හිතන්න අපි සිල්ලර කඩයක් කරනවා නම් කඩේට ඕනේ එක සේවකයෙක් නම්, අපි 5 දෙනෙක් තියා ගත්තොත් කඩේ කරන්න වෙන්නේ නෑ. බංකොලොත් වෙනවා.
අපි බස් එකක් දුවන්න පාරට දාලා ඒකට කොන්දොස්තර ලා 4 දෙනෙක් විතර තියා ගත්තොත් බස් එක දුවන්න බෑ පාඩුයි. බංකොලොත් වෙනවා.
රටට උනෙත් ඒකම තමයි.
අපි මැෂින් 5 ක් දාලා රෙදි මහන ෆැක්ට්‍රියක් පටන් ගත්තොත් අපිට සේවකයෝ ඕනේ 7ක් 8 ක් වගේ. අපි 15 ක් තියා ගත්තොත් වැඩේ කරන්න බෑ.
ලංකාවේ රජයටත් වෙලා තියෙන්නේ ඒකම තමයි.
රාජ්‍ය කුඩා කිරීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ මේ නිසයි.
රාජ්‍ය සේවය කුඩා කිරීමෙන් තොරව රට ගොඩ ගන්න බෑ.
ශ්‍රී ලංකාවේ මිනිසුන් 16 කට එක්කෙනෙක් රාජ්‍ය සේවකයෙක්. ඒ 16 දෙනා ගෙවන බදු වලින් තමයි අර එක්කෙනාගේ වැටුප හැදෙන්නේ. ඉතිං මේක් තිරසාර වැඩ පිළිවෙලක් නෙවෙයි. පවතින්න බෑ. පවතින්න බැරි නිසා ණයට ගන්නවා, අච්චු ගහනවා. ඒකේ කෙළවරට තමයි දැන් ඇවිත් තියෙන්නේ.
අපි ඉස්සෙල්ලා මේක පිළි ගන්න ඕනේ. නැත්නම් මොනවා කතා කළත් තේරුමක් නෑ.
ඒ නිසා රස්සාවල් දෙන්නම් කිව්වම ඡන්දයට වැඩ කරන එක නතර කරන්න ඉස්සේල්ලා. ඡන්දයට වැඩ කරලා රස්සා ගත්තම සුබ පතන මිනිස්සුත් හිටියා. ඒ සංස්කෘතිය පිටින් ඉවර වෙන්න ඕනේ.
ඔබ ඡන්දයට වැඩ කරන්න. ඒ රස්සා ගන්න නෙවෙයි. වාසි ගන්න නෙවෙයි. හොඳ දේශපාලන ක්‍රමයක් හදන්න.
රාජ්‍ය සේවක බර ක්‍රමිකව අඩු කරන්න වෙනවා. ඒකෙන් මිනිසුන් පාරට දැමීමක් අදහස් කරන්නේ නෑ. ඒකට උපක්‍රම අපි සෑහෙන්න කතා කරලා තියෙනවා.
වෙනස් නොවී පවතින්න බෑ.
ඡන්දයට වැඩ කරන්න එන්න.
හැබැයි රස්සා හොයා ගෙන නෙවෙයි.
අලුත් රටක් හැදුවම ඒකෙන් ලැබෙන ප්රතිලාභ හොයා ගෙන එන්න.
අපිට පුළුවන්.
පැතුම් කර්නර්
#අලුත්සංධානේ #NewAlliance
Post Copied from Advocata