රාජ්‍ය ආයතනවලින් ජනතාවට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාද වීම වැළැක්වීමට චක්‍රලේඛයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113

    රාජ්‍ය ආයතනවලින් ජනතාවට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාද වීම වැළැක්වීමට චක්‍රලේඛයක්​

    8/31/2022 10:15:00 AM

    රාජ්‍ය ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටලු හා විමසීම්වලට අදාළ රාජ්‍ය ආයතනය ප්‍රතිචාර ලබාදීමේදී මතු වී ඇති ප්‍රමාදයන් වැළැක්වීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛයට අනුව අවසන් පිළිතුරක් ලබාදිය නොහැකි මොහොතක ලිපියක් ලැබී සතියක් ඇතුළත ලිපිය ලද බවට වන අතුරු පිළිතුරක් අදාළ පාර්ශ්ව වෙත යැවිය යුතු බව සඳහන් වේ.


    එමෙන්ම සති හතරක් තුළ අවසන් පිළිතුරක් යැවීමද අනිවාර්ය කර ඇති අතර, අදාළ පිළිතුර ලිපියේ අත්සනට පහළින් විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැස්සේ අංකය සහ විද්‍යුත් ලිපිනය සඳහන් කිර්මද අනිවාර්ය කර තිබේ.විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛය මගින් දක්වා ඇත්තේ, කාර්යාලයන් වෙත ලැබෙන විද්‍යුත් ලිපි පරික්‍ෂාව නිතිපතා සිදුවිය යුතු සේම ඒ සඳහා වන නිලධාරියෙකු පත් කළ යුතු බවයි. එමෙන්ම ලැබෙන විද්‍යුත් ලිපි සඳහා එදිනම පිළිතුරක් ලබාදීමට රාජ්‍ය නිලධාරීන් වගබලාගත යුතු බවද මෙම චක්‍රලේඛය මගින් දක්වා ඇත.

    යම්හෙයකින් අවසන් පිළිතුරු දීමට ඒ මොහොතේම නොහැකි නම් පිළිතුර දෙන දින සඳහන් කර අතුරු පිළිතුරක් යැවීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.
    මෙම චක්‍රලේඛය මගින් ලැබෙන සෑම දුරකථන ඇමතුමකටම පිළිතුරු ලබාදීම අනිවාර්ය කර ඇති අතර, වැඩි වශයෙන් දුරකථන ඇමතුම් ලැබෙන ආයතන හෝ අංශ වේ නම්, ඒ සඳහා වන නිලධාරියෙකු පත් කිරීමේ අවශතාවද තවදුරටත් පෙන්වාදී තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දින්නේ ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බව එම අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ප්‍රකාශ කළේය.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේකනම් හොද වැඩක්. ඕකුන් දැන් බය වෙලා ඉන්නේ ප්රතිවිවුහගත සිද්දියටයි මේ වෙලාවේ ජොබට කෙලවගන්න ඕනේ නැති නිසයි. ඕකුන් චක්‍රලේක වලට බයයි කියන එකනම් මම දන්නව. මේ වැඩ කරන්න බැරි අයව සුටුස් ගාල දොට්ට දාන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    චක්‍රලේඛ වැඩක් නෑ. ලේකම්ල සභාපතිලා අධ්‍යක්ෂකලා වගේ ලොකු පුටු සේරම මාරු කරන්න ඔනේ. ඔකුන් හරියට ඉන්නව නම් වැඩ කරන උනුත් වැඩ ටික ලස්සනට කරගෙන යනවා. වැඩ නොකරන උන් තමන් කැපෙයි කියන බයට වැඩ ටික කරනවා.
     
    • Like
    Reactions: NRTG