රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ඔව්...ලංකාවට දැන් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ලංකාවේ රජය, රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න බැරි වෙන විදිහට බංකොලොත් වෙන එක....නැත්තං මේක පොඩ්ඩක් හරි හරි ගියොත් ආයේ ඉතින් කලින් විදියටම තමයි
    දැනුත් එකනෙ වෙලා තියෙන්නෙ. සල්ලි අච්චු ගැහුවා, ගෙව්වා. හරිම සිම්පල් ප්ලෑන් එකකට අපේ කට්ටිය වැඩ කරන්නෙ. අනවශ්යය සේවකයන් අයින් කරන්න හෝ, එයාලගෙන් ඵලදායි සේවයක් ගන්න පුලුවන් තැන් වලට දාලා හදලා ගන්න කට්ටියට ලොකු ඕවමනාවක් නෑ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    පිළිගන්නවා!
    මේකේ වගකීම රාජ්‍ය සේවකයෝ ගන්න ඕනි, ඇත්ත!
    ඒත් මතක තියාගන්න
    රාජ්‍ය සේවකයෝ වෙන්නෙත් රටවැසියොමනේ!
    රටවැසියෝ හොරු වෙලා ඉන්න කම් රාජ්‍ය සේවකයෝ, දේශපාලකයෝ හැමෝම වගේ හොරු තමයි!
    කොටින්ම කවුරු හරි අල්ලස් ගන්නවා නම් ඇයි ඌට අල්ලස් දෙන්නේ?
    එක්කෝ නීත්‍යනුකූලව කරගන්න තියෙන දේ පෝලිම පැනල කරගන්න!
    එහෙම නැති නම් නීති විරෝධී දෙයක් කරගන්නනෙ!

    මං ඔන්න ඔය Highlight කරපු එකට උත්තරයක් දෙන්නම්කෝ. අල්ලසකින් කරන්නෙ, සාමාන්යයෙන් කරගන්න බැරි වැඩක් හරි, කල් වෙලා ගන්න වැඩක් හරි වෙන කෙනෙක් ටිකක් මහන්ංසි වෙලා කරගන්න්න වැඩක් ලේසියෙන් කරගන්න එක නෙ. ඔක තමයි ඕකෙ සරලව වෙන්නෙ. කොටස් දෙකක් බැලූ බැල්මටම තියෙනවා නෙ. එකක් නීති විරෝධී ඒවා. අනිත් එක වැඩේ කරගන්න මොනයම් හෝ හේතු නිසා කල් යනවා වැඩී (වැඩක් කරගන්න ගියාම, අරක නෑ, අරයා නෑ, තාම ඉවර නෑ, හෙට එන්න, හෙට ආවාම අනිද්දා එන්න). කීයක් හරි ගෙව්වොතින් ඔය කියන Excuses එකක් වත් නැතුව හෝ, ඉතා අඩුවෙන් වැඩේ කරගන්න පුලුවන් නිසා තමයි මිනිස්සු පගාව දෙන්නෙ. අනික ඔය කරන වැඩේ, ලෝකෙ තියෙන ලොකුම වැඩෙ කියලා ඔය ආයතනවල ඉන්න සේවකයන් හිතාගෙන හිටියට, සේවය ලබන සාමාන්යය ජනතාවට ඒක තවත් එක සේවාවක් පමනයි. හුගක් වෙලාවට ඔය වැඩේට වෙලාව ගොඩක් වැය කරන එක තේරුමක් නැති නිසා සහ, කිසිම හේතුවක් නැතුව වැඩ පරක්කු වෙන නිසා මිනිස්සු පෙළබෙනවා පගාව දීලා හරි වැඩේ කරගන්න. ඉතිම් සේවකයෝ, සේවාලාභියාව එතනට එක්කන් යන්න තමයි හුගක් වෙලාවට බලං ඉන්නෙ.




    පලි : හැම රාජ්යය සේවකයෙක්ම මෙහෙම නෑ.සෑහෙන්න කඩිසරව, පිලිවලට තමන්ගේ වැඩේ කරලා දෙන පිරිසකුත් ඉන්නවා.