රාජ්‍ය සේවය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ නිතරම බැණුම් අහන තැනක්..ඇයි බැණුම් අහන්නේ?

    උඹලාගේ අත්දැකීම්,දැනුම අනුව මේවාට උත්තර දියල්ලකෝ


    ලංකාවේ රාජ්‍ය ආයතන වලින්...

    1.කාලකණ්ණි වැඩි පුරම ඉන්නේ?කාලකණ්ණි කිව්වේ..තමන්ට වැඩකුත් නෑ..අනුන්ට වැඩකුත් නෑ..කාලේ කකා පඩි ගන්න හැත්ත.

    2.වැඩිපුරම අයිස් ගහන උන් ඉන්නේ?

    3.වැඩක් කරගන්න එන මිනිස්සු රස්තියාදු කරවලා වෛරයක් පිරිමහගන්න වගේ වැඩ කරන උන් වැඩිපුරම ඉන්නේ?

    4.වැඩිපුරම අල්ලස් ගන්න උන් ඉන්නේ?

    5.දූෂණ වංචා වැඩිපුරම වෙන්නේ?

    6.අවුරුද්දේ වැඩිහරියක් වර්ජන,උද්ඝෝෂණ කරන්නේ?

    7.කිසිම සේවයක් නැතුව නමට විතරක් තියෙන ඒවා?

    8.ඕනවටත් වඩා සේවකයෝ බදවාගෙන ,නිකන් පඩි කන්නේ?

    9.වැඩිපුරම දේශපාලන පත්වීම් කරන තැන්/තැන

    මට මතක් වුන ඒවා ටික ඔන්න දැම්මා.. මග ඇරුන ඒවා තියෙනවා නම් දාමු.උත්තරයක් තියෙනවා නම් ඒකත් අංකයත් එක්ක දාගෙන යමු .

    මගේ අත්දැකීම්වලින් එකකට උත්තරයක් දෙන්නම්..දේශපාලන පත්වීම් වලින් ඕනවට වඩා සේවකයෝ අරන් නිකන් පඩි ගෙන තැන් තමයි,ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් සභා...

    වර්ජන ගත්තොත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ රෝහල් ටික ඉස්සරහින්ම ඉන්නවා.උද්ඝෝෂණ ගත්තොත් කොවිඩ් එන්න කලින් නම් විශ්වවිද්‍යාල ටික පෙරමුණේ හිටියා.

    මිනිස්සු රජයෙ රැකියාම හොයන්න අයිස් ගහන්න පුලුවන් හින්දා කියලා එකෙක් කියලා තිබ්බා.ගොංජා තමයි කිව්වේ.මූ එක්ක මොන අවුල් තිබ්බත් ඒ කතාව නම් ඇත්ත.


     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ranjan.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,599
    113
    පොඩි කාලේ අපි ඉස්කෝලේ අළුත් පංතියකට ගියාම, පංතිභාර මිස්/ස' මොන වගේ කෙනෙක්ද කියලා හරියටම දැනගන්නකම් අපි පිස්සු කෙලින්නෙ නැතුව සාමාන්‍ය විදිහට තාවකාලිකව ඉන්න බලනවා. ඉන්ටවල් එකෙන් විනාඩි 5ක් අරන් සබ්ජෙක්ට් එක කවර් කරන්න තරම් කැහිල්ලක් තියෙන කෙනෙක්ද, පීරියඩ් එක ඉවර වෙනකම් විකාර කියවන වැඩ බැරි කයිවාරු කරයෙක්ද කියලා අපි මුල් සතිය දෙක ඇතුලත දැන ගන්නවා. ඊට පස්සේ ඒකට අනුකූලව තමයි අපි ඉතුරු අවුරුද්දම වැඩ කරන්නෙ.

    ඇමතිලත් එහෙමයි මුල් ටික කාලේ බලනවා ජනාදිපති දිහා. ඌ වැඩ බැරි කයිවාරු පොන්නයෙක් කියලා දැනගත්තු ගමන්ම ඇමතිලා පිස්සු කෙලින්න ගන්නවා.

    නිළදාරීත් එහෙමම තමයි. මුලින්ම බලන්නෙ ජනාදිපති දිහා. ඌ වැඩ බැරි කයිවාරු කාරයෙක් නම්, නිළදාරියො ඒ ආණ්ඩුවෙ ස්වභාවය 90%ක්ම දැනගන්නවා. ඉතිරි 10%න් දශම ගානක් ඇමතිට යනවා. ඉතුරු ටික අගමැතිට යනවා.

    වැඩ බැරි කයිවාරු ජනාදිපති අගමැති යටතේ හොඳ ඇමතිවරු පත්වෙන එක ගොඩක් විරලයි. එහෙම හොඳ එකෙක් පත් උනත් ඒ ඇමතිට නිලදාරියො කන්ට්‍රොල් කරගන්න ලේසි නෑ. නිළදාරින්ව හදලා ගන්න තාමත් ඇමතිට දශම ගානක චාන්ස් එකක් තියෙනවා. හැබැයි එහෙම ඇමති කෙනෙකුට ජානාදිපති ඇගමැති ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට වැඩ කරන්න වෙනවා. එහෙම ඇමති කෙනෙකුට ඇමති මණ්ඩලේ ඉඩක් නෑ.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    උදා - RMV එක. එතනට ගිහින් හරි ක්‍රමේට වැඩක් කර ගන්නවට වඩා ඉන්න එකෙක්ට 500 දීල වැඩක් කරගන්න එක ලාබයි. හේතුව රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි. රින්ගල යන උන් සල්ලි වලට වැඩේ සෙනිකව කරල දෙනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම දැක්ක දේවල් අනුව කියන්නේ.
    1.කාලකණ්ණි වැඩි පුරම ඉන්නේ?කාලකණ්ණි කිව්වේ..තමන්ට වැඩකුත් නෑ..අනුන්ට වැඩකුත් නෑ..කාලේ කකා පඩි ගන්න හැත්ත.

    2.වැඩිපුරම අයිස් ගහන උන් ඉන්නේ?
    ලේකම් කාර්යාල අස්සෙ ඉන්නවා
    3.වැඩක් කරගන්න එන මිනිස්සු රස්තියාදු කරවලා වෛරයක් පිරිමහගන්න වගේ වැඩ කරන උන් වැඩිපුරම ඉන්නේ?
    RMV
    4.වැඩිපුරම අල්ලස් ගන්න උන් ඉන්නේ?
    හෙ හෙ හේ……. මේක කියලා දෙක ලාච්චුවට දාලා වහයි :lol:
    5.දූෂණ වංචා වැඩිපුරම වෙන්නේ?
    ලාච්චු කේස් එකක්. ඊට අමතරව ගොඩක් තැන් වල වෙනවා.
    6.අවුරුද්දේ වැඩිහරියක් වර්ජන,උද්ඝෝෂණ කරන්නේ?
    රෝහල්
    7.කිසිම සේවයක් නැතුව නමට විතරක් තියෙන ඒවා?
    8.ඕනවටත් වඩා සේවකයෝ බදවාගෙන ,නිකන් පඩි කන්නේ?
    පාසල්. පාසල් කියන්නේ ගුරුවරු නෙවෙයි. එවට බදවගත්ත ස්වකයින් මම දැකලා තියනවා දෙන්නෙක් විතර ගන්න ඔනේ තැන් වලට 6ක් විතර දාලා ඔහෙ නිකන් ඉන්නේ.
    9.වැඩිපුරම දේශපාලන පත්වීම් කරන තැන්/තැන
    ගොඩක් තැන් වල දේශපාලන පත්වීම් තමයි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හේතු කීපයක්ම තියේ...

    01. රාජ්‍ය සේවයට බඳවාගන්නා ක්‍රමයේ වැරැද්ද (කිසිම විභාගයක් නොතිය ලබා දෙන පත්වීම්. උදා - උපාධිදාරීන්)

    02. උසස්වීම් පටිපාටිය මෙලෝරහක් නැති වීම. (පුකේ මයිලත් චෙක් කරල පඩි වැඩි වෙන්නේ රු 200කින් විතර)

    03. ස්ථානමාරු ක්‍රමය සහ පත්වීම ලබා දීමේදිම දෙන ඕනෑම මගුලක වැඩ කිරීමට කැමැත්ත ගැනීම (රටේ දෙකොනෙන් පත්වීම් දීල අනිත් කොනට රාජකාරී දාල ඒ මිනිහගෙ පවුල අනාත කරන එකයි වෙන්නෙ. එහෙම මිනිහෙක් කිසිම උනන්දුවකින් වැඩ කරන්නෙ නෑ. ඉන්නෙම මානසික ආතතියෙන්)

    04. ගොබ්බ වෘර්තිය සමිති (මුන් යන්නෙම දේසපාලන පක්ස වලට ඕනෙ ඇජෙන්ඩා වලට)

    05. මේ රටේ මිනිස්සු වීම ( මූලිකම හේතුව තමා මේක. මොකද මේ රටේ මිනිස්සුම තමයි රජයේ සේවකයෝ කියන්නේ. ඉතින් කුහකකම කම්මැලිකම ඉරිසියාව කිසිම උනන්දුවක් නැතිකම මෝඩ ආඩම්බරකම සේරම තියෙනව.)

    06. රජයේ සේවකයෝ ගැන සාමාන්‍ය මිනිස්සුන්ගෙ ආකල්ප. ( සාමාන්‍ය මිනිස්සු හිතන්නෙම රජයේ සේවකයෝ උන පලියට උන්ට දණ ගහගෙන කකුල් ලෙවකාගෙන ඉන්න ඕනෙ කියල. එහෙම එකක් නෑ. වැටුපට අනුව සේවය ලබා දෙනවනං ඒ කෙනා කාගෙවත් වහලෙක් වෙන්නෙ නෑ. ගොඩක් රජයේ සේවකයෝ දැන් හිතන්නෙ "මුන්ට කරලා මොකටද? කවදාවත් හොදක් කියන උන්යැ" කියන මතය. )

    අන්තිමටම කියන්න තියෙන්නෙ තාමත් ලංකාවෙ බහුතර අත්‍යවශ්‍ය සේවා රජය විසින් කරන් යන්නෙ. රජයේ සේවකයෝ තමයි ඒ විදිහට ගත්තම රට ඇඳගෙන යන්නෙ. හැබැයි රට දියුණු කරන්න පුලුවන් පුද්ගලික අංශයේ නිශ්පාදන හා ආයෝජන වලින් විතරමයි. පුලුවන්තරම් තමුන්ගෙ කියල පොඩි හරි ව්‍යාපාරයක් දියුණු කරගත්තොත් අපිත් ගොඩ රටත් ගොඩ. කොළ පුරව පුරව පැය 08 රස්සා කරලනං මේ කපේට දියුණු වීමක් නෑ!
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    rajya sewaya gana thopita nombare 1 irisiyawak tiyenne bn.okai aththa.thopi upadi kada wala lagala rajya sewayata ganne na kiyala duken inne :ROFLMAO: