රාජ්ය සේවය ට නියම පාඩම

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මම රාජ්‍ය සේවකයෙක් නෙමෙයි. ඒත් රාජ්‍ය සේවය කියලා හැම එකටම බනින්න හොද නෑ බන්. රාජ්‍ය සේවකයොන්ගෙන් වැඩිපුරම අයිස් ගහන්නේ AG officeවල උන්. උන් නිසා හැමොටම බනින එක අසාදාරණයි. මෙයාලගේ පත්වීම් ගැන හොයලා බලපන්කෝ. ගොඩක් උන් ALවලින් මේ තනතුරට ඇවිත් තියෙන්නේ. මේවාගෙන් බහුතරයක් දේශපාලන පත්වීම්. ඉතින් මේවගේ අය ඉන්න තැනක ගුණාත්මක සේවයක් වෙයි කියලා හිතන්න බෑනේ බන්.

    මෝඩ යකෙක්නෙ දැන් ඔය කඩපුව හදන්න යන්නෙත් මිනිස්සුන්ගෙ සල්ලි
    රාජ්‍ය දේපලවලටහානි කරපු නිසා කෙලින්ම උසාවි. ඌට හැම දෙයක්ම උගේවියදමින් හදලාදෙන්න වෙනවා,
    ------ Post added on Mar 6, 2025 at 5:47 PM
     
    • Like
    Reactions: silent one

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    පොදු ජනයෙක් වැඩේ කෙරුන්නෑ කියා ප‍්‍ර.ලේ. කාර්යාලය කුඩු පට්ටම් කරයි..

    පොදු ජනයෙක් වැඩේ කෙරුන්නෑ කියා ප‍්‍ර.ලේ. කාර්යාලය කුඩු පට්ටම් කරයි..


    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පුද්ගලයකු එම ආයතනයේ බඩු භාණ්ඩවලට පහර දෙමින් විශාල විනාශයක් සිදු කරන අයුරු සමාජ ජාල වල වීඩියෝවක් හුවමාරු වෙයි.

    ඔහු එහි පැමිණි කාර්ය ඉටු නොවීම හේතුවෙන් කෝපයට පත්වී ඔහු මෙසේ විරෝධය දක්වා ඇති බව සඳහන්ය.

    එම අවස්ථාවේ එහි සිටි රජයේ නිලධාරීන් දැඩි භීතියට පත්ව කෑ කෝ ගසන අතර කලහකාරී පුද්ගලයා අල්ලා ගැනීමටද උත්සහ දරයි.

    තම පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යවලට ගිය අවස්ථාවේ ඇති වූ ගැටලුවක් මත ඔහු මෙසේ හැසිරී තිබේ.


    එම පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.