් මණ්ඩල යටතට නොගැනෙන පුද්ගලික අංශයේ සේවක සේවිකා වැටුප් වැඩි කිරීම පිළිබඳවද අප කටයුතු කරගෙන යනවා.
මේ කිසිවක් අප ලබාදුන්නේ බදු බර වැඩි කරන්නේ නැතිවයි. මීට කලින් රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට කිසියම්ම හෝ සහනයක් ලබාදුන්නා නම් එසේ කළේ බදු පිට බදු ජනතාව මත පටවමිනුයි. නමුත් අප ඒ ක්‍රමය වෙනස් කළා.
මෙහි ප්‍රතිඵලය කුමක්ද ජනතාවගේ අතේ වැඩි වැඩියෙන් මුදල් ගැවසීමයි. ජීවන මිල පහත වැටීමයි. මෑත ඉතිහාසයේ දිගින් දිගටම සිදුවුණේ දිනෙන් දින ජීවන මිල ඉහළ නැංවීමයි. නමුත් දැන් පළමු වතාවට ජීවන මිල දර්ශකය පහත වැටෙමින් පවතිනවා. මෙය මෛත්‍රී පාලනයේ සුවිශේෂී ජයග්‍රහණයක්.
අප බලයට පත්වෙද්දී මුළු මහත් සමාජයම දූෂණය වී කුණු වී තිබුණා. මේ නිසා ආර්ථික සමාජයීය හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ගණනාවක අවශ්‍යතාව මතු වී තිබුණා. අප මේ දින 100 තුළ එවැනි ප්‍රතිසංස්කරණ ගණනාවකට මුල පිරුවා. මේ ගරු සභාවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඒ අතර ප්‍රධානයි. ඒ පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ සවිස්තරව ඉදිරිපත් කෙරෙන නිසා මම ඒ ගැන අදහස් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නේ නැහැ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන්ද අප පියවර ගනිමින් සිටිනවා. දින 100 වැඩසටහන මගින් පෙන්වා දුන් අයුරින් මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයෙකු ලැබෙන පරිදි මන්ත්‍රී ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳව මූලික එකඟත්වයකට ජාතික විධායක සභාව පැමිණ තිබෙනවා. ඒ එකඟත්වය අනුව තේරීම් කාරක සභාවක් මගින් කෙටුම් පත් සකස් කිරීමට අප ක්‍රියා කරනවා. මෙය කඩිනමින් කළ යුතු කාර්යයක් සේ අප සලකනවා.
ජාතික ඖෂධ නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තා. කැසිනෝ රෙගුලාසි අවලංගු කළා. 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසු ජාතික විගණන පනත, තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට අප ඉදිරිපත් කරනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. පසුගිය ආණ්ඩුව යටතේ නීතියේ දැලට හසු වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කෝඳුරුවන් විතරයි. නමුත් දැන් උකුස්සන් හසුවෙනවා. ළඟදීම ගිජුලිහිණියන්ද හසුවේවි.
දූෂණ හා වංචා පිළිබඳව සොයා බැලීම සඳහා අප අල්ලස් හා දූෂණ කොමිසම ශක්තිමත් කළා. නව අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත් කළා. මහා පරිමාණයේ දූෂණ සහ වංචා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය යාන්ත්‍රණය මෙන්ම පුහුණු නිලධාරීන්ද අපට හිඟයි. මහා පරිමාණ දූෂණ සහ වංචා සෙවීමේ පුහුණුව අපේ නිලධාරීන්ට ලබා දීම අප ආරම්භ කර තියෙනවා. ඇමෙරිකාවේ අධිකරණය, ලෝක බැංකුව, එංගලන්තයේ මහා පරිමාණ දූෂණ සෙවීමේ කාර්යාංශය සහ ඉන්දියාව සමග අප සම්බන්ධතා පවත්වාගෙන යමින් අපේ නිලධාරීන්ට මේ පුහුණුව ලබා දීමේ කටයුතු ආරම්භ කර තියෙනවා.
අප මහා පරිමාණ දූෂණ සෙවීම සඳහා වෙනමම කාර්යාංශයක් ස්ථාපිත කර තියෙනවා. තරාතිරම නොබලා අප දූෂකයන් පිළිබඳව සොයා බලනවා. ඔවුන් නීතිය ඉදිරියට පමුණුවනවා. නමුත් අප මේ සියලු කටයුතු කරන්නේ නීතියට එකඟවයි.
රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ක්‍රියාත්මක වුණේ කැකිල්‍ලේ නීතියයි. සරත් ෆොන්සේකා සහ ශිරානි බණ්ඩාරනායක ඊට උදාහරණ දෙකක් පමණයි. අප ඒ අසාධාරණය නිවැරදි කළා. අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාටත්, අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියටත් සාධාරණය ඉෂ්ට කර දී තියෙනවා. ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය අප ලබා දී තියෙනවා.
අපේ සමස්ත අධිකරණ පද්ධතිය පිළිබඳවත්, අපේ හමුදා විනය පිළිබඳවත් ජාත්‍යන්තර ප්‍රසාදය හා විශ්වාසය යළි හිමි වීමට මේ කරුණු හේතු සාධක වුණා. අපේ රටට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වුණු චෝදනා යටපත් කරන්නට අප දැන් ක්‍රියා කරමින් යනවා.
අහිමි වී ගිය ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට අප මුල පුරා තියෙනවා. යුරෝපීය සංගමයෙන් අපට පනවා තිබුණු තහංචි ඉවත් කරගැනීමේ ක්‍රියාදාමය ආරම්භ කර තියෙනවා. ජාත්‍යන්තරයෙන් හිමිවිය යුතු වරප්‍රසාද සහ සහන යළිත් අපේ මව් රටට ලබා දීමේ ක්‍රියා
පිළිවෙතකට අප අවතීර්ණ වී සිටිනවා. මානව හිමිකම් පාගා දැමූ හිතූ හිතූ සේ මිනිසුන් අතුරුදහන් කරවන, ප්‍රතිවාදීන් ඝාතනය කරන දූෂිත රටක් ලෙස හංවඩු ගැසී සිටි අප, දැන් ආසියාවේ යහපත් හා ගුණවත් රටක් ලෙස යළිත් කීර්ති නාමය දිනා ගනිමින් සිටිනවා.
යුද්ධය නිසා වැඩි වශයෙන්ම පීඩාවට පත් උතුරේ ජනතාව සම්බන්ධයෙන්ද අපේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඔවුන්ට යළි ඉඩකඩම් ලබා දීමේ වැඩසටහනට අප මුල පිරුවා. ජනාධිපතිතුමාත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියත් , මමත් තිදෙනාම ඒ සඳහා සහභාගි වුණේ එහි වැදගත්කම සලකා ගෙනයි.
ඉන්පසුව මමත් උතුරේ දින තුනක් සංචාරය කළේ ජනාධිපතිතුමන් ආරම්භ කළ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරලීමේ පියවර ගැනීම සඳහායි. මධ්‍යම රජයට අයත් විෂයයන් ගණනාවක් පිළිබඳව වැදගත් පියවර ගණනාවක් අප එහිදී ගත්තා.
කාන්තා ගෘහ මූලික පවුල් වෙනුවෙන් සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේද සහය ඇතිව අප කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඒ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය කිලිනොච්චියේ පිහිටුවීමට බලා‍පොරොත්තු වෙනවා.
කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඬලීම සඳහා කාර්ය සාධක බළකායක් අප පත්කර තියෙනවා. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහාද අප ක්‍රියා කරනවා.
මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් හමුවීමට මහනුවරට ගිය අවස්ථාවේ උන් වහන්සේලා ප්‍රකාශ කළේ මුළු මහත් සමාජය තුළම අතිමහත් වූ නිදහස් භාවයක් පැතිරී ගොස් ඇති බවයි. පසුගිය දා යාපනයට ගිය අවස්ථාවේ යාපනයේ අගරදගුරුතුමාද මේ අදහසම පළ කළා.
පාරට බැස්සාම අපි මේ නිදහස අත්විඳිනවා. ඉස්සර පාරක තොටක යද්දී බලන බලන තැන තියෙන්නේ රාජපක්ෂ පවු‍ලේ කටවුට් , දේශපාලනඥයන්ගේ මුහුණු සහිත විශාල දැන්වීම් පුවරු අද එහෙම නැහැ.
පත්තරයක් අතට ගත්තාම අපිට මේ නිදහස දැනෙනවා. ඉස්සර පත්තරයක පිටු පුරවා ඇත්තේ රාජපක්ෂලාගේ මහන්තත්වකම පෙන්වන දැන්වීම්. ජනාධිපති රාජපක්ෂගේ දැන්වීමක් නැති පත්තරයක් ඒ කාලයේ සොයා ගන්න තිබුණේම නෑ. නමුත් අද එහෙම නෑ.
රූපවාහිනිය බලද්දී රේඩියෝ අසද්දී අපට මේ නිදහස දැනෙනවා. අදහස් ප්‍රකාශ කරන්න, ආණ්ඩුව විවේචනය කරන්න නිදහස අද තියෙනවා. කැබිනට් මණ්ඩලයේම ඇමැතිවරු පවා ජනාධිපතිතුමාවත් මාවත් විවේචනය කරනවා. පතුරු ගහනවා.
අද දුරකථනවලට හොරෙන් ඇහුම්කන් දෙන්නේ නෑ. යන එන තැන් ගැන ඔත්තු බලන්නේ නෑ. ඇමැතිවරු මන්ත්‍රීවරු ගැන ෆයිල් හදන්නේ නෑ. ෆයිල් පෙන්න පෙන්නා ඇමැතිවරු සහ මන්ත්‍රීවරු රූකඩ සේ නටවන්නේ නෑ.
අද රටේ ජනතාවට නිදහසේ කතා කරන්න නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා. නිදහසේ තොරතුරු දැනගැනීමේ අයිතියක් අප ළඟදීම ස්ථාපිත කරනවා.
මා හිතන්නේ මේ දින කීපය තුළ අප ලබා ගත් විශාලතම ජයග්‍රහණයක් ලෙස මේ නිදහස හැඳින්වීම සාධාරණ බවයි. ජනතාව එදා කතා බහ කළේ බයෙන්. සැකෙන්, මේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් අද බය සැක නැතුව නිදහසේ අදහස් ප්‍රකාශ කරනවා. එදා කට අරින්න බය වුණා. ජනමාධ්‍ය සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක්. පසුගියදා ෆේස්බුක් ගිණුම් හිමියෙක් සඳහන් කර තිබුණේ රනිල් වසලයා මරා දමව් කියලයි. එහෙම කතාවක් පසුගිය රජයේ නායකයින් සම්බන්ධයෙන් කිව්වා නම් සිද්ධ වෙන දේ අපි කවුරුත් දන්නවා.
දින 100 වැඩ සැලැස්ම ඔස්සේ අප ‍පොරොන්දු වූ කාරණා බහුතරයක් මේ වන විට සපුරා තියෙනවා. ඉතිරි කරුණුත් ඉතා ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ කිරීම අපේ බලා‍පොරොත්තුවයි. එහි සඳහන් කරුණු සියයට සියයක්ම ඉටු කරගන්නට බැරි වුණත්, සියයට අනූවකට වඩා ප්‍රමාණයක් ඉටුකරන බවට ජනාධිපතිතුමාත්, මමත් අපේ ආණ්ඩුවත් සහතික වෙනවා.
2005 වසරේ දී රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වුණේ මහින්ද චින්තනය ඉදිරිපත් කරමිනුයි. එහි සඳහන් කරුණුවලින් සියයට දහයක් වත් ඉටුකර නැහැ. 2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් ‍පොරොන්දු වූ කරුණු සම්බන්ධයෙන්ද කිව හැක්කේ ඒ කතාවමයි.
රාජපක්ෂ ආණ්ඩුවට අවුරුදු 10 ක් තුළ කරන්නට බැරි වූ දේවල් අපි මේ දින 88 තුළ ඉටු කර තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහිතව ඉටු කරගන්නට බැරි දේවල් අපි මේ දින 88 තුළ ඉටු කර තිබෙනවා. එය ලාංකේය දේශපාලන ඉතිහාසයේ විශිෂ්ට වාර්තාවක්.
දින 100 ගවෛන්නට තවත් දින කීපයක් තියෙනවා. අප මේ පාර්ලිමේන්තු වාරය අවසන් කරන්නට පෙරාතුව අපේ ‍පොරොන්දු සියල්ලම පාහේ ඉටු කරනවා. අපේ රට යළි යහපත්,
ගුණවත් හා ශීලාචාර රටක් බවට පත් කරන්නට පදනම අප සකස් කර තිබෙනවා. ඒ පදනම මත අපි අපේ මාතෘ භුමිය යළි ගොඩනංවනවා. කීර්තිමත් හා දීප්තිමත් දේශයක් බවට පත් කරවනවා. දින 100 ගෙවුණු පසු, අපේ ප්‍රගති වාර්තාව වඩාත් සවිස්තර ලෙස මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට මම බලා‍පොරොත්තු වෙනවා.


2015.04.09car.jpg


link
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම

     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    :D

    ::: තව ගොඩක් දේවල් කරයි මෙහෙම යනකොට :::

    :D