රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රාජ්_සෝමදේවගේ_කැනීම්_බලපත්‍ර_අහෝසි_කරේ

    43207549_2023460864367023_1983883593461530624_n.jpg

    මහචාර්ය රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍ර අහෝසි කරේ ඇයි..?

    ඉතිහාසය යනු මහාවංසයම යැයි ඉගැන්වූ යුගයක් තිබිනි.. බුදුදහම මිහිඳු හිමියන් විසින් ගෙන ආ බවත්, විජය එද්දී ලංකාවේ සිටියේ යකුන් බවත් කියවිනි.. දඩයක්කාරයා වඳව ගිය බවත් ඉන්දියාව හරහා පැමිණි ආර්ය ජනතාව ලංකාවේ පැතිරගිය බවත් කටපාඩමින් උගන්වනු ලැබිනි..

    කෙටියෙන් කිවහොත් ලංකාවේ ඉතිහාසය ආගමික පොතපත තුලිනුත් පුරාවිද්‍යාව එක්නැලිගොඩ වලව්ව තුලිනුත් කියවාගැනීම එකම මාර්ගය විය..

    සෝමදේව චරිතය වැදගත් වන්නේ මෙතැනදීය.. හල්දුම්මුල්ලේ ගල මිනිස් නිර්මානයක් බව පෙන්වාදෙද්දී එක්නැලිගොඩ වලව්වේ පුරාවිද්‍යා ගුරුකුලය තිගැස්සෙන්නට විය.. රංචාමඩමේදී සොයාගත් දේ අතර රූපලාවන්‍ය සඳහා යොදාගත් දේ තිබූ බවත් බලංගොඩ මිනිසාගේ බිරිඳ ෆවුන්ඩේෂන් එකකින් ඇරඹි අංගසම්පූර්ණ මේක්අප් එකක් දාගෙන සිටි පොෂ් කෙනෙක් බව කී විට සොළොස් කුලයක් පැමිණ ශිල්ප දැක්වූ කතාව නිෂේධ විය.. පනානෙන් domesticated grains ⁣සහ ගල්මත සටහන්කල තරු සිතියම් සොයාගන්නාවිට කලවැද්දා හමගසන බලංගොඩ මානවයාගේ දැරණියගල ඇන්ද චිත්‍රය යටපත්ව දියුණු මානවයෙකුගේ චිත්‍රය මතුවන්නට විය.. කිරිමකුළුගොල්ලේදී අත්සනක්ද සහිතව "අනන්ත විශ්වයෙන් එන ශ්‍රමණයිනට" පූජාකල බව සඳහන් සෙල්ලිපි පිටපත් වද්දී බෙල්ගේ ඉතිහාසය, පරණවිතානගේ කාලනිර්ණයන් සහ මහාවංසයේ ඒකපාර්ශ්වික ලියවිලි වෙනුවට විකල්ප සෙවියයුතු බවට මතවාද මතුවිය.

    වෙනත් බොහෝ මහාචාර්යවරැන්ට වඩා සෝමදේවයන් වෙනස්වන තැනක් ඇත. දැණුම තිබිය යුත්තේ පොත් තුල නොව ජනතාවගේ මොල තුල බවත් ඒ සඳහා තේරෙන සිංහලයට විද්‍යා සන්නිවේදනය පෙරලිය යුතුබව සෝමදේවයන්ගේ විශ්වාසය විය.. තමා සොයාගත් දේ එම ස්ථානය ආසන්නයේ ගැමියන්ට පෙන්වමින් දෙසුම් පැවැත්වූ ඔහු පුරාවිද්‍යාවට ගැමි උරුමකරුවන් පිරිසක් ඇතිකරන්නට මූලික විය.. ඔහු කැණීම් සඳහා පැමිණීම ගැමියන් සැලකුවේ ආඩම්බරයක් ලෙසයි.. උපකරණ කරගසාගෙන යන්නට, උයා පිහා දෙන්නට ඉහල තැන් වලට නගින ඉනිමං තනා දෙන්නට ගැමියන් කැප වූයේ තම ජීවිකාවද අමතක කරමිනි.. ගුරුවරුන්ට තම කැණීම් භූමියටම එන්නට කියා දූවිලි වැකුණු මුහුණෙන් යුතුවම දැනුම බෙදන්නට සෝමදේවයන් කටයුතු කලේය..

    කෙටියෙන් කිවහොත් "එක්නැලිගොඩ ආධිපත්‍යයට යටවූ" පුරාවිද්‍යාව වෙනස්වෙමින් එක්නැලිගොඩලාගේ ජන්මභූමියේදීම ජනතාව අතරට දේශීයත්වය සමග බැඳෙමින් ගමන්කරන්නට පටන්ගනිමින් තිබිණි.. කූරගල පැත්තෙන් දියවින්න බෑවුමට වන්නට දඩයක්කාරයා ගොවියෙකු බවට පත්ව චන්දනගාමය සකසා මිහිඳු හිමියන් නොවන මගකින් පැමිණි බුදුදහමේ යම්යම් අනුගතවීම් දක්වා පැමිණීම චිත්‍රපටයක ජවනිකා මෙන් මතුවෙමින් තිබිණි..

    ඕනෑම පර්යේෂකයෙක් තම පර්යේෂණ එලිදක්වන ක්‍රමවේදයක් ඇත.. එය සම්පූර්ණ වශයෙන්ම Academiaව විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් මිස පරිපාලන ක්‍රමවේදයක් නොවේ.. ජර්නලයන්හි පල කිරීම හෝ තමන් විසින් නිකුත් කරන ප්‍රකාශණයන්හි පල කිරීම මගින් ජනගත කිරීම පිළිගත් ක්‍රමය බව The Sri Lankan Scientist හි Dilip Kumar Fernando හෝ Sumith B Sisira Kumara පැහැදිලි කරනු ඇත.

    කරන ලද පර්යේශණ පිළිබඳ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම කර නැති බව දන්වමින් මේවනවිට සෝමදේව මහාචාර්යතුමාගේ කැණීම් අවසරය අත්හිටුවා ඇතිබව ප්‍රසිද්ධවී හමාරය.. පුරාවිද්‍යා පනතේ හෝ වෙනත් නීතිමය ලියවිල්ලක එවැනි අවශ්‍යතාවයක් ඇති බවක් මෙතෙක් කියවී තිබුනේ නැත.. සෝමදේවයන් විසින් පලකල පර්යේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගෙන්වාගන්නට අපහසුවක් තිබිය නොහැකිය.. ඕනෑම අයෙකුට පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ලේඛණ පරිශීලනය කරන්නට බාදාවක්ද නැත.. එසේ තිබියදී පරිපාලනමය කාර්යයක් මත විද්‍යාඥයෙකුගේ පර්යේෂණ සීමා කිරීම සාදාරණ නොවන බව මගේ හැඟීමයි..

    සොමදේව යනු උගත් දේ ⁣නිර්ලෝභීව බෙදාගන්නා වර්ගයේ උගතෙකි..ඔහු වලවේ නිම්නයේ සැඟවුනු ඉතිහාසය සොයා මතු කරන්නේ මෙතෙක් නොලියවුනු වීර කාව්‍යයකි.. එය අසන්නට අපට අයිතියක් තිබේ..

    කූඩැල්ලන් ගහන කැලෑවල, ලී මැසිවල, අඩි සියගනන් ගල්කුළුවල පතුල නොපෙනෙන වලවල් වල බසිමින් ගවේෂණය කරන්නෙක් බැවින් කැණීම් අවසරය නොමැතිව කල හැක්කේ කුමක්ද??

    නැවත වතාවක් වනගහනය තුල මහ පොළොව යට සැඟවුනු බලංගොඩ මිනිසාගේ යටගියාව මතුකරනු උනන්දුවෙන් නරඹන්නට මා ඇතුළු බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවසිහිපත් කරමි..

    කරුණාකර අත්හිටවූ අවසරය යලි දෙන්න.. ⁣.

    උපුටා ගැනීම :- Champika Nirosh ගෙනි.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?

    පුලුවන්නම් youtube එකෙ රාජ් සෝමදේව සර්ගේ video තියෙනවා
    ඒව බලන්න.උබ අහල තියෙන එකට උත්තර තියෙනවා
    උඩ තියෙන image එකෙත් උබ අහල තියෙන එකට උත්තර තියෙනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේවා ඇත්තටම හොයන්නේ ඉතිහාසය හොයන්න ඕනා නිසාද නැත්තම් ලංකාවේ අයිතිකාරයා සිංහලද දෙමළද කියලා හොයන්න ඕනා නිසාද? ඇත්තටම මේවා වැදගත්ද බන් ඔය කියන තරම්. ඉස්සෙල්ලාම ආවේ දෙමල එකාද සිංහල එකාද කියලා ඇත්තටම දැන් වැඩක් තියනවද?

    මුලින්ම හිටියෙ බලංගොඩ මානවය එහෙම සෙට් එක උන්ට ආගමක් තිබුනෙ නැ බන්.. ඌ ආතල් එකේ සතෙක් මරාගෙන හිටිය..
    උන් ගැන හොයන එකේ කිසිම වැරැද්දක් නැ..

    ඔය ඉතින් කිසිම ඉතිහාසයක් නැති ඇමරිකන් කාරයොන්ට නම් අනික් රටවල ඉතිහාසෙ ගැන කැනීම් කරන ඒව පේන්න බෑ.. :yes:
     
    • Like
    Reactions: mano3989

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මුලින්ම හිටියෙ බලංගොඩ මානවය එහෙම සෙට් එක උන්ට ආගමක් තිබුනෙ නැ බන්.. ඌ ආතල් එකේ සතෙක් මරාගෙන හිටිය..
    උන් ගැන හොයන එකේ කිසිම වැරැද්දක් නැ..

    ඔය ඉතින් කිසිම ඉතිහාසයක් නැති ඇමරිකන් කාරයොන්ට නම් අනික් රටවල ඉතිහාසෙ ගැන කැනීම් කරන ඒව පේන්න බෑ.. :yes:
    ත්‍ර්ඩ් එකට අදාළ නැහැ. එත් පොඩියට කතා කරමු මාතෘකාව ඇදිලා ආව නිසා. ඇත්තම බන් ඔය ඉතිහාසයක් නැති අමෙරිකන්කාරයෝන්ගේ වර්තමාන කෙරුවාව 2500ක ඉතිහාසයක් තියන ලංකාව වගේ රටකට බලපාලා තියන විදිය බලපුවහම හිතෙන්නේ නැද්ද අවුලක් තියනවා කියලා. අපි ඔලුවෙන් හිටන් කෑගැහුවත් අද ලංකාවේ තියන ආර්ථික අර්බුදය වෙන මොකවත්ම නෙමෙයිනේ.. ඔය ඉතිහාසයක් නැති උන්ගේ ඉකනොමි එක පට්ටා ස්ටෙඩි වෙන එකනේ.. ඉතින් ඇත්තටම ඉතිහාසය දැන් කන්නද කියලා අහපු උනුත් මේ රටේ හිටපු එකේ. ඇත්තටම ඕක වැඩක් තියෙන වැඩක්ද? ඊට නරකද තව අවුරුදු 50ක් 60ක් යනකොටවත් ගොඩයාගන්න විදියක් ගැන මේ උගතුන් එක්ක සාකච්චා කලොත්/.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    රාජ්_සෝමදේවගේ_කැනීම්_බලප... 10-08-2018 09:32 AM රාජ්ගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලපන්

    අනුකම්පා කරනවා හැර කුමක් කරන්නද
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    reputation_neg.gif
    රාජ්_සෝමදේවගේ_කැනීම්_බලප... 10-08-2018 09:32 AM රාජ්ගේ පුකේ ඇගිල්ල ගහලා සුවද බලපන්

    අනුකම්පා කරනවා හැර කුමක් කරන්නද
    ඕකම "අමෙරිකන්කාරයන්ගේ" කියලා දාලා මගේ රෙප් කපලා. :baffled::baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඕකම "අමෙරිකන්කාරයන්ගේ" කියලා දාලා මගේ රෙප් කපලා. :baffled::baffled:

    පූර්ව ළමා විය වර්ධනය නොවු එකෙක්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සක්විති රාවණා ගේ සහ මේරට උපන් ගෞතම බුදුන්ගේ සත්ය ඉතිහාසය හෙලි වී සමාජයේ ඇතිවන ප්‍රබෝධය හරහා මුලු ලෝකයම සින්හලුන් අල්ලනු ඇතැයි බියෙන් සහ කොටි දෙමළුන්
    එoගලන්ත ස්කොට්ලන්ඩ්යාඩ්, ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් සහ ඇමරිකානු CIA සේවයෙන් එරට රජයන්ට ලැබුණු තොරතුරු මත තනාපතිවරු හරහා මෙරට වහල් රජයට කල අණ දීම් මත,කලු සුද්දන්ගෙන් පිරිපුන් ලoකා රජය විසින් රාජ් සෝමදේවමහතාගේ කැනීම් බලපත්‍රය අහෝසි කරන ලදී...- තිත්ත ඇත්ත මෙයයි .:yes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍ර්ඩ් එකට අදාළ නැහැ. එත් පොඩියට කතා කරමු මාතෘකාව ඇදිලා ආව නිසා. ඇත්තම බන් ඔය ඉතිහාසයක් නැති අමෙරිකන්කාරයෝන්ගේ වර්තමාන කෙරුවාව 2500ක ඉතිහාසයක් තියන ලංකාව වගේ රටකට බලපාලා තියන විදිය බලපුවහම හිතෙන්නේ නැද්ද අවුලක් තියනවා කියලා. අපි ඔලුවෙන් හිටන් කෑගැහුවත් අද ලංකාවේ තියන ආර්ථික අර්බුදය වෙන මොකවත්ම නෙමෙයිනේ.. ඔය ඉතිහාසයක් නැති උන්ගේ ඉකනොමි එක පට්ටා ස්ටෙඩි වෙන එකනේ.. ඉතින් ඇත්තටම ඉතිහාසය දැන් කන්නද කියලා අහපු උනුත් මේ රටේ හිටපු එකේ. ඇත්තටම ඕක වැඩක් තියෙන වැඩක්ද? ඊට නරකද තව අවුරුදු 50ක් 60ක් යනකොටවත් ගොඩයාගන්න විදියක් ගැන මේ උගතුන් එක්ක සාකච්චා කලොත්/.

    :angry:ඇමරිකන් කාරයා බිහිවුනේ සුද්දාගෙන්.සුද්දා සල්ලි කාරයෙක් වුනේ රටවල් වල ධනය හොරකම් කොරලා.ඒ හොරුන්ගෙන් පැවතෙන ඇමරිකන් කාරයා ලෝකයේ යුද්ද ඇති කොරලා ආයුධ විකුණලා,මිනිස්සු ලෙඩ කොරලා ඉන් බෙහෙත් විකුණලා , ලැබුණු ආදායමෙන් තමයි සල්ලී කාරයෙක් වුනේ..ඕක ඕන මෝඩ තිරිසනෙක්ට කරන්න පුලුවන් දෙයක් . ඕක මහ හපන්කමක් නෙමේ.පව්කාරකමක් .

    කාර්මික විප්ලවයට හේතු වුනේ ෆ්‍රෑන්සිස් බේකන් විසින් ලියපු පොත් හරහා එන්ගලන්තයේ ඇති වුනු සමාජයේ ආකල්පමය ප්‍රබොදය.
    සියල්ලට හේතුව මනස බව බුදුන් පවා කිව්වා.ඒ තියරිය තමයි බේකන් කාරයා කලේ.

    ඔය වගේ ආකල්ප වෙනසක් මෙරට සක්විති රාවණ ශිෂ්ටාචාරය ගොඩගත්තොත් ඇති වෙනවා.කොන්ද කැඩුනු හීනමානෙන් පෙලෙන පිටරට සරණ යන තෝවගේ සින්හලයා නැගිටලා ඇවිත් ඉන්දියාවටත් අභියෝග කරන මට්ටමට එනවා.ඒකට ඒරටවල් වගේම ඇමරිකාවත් කැමති නෑ.මොකද ඇමරිකා CIA කාරයෝ දන්නවා මෙරට මිනිස්සු ගොඩක් හිතවත් චීන්නුන්ට කියලා .

    අනික ඉතිහාසයේ රාවණ ශිෂ්ටාචාරය වර්තමාන ලෝකයටත් වඩා දියුණු මට්ටමක තිබ්බා.ඒ දෑණුම හොයා ගත්තත් මේ ලෝකය උනත් පෙරලන්න පුලුවන් . ඒකට ඇමරිකාව බයයි .ඒකයි මේ වගේ බලපත්‍ර අහෝසි කරන්නේ .
    :angry::angry::angry:
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සුද්දාගේ තාක්ෂණේ දීයුණුද කියලා පල්ලෙහා තියන ලිපිය කියවලාම බලපල්ලා...:cool:

    43154603_1442229692587592_5760447263092506624_n.jpg
    ඉතින් ඔබතුමා අපිට කියලා දෙන්නකෝ රැට සුද්දගේ තාක්ශනේ නැතුව රාවණාගේ තාක්ෂනෙන් ඉන්ටනෙට් එන විදිය. ඔබතුමා දැන් පරිහරණය කරන උපකරණ එහෙම සුද්දගේ තාක්ෂනය ද? රාවණාගේ ගැජට්ද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් දි⁣ගින් දිගටම පලි ගන්නා අදිසි හස්තය එතුමාගේ කැණීම් බලපත්‍රය අහෝසි කරයි..පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුලම සිටින දේශපාලන හෙන්චයි අදිසි හස්තයන් වඩා ශක්තිමත් වන්නේ යහපාලන ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතිය හරහා බව නොරහසක්..ජාතියේ සැබෑ ඉතිහාසය සොයා අන්ත දුෂ්කර පුරාවිද්‍යා පර්යේෂණ කරමින් රටට අනාගත දරුපරපුරට අවශ්‍යය දැනුම සම්පාදනය කරන එතුමා වැනි ශ්‍රෙෂ්ඨයන්ගේ දෑත් බැඳදමා නිහඬ කරවීම මොන තරම් අපරාධයක්ද? තීරණය ඔබ සතුයි..
    :angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතින් ඔබතුමා අපිට කියලා දෙන්නකෝ රැට සුද්දගේ තාක්ශනේ නැතුව රාවණාගේ තාක්ෂනෙන් ඉන්ටනෙට් එන විදිය. ඔබතුමා දැන් පරිහරණය කරන උපකරණ එහෙම සුද්දගේ තාක්ෂනය ද? රාවණාගේ ගැජට්ද?

    ඒවා හොයන්න තමයි රාජ් සෝමදේව වගේ අය ඉන්නේ.ඒකට උඹේ යහපාලන පාදඩ ආණ්ඩුවෙන් ඉඩ දෙන් නෑනේ..:angry:අනික තොපිලා ලන්කාවේ නටබුන් සහ එහි තාක්ෂණය ගැන හෙවුවොත් නියම දැනුම හම්බවෙනවා.
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒවා හොයන්න තමයි රාජ් සෝමදේව වගේ අය ඉන්නේ.ඒකට උඹේ යහපාලන පාදඩ ආණ්ඩුවෙන් ඉඩ දෙන් නෑනේ..:angry:
    ඒවා හොයාගන්නකන් මම සුද්දගේ තාක්ශනේ යුස් කරන්නම් දෙයියෝ... මට සුද්දෙක් කිව්වා "ඩෝන්ට් ලුස් ප්ලක්ට් ස්පිනැච් ෆෝ රනින් ඩියර්ස්" කියලා...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒවා හොයාගන්නකන් මම සුද්දගේ තාක්ශනේ යුස් කරන්නම් දෙයියෝ... මට සුද්දෙක් කිව්වා "ඩෝන්ට් ලුස් ප්ලක්ට් ස්පිනැච් ෆෝ රනින් ඩියර්ස්" කියලා...

    රෝමෙට ගියාම රෝමන්කාරයෙක් වගේ ඉන්න එපැයි.එහෙම නොයින්න මෝඩයා කවුද ?:angry:එහෙම හිටියයි කියලා රෝමන්කාරයාගේ දේවල් පිලිගන්න කියලා නීතියක් නෑ .:angry:
     
    Last edited:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ත්‍ර්ඩ් එකට අදාළ නැහැ. එත් පොඩියට කතා කරමු මාතෘකාව ඇදිලා ආව නිසා. ඇත්තම බන් ඔය ඉතිහාසයක් නැති අමෙරිකන්කාරයෝන්ගේ වර්තමාන කෙරුවාව 2500ක ඉතිහාසයක් තියන ලංකාව වගේ රටකට බලපාලා තියන විදිය බලපුවහම හිතෙන්නේ නැද්ද අවුලක් තියනවා කියලා. අපි ඔලුවෙන් හිටන් කෑගැහුවත් අද ලංකාවේ තියන ආර්ථික අර්බුදය වෙන මොකවත්ම නෙමෙයිනේ.. ඔය ඉතිහාසයක් නැති උන්ගේ ඉකනොමි එක පට්ටා ස්ටෙඩි වෙන එකනේ.. ඉතින් ඇත්තටම ඉතිහාසය දැන් කන්නද කියලා අහපු උනුත් මේ රටේ හිටපු එකේ. ඇත්තටම ඕක වැඩක් තියෙන වැඩක්ද? ඊට නරකද තව අවුරුදු 50ක් 60ක් යනකොටවත් ගොඩයාගන්න විදියක් ගැන මේ උගතුන් එක්ක සාකච්චා කලොත්/.

    තවත් ජාතිය,ඉතිහාසයට ගරහන වෙන්ඩ පොශ් ලාන්කිකයෙක් බව කරුනාවෙන් සලකන්න