රාජ්‍ය කුඩා කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හිතන්න අපි සිල්ලර කඩයක් කරනවා නම් කඩේට ඕනේ එක සේවකයෙක් නම්, අපි 5 දෙනෙක් තියා ගත්තොත් කඩේ කරන්න වෙන්නේ නෑ. බංකොලොත් වෙනවා.

    අපි බස් එකක් දුවන්න පාරට දාලා ඒකට කොන්දොස්තර ලා 4 දෙනෙක් විතර තියා ගත්තොත් බස් එක දුවන්න බෑ පාඩුයි. බංකොලොත් වෙනවා.
    රටට උනෙත් ඒකම තමයි.

    අපි මැෂින් 5 ක් දාලා රෙදි මහන ෆැක්ට්‍රියක් පටන් ගත්තොත් අපිට සේවකයෝ ඕනේ 7ක් 8 ක් වගේ. අපි 15 ක් තියා ගත්තොත් වැඩේ කරන්න බෑ.

    ලංකාවේ රජයටත් වෙලා තියෙන්නේ ඒකම තමයි.

    රාජ්‍ය කුඩා කිරීම අත්‍යාවශ්‍ය වෙලා තියෙන්නේ මේ නිසයි.
    රාජ්‍ය සේවය කුඩා කිරීමෙන් තොරව රට ගොඩ ගන්න බෑ.

    ශ්‍රී ලංකාවේ මිනිසුන් 16 කට එක්කෙනෙක් රාජ්‍ය සේවකයෙක්. ඒ 16 දෙනා ගෙවන බදු වලින් තමයි අර එක්කෙනාගේ වැටුප හැදෙන්නේ. ඉතිං මේක් තිරසාර වැඩ පිළිවෙලක් නෙවෙයි. පවතින්න බෑ. පවතින්න බැරි නිසා ණයට ගන්නවා, අච්චු ගහනවා. ඒකේ කෙළවරට තමයි දැන් ඇවිත් තියෙන්නේ.

    අපි ඉස්සෙල්ලා මේක පිළි ගන්න ඕනේ. නැත්නම් මොනවා කතා කළත් තේරුමක් නෑ.

    ඒ නිසා රස්සාවල් දෙන්නම් කිව්වම ඡන්දයට වැඩ කරන එක නතර කරන්න ඉස්සේල්ලා. ඡන්දයට වැඩ කරලා රස්සා ගත්තම සුබ පතන මිනිස්සුත් හිටියා. ඒ සංස්කෘතිය පිටින් ඉවර වෙන්න ඕනේ.

    ඔබ ඡන්දයට වැඩ කරන්න. ඒ රස්සා ගන්න නෙවෙයි. වාසි ගන්න නෙවෙයි. හොඳ දේශපාලන ක්‍රමයක් හදන්න.

    රාජ්‍ය සේවක බර ක්‍රමිකව අඩු කරන්න වෙනවා. ඒකෙන් මිනිසුන් පාරට දැමීමක් අදහස් කරන්නේ නෑ. ඒකට උපක්‍රම අපි සෑහෙන්න කතා කරලා තියෙනවා.

    වෙනස් නොවී පවතින්න බෑ.
    ඡන්දයට වැඩ කරන්න එන්න.
    හැබැයි රස්සා හොයා ගෙන නෙවෙයි.
    අලුත් රටක් හැදුවම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ හොයා ගෙන එන්න.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්

    #අලුත්සංධානේ #NewAlliance

    Post Copied from Advocata
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රාජ්‍ය කුඩා කරන එක කියන්නෙ රාජ්‍ය සේවකයො අයින් කරන එක විතරක් නෙමෙයි .

    අනවශ්‍ය ආයතන අයින් කරන්න ඕන .
    ධීවර සංස්තාව , කජු සංස්තාව ,රූපවාහිනී සංස්තාව ,තල් සංවර්දන මන්ඩලය ,NLDB ඔය වගේ මෙලෝ වැඩකට නැති ඒව කොච්චර තියනවද .

    හීත්‍රෝ ගුවන්තොටුපලත් පුද්ගලික ආයෝජකයන්ට දීල තියෙන්නෙ . අපි ඔක්කොම බදාගෙන ඉන්නව .
     
    • Like
    Reactions: hasithayad

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Oiya wada narakada owa hariyata management keruwoth, ayathana tikath thiyanawa profit ekakuth gannawa
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මේ අමන පාලකයෝ කවදාවත් රාජ්‍ය සේවකයෝන්ට අත තියන එකක් නෙහෙ හේතුව මේ පොන්නයින්ගේ චන්ද පදනම තියෙන්නේ ඔන්න ඕකෙන්. මේ පොන්නයින් මුළු පවුලේම චන්දෙ හුවමාරුවක් විදිහට පවුලට එකෙක්ව රාජ්‍ය සේවයට සෙට් කරන්නේ. මුන්ගේ රෙස්වීම් වලට බස්වල පටවාගෙන එන්නෙත් මුන්ව තමා. එනිසා එක පොන්නපාලකයෙක් වත් රාජ්‍ය සේවය අතිරික්තය අඩු කරන එකක් නෙහෙ...