මේ රාජිත රදවලා ඉන්න තෑනම තමා රම්සි රාසික් කියන පුද්ගලයත් රදවලා ඉන්නේ. ඔහුව රිමාන්ඩ් කරන්නේ ICCRP පනත යටතේ. ඒතකොට රාජිතයි මේ කියන කෙනයි තව පිරිසකුයි රිමාන්ඩ් කරලා ඉන්නේ එකම තෑන. පහල තියෙන්නේ එතෑන ගෑන රම්සි ගේ හිතවතුන් කරලා තියෙන ප්‍රකාශ. මේ අනිත් අය දේශපාලකයෝ නෙමේ. ඒ අයවත් වෙනදා යවන රිමාන්ඩ් බන්දනාගාරෙට යවලා නෑ කොවිඩ් හින්දා හෝ ඔවුන්ගේ පවතින රෝග හින්දා. ඒවා තීරණය කරන්නේ බන්ධනාගාරය. සමහරුන්ට දිව්‍ය ලොකේ අමෘතේ දුන්නත් පොඩ්ඩක් ඈඹුල් කියනව ලුනේ. හෑම දේකම අඩුවක් මිසක හොදක් පේන්නෙම නෑ
අප්‍රේල් 18 වැනිදා මීගමුවේ පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ (ගම්පහ දිස්ත්‍රික්කයේ) රඳවා සිට නිදහස් වූ තවත් පුද්ගලයෙක් වාර්තා කළේ රම්සි රඳවා සිටින්නේ ද එම රැඳවුම් මධ්‍යස්ථානයේ බව සහ අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ ප්‍රවේශවිය හැකි (කොමඩ් එකක් සහිත) වැසිකිළි පහසුකම් නොමැති වීම සහ සනීපාරක්ෂක නොවන තත්වයන් හේතුවෙන් රම්සි ඉමහත් කරදරවලට මුහුණ පාන බවත් ය. නිදහස් වූ පුද්ගලයා රැඳවුම් පහසුකම්වල සෙනග වැඩිපුර සිටීම, වැසිකිළි අඩුවීම, සහ අවුරුදු 18ට අඩු සිරකරුවන්, වැඩිහිටි සිරකරුවන් සමග එකට සිටීම ගැටළු ලෙස මතු කළේය. එහි සිටි අත්අඩංගුවට ගත් බොහෝ අය මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරැදි කළ අයය. රැඳවියකු ජේලර්වරයකු විසින් තදින් පහර දීමට ලක් වෙනු ඔහු දුටු අතර ඔහු ප්‍රකාශ කළේ එවැනි සිදුවීම බහුල බවය. මෙම කාරණා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවධානයට අප්‍රේල් 18 වැනිදා යොමු කරන ලදී.
රාජිතව එතනට ගෙනියන්න හේතුව දක්වන බන්ධනාගාර නිලධාරීන් කියන කතාව
රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කොට තිබූ වෛද්‍ය වාර්තා සහ ඔහුගේ ආරක්ෂාව සලකා බැලීමෙන් පසු මෙම කාමරයේ රඳවා තැබීමට පියවර ගත් බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.