අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නෑත, මේවා ගෑන කතාකිරීම පවා ඈතිකරන්නේ හිසරදයක් සහ කලකිරීමක් පමනි.
මෙතුවක් කලක් මහින්ද මාමාට සහය දෑක්වුවෙමි. කිරියේ නූල් දමා බෑනගත්තෙමි. නමුත් ඉවසීමේ සීමාව පෑන ඈත. එක රෑයෙන් මිල 20% ක් වෑඩිවන රටක උද්දමනය 3.8% ක් පමනි. ලොල්ය, උද්දමනය හදන අපිටත් නොතේරෙන ලොක්කාට තේරෙන සූත්‍රය මොකක්ද යන්න ගෑටලුවකි!. CCPI හදන්න ගන්නේ ශිරන්ති නෑන්දාගේ බඩු මල්ලද කියා විටෙක සිතේ. මේ සියලුම පීඩාවන් ඔබත් මමත් අයත් වන මද්යම පන්තියට පමනි, මද්යම පන්තිය තුරන් වු රටක අනාගතය ගෑන කවර කතාද.!
මේ ආන්ඩුවට මින් පසු සහාය නොදක්වමි. නමුත් දෑවෙන ප්රශ්නය නම් උන්ට නොදී දෙන්නේ කාටද යන්නය! පොනිල්ටද? මෝඩවන්ශටද? ලොල්ය!